ජනතාව අපේ ආණ්ඩුව එලවලා කරගත්තේ මෝඩ වැඩක්.. දැන් ඉගුරු දී මිරිස් ගත්තා වගේ.. එන ඡන්දෙන් අපිටම යලි බලය දෙන්න..

February 29, 2020 at 3:26 am | lanka C news
ජනතාව අපේ ආණ්ඩුව එලවලා කරගත්තේ මෝඩ වැඩක්.. දැන් ඉගුරු දී මිරිස් ගත්තා වගේ.. එන ඡන්දෙන් අපිටම යලි බලය දෙන්න..

නව ආණ්ඩුව බලයට පත්වී මාස 03ක් ගතවී ඇතත් ජනතාවට ලබාදුන් ලොකුම සහනය පාන් මිල රු.5කින් අඩුකිරීම පමණක් යැයි පා.ම.ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

යහපාලන ආණ්ඩුව දුෂ්කරතා මධ්‍යයේ වුවත් ජනතාවට දැනෙන සහන රැුසක් ලබාදුන් බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මහනුවර, බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති දානමය වැඩසටහනකට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මන්ති‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කළේය. හිටපු මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් සිදුකළ සුවිශාල සේවය අගයා මන්ති‍්‍රවරයා වෙත උපහාර තිළිණයක්ද මෙහිදි පිරිනැමිනි.

අනතුරුව මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා,

මේ රජය බලයට පත්වෙලා දැන් මාස 03කට වැඩි. මේ අය එක වැඩක් කළා. ඒ තමයි පාන් ගෙඩියක මිල රු.5කින් අඩුකළා. මේක තමයි කරපු ලොකුම කි‍්‍රයාව. ජනතාවට මතක ඇති අපේ ආණ්ඩුවේ දින 100 කාලය. අපි ඉන්ධන මිල අඩුකළා. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළා. සමෘද්ධි සහනාධාරය දෙගුණ කළා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් ඇතිකළා. අපි මන්ති‍්‍රවරු 45ක් තියාගෙන තුනෙන් දෙකේ බලය අරන් ව්‍යවස්ථාවත් සංශෝධනය කළා. මේ වගේ අපි නිසි කළමණාකාරිත්වයෙන් වැඩකරලා පෙන්නුවා. ඡුන්දේ කාලේ අපි ජනතාවට කිව්වා මේක වෙනවා කියලා නමුත් විස්වාස කළේ නැහැ. අපිට මොන අමාරුකම් තිබ්බත් බඩුමිල පාලනය කරලා, වැටුප් වැඩිකරලා, පාසල් දරුවන් රක්ෂනය කරලා විශාල වැඩකොටසක් කළා. ජනතාවට වුණේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. ජනතාවට මේක දැනෙන්න ඕන. ඉදිරි මැතිවරණයේදි මේ තත්වයන්ට ජනතාව පිලිතුරු දේවි කියා අපි විස්වාස කරනවා.

මෙහිදි මාධ්‍යවේදින් විසින්, යහපාලන ආණ්ඩුව භාණ්ඩාගාරය හිස්කොට නව රජයට භාරදුන් බවට ආණ්ඩුව කරන චෝදනා පිලිබඳව විමසා සිටියා.

අපි අතුරු සම්මත ගිණුමක් හරහා මුදල් වෙන්කළා ලබන අපේ‍්‍රල් මාසය වෙනතුරු රජයේ වියදම් සඳහා. සංවර්ධන කටයුතු, සේවක වැටුප්, ණය ආදි සිය`එ දේවල් වලට මුදල් වෙන්කරලයි අපි ආවේ. ඉතින් මේක භාණ්ඩාගාරයේ ප‍්‍රශ්ණයක් කියලයි මට හිතෙන්නේ. මොකද භාණ්ඩාගාරයේ සමහර නිලධාරින් මේ ආණ්ඩුවට තිබෙන මුදල් පෙන්නන්නේ නැහැ. ඒවා හංගනවා. රජය මේ පිළිබඳව සොයා බැලිය යුතුයි. අපි භාණ්ඩාගාරය හිස්කළානම් කොහොමද අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේ.

නව රජය ජිනිවා මානව හිමිකම් කොමිසම සඳහා සම අනුග‍්‍රහය දැක්වූ යෝජනාවෙන් ඉවත් වීම පිළිබඳවද විමසා සිටිමේදි ලබාදුන් පිළිතුර.

අපේ ආණ්ඩුව ජාත්‍යන්තර ප‍්‍රශ්ණවලදි ඒ අයත් එකක් සාකච්චා කරලා අපි ඒක කළමණාකරණය කරගත්තා. ඉවත් වෙන එක බොහොම ලේසි වැඩක්. ඉවත් වෙන එක නෙමෙයි කරන්න ඕන ඒ අයත් එක්ක සාකච්චා කරලා සංශෝධනය කලයුතු වගන්ති තිබෙනවානම් ඒවා ඉවත් කරගන්න කටයුතු කීරීමේ වැරැුද්දක් නැහැ. සම්පූර්ණ යෝජනාවෙන් ඉවත් වෙනවා කියන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයට විරුද්ධව ගත් පියවරක් ලෙසයි සැලකෙන්නේ. ජාත්‍යන්තරය සමඟ අමනාප වුනොත් ඇතිවන ඵලවිපාක ගැන අපි කවුරුත් හොදින් දන්නවා.

මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය පිළිබඳවද මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා.

පක්ෂයේ කිසිම අවුලක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් සන්ධානය පිළිගත්තා. ඒ වගේම හංසයා ලකුණ යටතේ තරඟකරන්නත් එකඟ වුණා. ඉතින් දැන් තියෙන්නේ ඒ කටයුතු නීත්‍යානුකූලව සිදුකරන එක. ලකුණ පිළිබද කිසිම ගැට`එවක් නැහැ. අපිට ලකුණු ගොඩක් තිබෙනවා. අපට ලැබෙන ආරංචි අනුව ලබන 02වනදා පාර්ලිමේන්තුව විසුරුවාහරියි. අපි හොඳ සූදානමකින් ඉන්නවා ජයග‍්‍රහණය කරන්න.

– midea unit

10,949 Viewers

23 Comments to “ජනතාව අපේ ආණ්ඩුව එලවලා කරගත්තේ මෝඩ වැඩක්.. දැන් ඉගුරු දී මිරිස් ගත්තා වගේ.. එන ඡන්දෙන් අපිටම යලි බලය දෙන්න..”

  1. Boo says:

    අනේ අපි නං ආන්ඩුව හදලා මාස තුනෙන් මහ බැංකුව කොල්ල කාලා අපි අපි බෙදාගෙන රට හදන්න පටන් ගත්තා.

    ඊට පස්සෙ අපේ අපේ ඇට ගෙවිලා නිසා අපි කෝටි 400 කාර් ගත්තෙ අම්මපා ඔහෙලාට සේවෙ කොරන්ඩමයි.

    ආයෙ අපිට දෙන්න, අපි ආපහු MCC එක ගෙනෙල්ලා මේක ඇමරිකාවක් කරලාමයි පස්ස බලන්නෙ, නැතුව පස්ස බලන්නෙ පස්ස ගොන්ජාගෙන් බේරගන්න නෙමෙයි.

    එතකොට අපේ අයට වියදම් කරගෙන ඇමරිකාවට යන්න ඕනෙ නෑ. ඒ වෙනුවට ඇමරිකන් කාරයෝ පෝලිමේ ඉඳියි මෙහෙ එන්න, ඇවිත් අපේ නංගිලාට සේවෙ කරන්න.

    අනේ අපිට ආයත් දෙන්නකෝ…..

  2. Nadaal says:

    Thia man must be deaf and blind or outright stupid. The current government gave us enough incentives during this 3 months before the reduction of 5/- from bread. Just shut up and wait until they finish their 5 years term.

  3. Gini says:

    Go home and take a break.

    • kawinda says:

      amma appa dunnu namath wenas karaganna puluwan minihekugena monawa balaaporoththu wennada..? kaalayak ranilata. den sajiyata. heta thawa ekekuta. merenakam ohoma thama..

  4. අපි යූඑන්පී says:

    එජාපයෙ කට්ටිය වෙස්මුහුණු බැන්දට ඇතුලෙ ඉන්නෙ පෝට් සිටිය වහල විශාල පාඩුවක් කර ගෙන පස්සෙ ඇරිය වගේ කුහක වැඩ කල පරන චරිතමය්.

  5. ඇලෝසියස් says:

    ඕන ගොනෙකුට ඕක කියන්න පුළුවන්, ඒ උනාට ජනතාව තව දුරටත් ගොන්නු නෙමෙයි කියාලා මේ ගොනාට තේරෙන්නේ චන්දෙන් පස්සේ දවසේ,

  6. DeeCee says:

    නුවර අපිට ඔබතුමා කරපු දෙයක් කියනවද කරුණාකරල,,,, ඔබතුමා තමයි නුවරට පත්වෙච්ච ප්‍රබලම ඇමති මොන පක්ෂෙන් උනත්,,,

    • Kadiya says:

      මූ මොකෙක්ද? අමතකද A.C.S. හමීඩ් , E. L. සේනානායක, අනුරුද්ධ රත්වත්තේ මොන තරම් බලවත් ඇමැතිවරුද? ඒ වගේම රට පිළිගත් නායකයෝ. මූ මොකෙක්ද? ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය දැඩි ලෙස යනවෙලාවේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු ගොනෙක්, මධ්‍යම අධිවේගෙන් හොඳට ගහපු හොරෙක්, රට හිනස්සන්න ගොන්කතා කියන ගොනෙක්. වෙන මොකෙක්ද?

  7. Sun says:

    No sense of what he is talking about. Blank head politician who needs reconditioning of the head to understand politics in the island. Otherwise you cannot see the reality from your blank head mr.

  8. නිලමේ says:

    මහ බැංකු මංකොල්ලය මත්තල වි ගබඩා කිරිම පෝට් සිටිය වැඩ නැවතිම පලාත්අ පාලන මැතිවරනයෙන් මගහැරිම අවසානේ පල්ලිවලට
    හා හෝටල්වලට බෝම්බ තැබිම

  9. Pinpiyo says:

    Air ban kiyapan Dina 60 ngemak Dunna bawat

  10. කිරිමෙල් says:

    අනේ ගොනා ජනතාවට මෝඩයෝයැ’යි කියන හැටි විතරක්.

  11. Karuna says:

    Awulak na gedatta wela hitpn…apita thawa bomba kanna ba

  12. Lamaka says:

    මුන් රට‍ කාලා තව පාරක් දීපල්ලා ඉතරි ටිකත් කන්න

  13. ANALYST says:

    The people feel this goverment ‘s two following praiseworthy things executed recently are quiet sufficient not to deviate from them. The most wisest step is their decision not to sign American MCC pact.We could see how Robert Blake’s had tried to punish our war heroes for the reason ,our brave leader Mahinda did not agree to stop the war during the final stages of the war,when Prabhakaren was about to capture.Had this type of pacts signed with them ,it would only be a dream to take such actions on our own for well being of the Nation.
    Next one is withdrawing from co_sponsoring 30/1 and 40 / 1 Genva resolutions ,which had been brought by America to take the revenge for not obeying ,based on fabricated allegations from TNA, Tamil Diaspora etc. Act wisely.

  14. මෝලංගිරියා says:

    ඔව් ඔව් ඔව්….. ඒකනම් ඔව්ම තමයි…! අනේ පලයං යන්න හිපාටු පෙන්දා..

  15. Nuwan says:

    Any fool can say that !

  16. 77 UNP says:

    තොපේ කාලකන්ණි, දේශද්‍රෝහී 19 සංශෝධනේ අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි නිසා වෙලා තියන අවුල තමයි අපට තියෙන ප්‍රශ්නේ. නොවැම්බර් 16 පස්සේ රට ගොඩයන පැත්තට තමයි හෙමින් හෙමින් හෝ යන්නේ. තොපි අවුරුදු හතරහමාරක් කාපු රට මේ විධියට හරි තියෙනෙක වාසනාවක්. තේරුනාද ගොනෝ?

  17. රජරැටියා says:

    අනේ කිරි අයියේ දැන් බණක් බාවනාවක් කොරගෙන හිටහං. ආයෙමත් මහා සභාවට ඇවිත් අපි ආණ්ඩුවට ගෙවපු බදු සල්ලි ටිකෙන් කාලා බීලා විකාර කතා නොකර.

Main News