ජනතාව අමාරුවේ වැටිලා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති එක්වී රට ගොඩ ගනීවි…

October 15, 2021 at 4:40 pm | lanka C news
ජනතාව අමාරුවේ වැටිලා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති එක්වී රට ගොඩ ගනීවි…

දිනපතා ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ජනතාව අමාරුවේ වැටී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

අඩු ආදායම්ලාභී ජනතාවට වහාම සහන ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

මුදල් ඇමතිතුමන් මේ සම්බන්ධව සලකා බලා ඉදිරි අයවැයෙන් අඩු ආදායම්ලාභි ජනතාවට සහනයක් සැලසිය යුතු බවද ඔහු කියා සිටියේය.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම වැඩි නොවුන වියදම වැඩි වී ඇති නිසා ඔවුන් ඉතාම පහල අඩියකට වැටී බරපතළ ප්‍රශ්නකාරී තත්වයකට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

තවත් මාස හයක් පමණ යන විට රට තත්වයට හොඳ අතට එනු ඇතැයි ද පැවසූ ඔහු ජනාධිපති අගමැති හා මුදල් ඇමති එක්වී රට ගොඩ ගනු ඇතැයි දැඩි විස්වාසයක් ඇති බවද කියා සිටියේය.

කොළඹ මේ මාධ්‍ය අමතමිනි මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

10,365 views

7 Comments to “ජනතාව අමාරුවේ වැටිලා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති එක්වී රට ගොඩ ගනීවි…”

  1. Aurora says:

    බුරුවො ජනතාව අමාරුවේ වැටුණේ භාණ්ඩ මිල ඉහළ යාමෙන් නොවේ. 2018/19/20 මේ පොහොට්ටු නීලකාස හොරුන්ට රැවටිලා චන්දෙ දුන්න නිසා. භාණ්ඩ මිල ඉහළ යාම සාටකයන්ගේ හොරකමේ, මෝඩකමේ සහ උද්ධච්ජකමේ ප්‍රථිපලයයි.

  2. සිංහල බන්ඩා says:

    සිංගප්පූරුවෝ වැඩ කරල රට ගොඩ ගියා. අපේ උන් වැඩ නොකර සහන අරන් ගොඩ යනවා. රටට හරි යය්ද?

  3. සිංහල බන්ඩා says:

    සිංගප්පූරුවෝ වැඩ කරල රට ගොඩ දැම්මා. අපේ උන් වැඩ නොකර සහන අරන් ගොඩ යනවා. අපේ රටට හරි යය්ද?

  4. Bogambars says:

    We fell in this shit because of the very same 3 muskertiers who are corrupt to the hilt

  5. අබරං ආතා says:

    මුන් තමයි ඔරිජිනල් පක්කලියෝ. වොයිස් කටි දෙනව ලොක්කගෙ ලබිබට තවත් බලාපොරොත්තු තියාගන්න. මිනිස්සු දැන් මෙි කතා වලට රැවටෙන්නෑ. මහ එකා කොලේ 2005 ඉදන් 2014 වෙනකමි. රට දියුනු උනාද? මාස හයක් ගියාම කන්නාඩියක් ඉස්සරහට ගිහින් සරම උස්සගෙන බලපං, දියුණු වෙචිච තරම පෙනෙයි තොට.

  6. 3% ට බය බයියා. says:

    69 ලක්ෂය නම් තුන් වේල හොදට කාලා බීලා ණය නැතුව ජීවත් වෙනවා .

  7. SAMAN says:

    බුරුවො ජනතාව අමාරුවේ වැටුණේ භාණ්ඩ මිල ඉහළ යාමෙන් නොවේ. 2018/19/20 මේ පොහොට්ටු නීලකාස හොරුන්ට රැවටිලා චන්දෙ දුන්න නිසා. භාණ්ඩ මිල ඉහළ යාම සාටකයන්ගේ හොරකමේ, මෝඩකමේ සහ උද්ධච්ජකමේ ප්‍රථිපලයයි.