ජනතාව ආණ්ඩුවට 2/3 දීම අවාසනාවත්.. අපට පාර්ලිමේන්තුවේදී 20 පරදවන්න බෑ…

September 18, 2020 at 3:50 pm | lanka C news
ජනතාව ආණ්ඩුවට 2/3 දීම අවාසනාවත්.. අපට පාර්ලිමේන්තුවේදී 20 පරදවන්න බෑ…

වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව විසින් ලබාදීම අවාසනාවන්ත තත්ත්වයක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඒ තත්වය මත විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීමට නොමැකි බවද ඔහු පවසයි.

නමුත් මෙම සංශෝධනයට විරුද්ධව ජනතා විරෝධයක් ගොඩනඟන බවත් දැනටමත් ජනතාව ඒ ගැන තේරුම් ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු ඔඩුගෙඩි වැඩිපුර තිබුණාට ජනතාව එපා කියන දෙයක් ගෙන ආවොත් ආණ්ඩුවට අවාසිදායක බවද ඔහු කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

24,944 views

7 Comments to “ජනතාව ආණ්ඩුවට 2/3 දීම අවාසනාවත්.. අපට පාර්ලිමේන්තුවේදී 20 පරදවන්න බෑ…”

  1. අල්ලා says:

    ඔයාලට දුන්නා නම් මෙලහට සුදු කොඩි දාන්න වෙලා…

  2. 😅😅😅😅😅😅 says:

    20 පරදවන්න 20යි30වත් බැරිය..!

  3. kkuruwita says:

    අවාසනාවක් ? කාටද ? අනේ ජනතාවට නම් එහෙම එකක් දැනෙන්නේ නැහැ.මේවා මේ මහත්තයා හිතින් මවා ගත්ත කතාන්දර.

  4. Lebbe says:

    Ubala kujitha 19 pliganna gena kota mukuthma penune naha. Maha bankuwa kolla kana kota babala neda.

  5. හිටං says:

    කලවැද් ජනතාවට ඔයාගෙ මතෙ වැඩක් නැහැ …ඔයාගෙ 3න් දෙක වැඩද..

  6. අනේ ගොනෝ says:

    අපි ආණ්ඩුවට 2/3 දුන්නෙ 20 සම්මත කරන්න මිසක් රට කාපු 19ය රකින්න නෙමෙයි. ඔහෙලා පව් නොදී පාඩුවෙ ඉන්නවාලා

Main News