ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිවුවොත් අවාසියි..

October 20, 2021 at 4:40 pm | lanka C news
ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිවුවොත් අවාසියි..

අද වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් සිටින නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

එනිසා ජනතාවට සහන දී කබලෙන් ලිපට වැටීම වළක්වා ගැනීමට මුලින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

එමෙන්ම පලාත් සභා මැතිවරණයට අදාල පනත් සංශෝධනය කල යුතු බවත් එම කටයුතු සඳහා තවත් මාස හත අටක් යනු ඇති බව ද ඔහු කියා සිටී.

එම කාලය වන විට ආණ්ඩුව ගන්නා ලද බොහෝ ක‍්‍රියාමාර්ග සමග ජනතාව එකතු වනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඉන්පසුව මැතිවරණයකින් ජය ගැනීමට හැකිවනු ඇති බවත් එසේ නො සිතා හෙටම ඡන්දය තියන්න පැවැත්වීම කල නොහැකි සේම පැවැත්තුවොත් ආණ්ඩුවට අවාසි බවද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

13,204 views

12 Comments to “ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිවුවොත් අවාසියි..”

  1. Saleem says:

    බව වෙන්න දෙයක් නෑ. කොහෙ හරි බෝම්බයක් දෙකක් පුපූරවල තම්බිලට ඒක බැර කරල අරක්කු බෝතලයක් එක්ක අතටත් දෙදාහ ගානේ දීල ජාතික ආරක්ෂාවට රාජෆක්ල බලයට ඒම අනිවාර්යයි කියපු ගමන් මේ කැවුම් කන මෝඩයො පේලියට ඇවිල්ල ජන්දෙ දෙයි. අවුරුදු හැත්තෑවක්ම වෙන්නේ ඕකනෙ