ජනතාව ඇදිරි නිතිය බිද දමති… වෙලදසැල් විවෘත කරති.. නගරවල රථ වාහන විශාල වශයෙන්..

August 30, 2021 at 3:00 pm | lanka C news
ජනතාව ඇදිරි නිතිය බිද දමති… වෙලදසැල් විවෘත කරති.. නගරවල රථ වාහන විශාල වශයෙන්..

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය විසින් ලබන මස (06) දින දක්වා නිරෝධායන ඇදිරි නිතිය පැනවුවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන ආකාරය අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය , හැටන් , නොර්වුඩ් යන නගර වල ඇතැම් ව්‍යාපාරිකයන් වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කරන අතර , එම නගර වල විශාල වශයෙන් රථ වාහන ගාල් කර තැබෙන ආකාරයක්ද අප කැමරාවේ සටහන් විය.

එම නගර වල රාජකාරි කටයුතු සිදු කරන පොලිස් නිලධාරින්ද නිරෝධායන ඇදිරි නිතිය නිසි ලෙස පවත්වාගෙන නොයන ආකාරයක්ද දක්නට ලැබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

77,026 views

28 Comments to “ජනතාව ඇදිරි නිතිය බිද දමති… වෙලදසැල් විවෘත කරති.. නගරවල රථ වාහන විශාල වශයෙන්..”

  1. NuwanJ says:

    ආණ්ඩුව රට වහන්නෙ නැ කියල පහුගිය දවස්වල බලෙන් රටවහන්න කුමුදේස් සෙට් එක ලොකු ⁣සද්දයක් දැම්මනෙ.
    දං කිසි කතාවක් නැ ඒ ගැන නිති නොතක රස්තියාදු ගහන කඩ අරින අයට දැංං ඒ සද්දෙ දාල රටවහල තියන එක සාර්ථක කරගන්න වැඩ කරන්න පුලුවන්.
    ඒකෙන් පේනව එයාලටත් ඔන මෙව හරයට වෙන්න නෙවෙයි ආන්ඩුව මට්ටු කරන්න විතරයි

  2. nimal says:

    yako itin hodai ne meka okkoma wahala tiyala hari yanne nane… ape pathe ehemai. oni kada open ethkota aputa ewagin badu ganne puluwan.. anith rata walath eheme thama wenne.. okkoma wahama gewal athule idan inne kota kauda apita kanne bonne denne.. 5-6km giyata kamak na hama ratak ma e vidihata thama lock down keranne. dan meka mechera wahala tiyalath covid pathiyenekota me vidihata hari lock down kerepu eke age kerepan.

    Habai day to day hamba keren minisunta thama meken pahra wadinne

  3. Rasika says:

    දැන් ආණ්ඩුව ලොක් ඩවුන් කරන්නෙ නෑ කිව්ව.මිනිස්සුන්ට තමන්ම ලොක්ඩවුන් දාගන්න කිව්ව. දැන් මේවායින් මැරෙන්නෙ කව්ද. පුලුවන් තරම් තම තමන් පරිස්සමට නොවුනත් අන්තිමට කාටද පාඩුව

  4. කෝවිඩ් says:

    මෝඩ මිනිස්සු ඉන්නතාක් කෝවිඩ් නැතිකරනවා බොරු

  5. මාර්ටින් says:

    අනේ මේවගේ කීවා නාහන එවුන් මැරෙන්නම ඕනෙ නම් වෙන විදිහකට මැරියල්ලකො ලෙඩේ පතුරලා මැරෙන්නෙ නැතුව

  6. JR says:

    ඕක තමයි කිව්වේ…. රට නෙමෙයි කට වහගෙන වැඩ කරපල්ලා…

Main News