ජනතාව ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්… ජනාධිපති ඒ ආකාරයට රට කරගෙන යනවා..

February 16, 2021 at 6:48 pm | lanka C news
ජනතාව ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්… ජනාධිපති ඒ ආකාරයට රට කරගෙන යනවා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත් වන ජනතාවගේ ජල අවශ්‍යාතාවය සපුරාලීම පිණිස ඓතිහාසික හස්තිශෛලපුර වාරි කර්මාන්තයේ සමාරම්භය සනිටුහන් කරමින් වයඹ මහ ඇල ව්‍යාපෘතියේ මහකිතුල සහ මහකිරුල ජලාශ ඉදිකිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 16 වන දින පොල්පිතිගම ඉරුදෙනියාය කෝන්ගහ හන්දියේ දී සිදුකෙරිණි.

වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය යටතේ කි.මී. 88.96ක් දිග ඇල මාර්ගයක් මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුල සහ මහකිතුල ජලාශ දෙකක් සහ කෙටි දිගින් යුත් උමං ජල මාර්ග දෙකක් මගින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව පවතින මහා වාරිමාර්ග 7කට සහ ග්‍රාමීය වැව් 326කට දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය 2024 වර්ෂය වන විට ලබා දීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 51,729ක් වැය වේ. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 40,000ක පමණ ප්‍රතිලාභ ලැබේ. යලමහ යන දෙකන්නයේම හෙක්ටයාර 12,000කට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය නිසා අස්වැද්දීමට හැකියාවක් ලැබේ. වයඹ පළාතේ තුළ පවතින වකුගඩු රෝගය සඳහා ද හේතු වන උග්‍ර පානීය ජල ගැටලුවට මෙමගින් පිලියම් ලැබේ. වයඹ ඇල ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ සහ කුඩා වැව්වලට ජලය ලැබෙන බැවින් මිරිදිය මත්ස්‍ය වගාව දියුණු වේ. ප්‍රදේශයේ භූගත ජල මට්ටම මෙම නව ඇල ව්‍යාපෘතිය මගින් ඉහල යයි. ව්‍යාපෘති බල ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධාන වැව් 07කට හා කුඩා වැව් 326කට දෙකන්නයේ ගොවිතැන් කටයුතු සඳහා ජලය සැපයීම මෙමගීන් අපේක්ෂා කරයි.

මෙහිදී අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා…

අද මම සතුටු වෙනවා අග්‍රාමාත්‍යතුමා සහ වාරිමාර්ග ආමාත්‍යතුමා මෙම මහකිතුල සහ මහකිරුල ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පැමිණීම ගැන. දැනට මාස එකහමාරකට පමන පෙර ගරු අග්‍රාමාත්‍යතුමා මේ ඉරුදෙණියාය ගම්මානයට පැමිණ වසර 30ක් තිස්සේ නොවිසදුණු ඉඩම් ප්‍රශ්නයට විසදුම් ලබා දුන්නා. එදා අග්‍රාමාත්‍යතුමා මෙම ඉරුදෙණියාය ගමේ ජනතාවට පොරොන්දුවක් දුන්නා වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යතුමා සමග සාකච්ඡා කර කඩිනමින් ආරම්භ කරන බවට. එදා දුන් පොරාන්දුව අද යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවා. රටේ ජනතාවට රාජපක්ෂවරු පිළිබදව ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි 2015 පැරදුණු මහින්ද මහත්තයාව වසර හතරහමාරක් යන්නට පෙර නැවත රටේ අග්‍රාමාත්‍යතුමා බවට පත් කලේ. මහින්ද රාජපක්ෂ මැතිතුමන් කිසිම දිනක මේ රටේ ජනතාව මුලා කලේ නැහැ.

මට මතකයි ගාමිණී දිසානායක මැතිතුමා 1993 මහව ක්‍රිඩාංගනයට පැමිණිලා පැවසුවා කිසිම කෙනෙකුට මේ වයඹ පළාතට ජලය ලබා දෙන්න බැහැ. එහෙම දෙනවා නම් දෙන්න වෙන්නේ කුප්පියකට අරගෙන ගෙනාවොත් තමයි. වෙන කිසිම කෙනෙකුට මේ වයඹ පළාතට ජලය ගේනෙන්නත් බැහැ. මෙහෙම තමයි එදා ගාමිණි දිසානායක මහත්තයා කිව්වේ. නමුත් අද මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම ප්‍රදේශයට මහවැලි ජලය පවා ලබා දෙනවා. එදා කවුරුත් අත නොගසපු දැදුරු ඔය වාරි ව්‍යාපෘතියද ආරම්භ කලේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. මේවා මේ දිස්ත්‍රික්කයේ ජනතාවට කිසිම දිනක අමතක වෙන්නේ නැහැ. චමල් රාජපක්ෂ මැතිතුමා එදා මේ ප්‍රදේශයට ඇවිල්ලා වාරි ව්‍යාපෘතීන් ආරම්භ කරද්දි ජනතා විමුක්ති පෙරමුණ එතුමාගේ වාහනය පවා උස්සන්න හැදුවා. රාජපක්ෂවරු මුල්ගල් තබලා එවා පැලවෙන්න හරින පවුලක් නොවෙයි. එම නිසා මෙම වාරි ව්‍යාපෘතිය වසර තුනහමාරකින් අවසන් කරනවා යැයි අපට විශ්වාසයි.

විපක්ෂය රටේ සංවර්ධන ව්‍යාපෘතින් අඩාල කිරිමට නොයෙකුත් කට කථා පතුරොවනවා. ඔවුන් දැන් පිස්සුවෙන් වගේ හැසිරෙන්නේ. දැන් ගහක් අල්ලගන උද්ඝෝෂණය කරනවා. ශ්‍රි ලංකාවේ අපි දැක්කේ බෝධීන් වහන්සේට විතරයි වන්දනාමාන කරන්නේ. දැන් විපක්ෂය ගස් වැල් වලටත් වදිනවා. ඔවුනට ඕනෑ කරන්නේ මේ රටේ සංවර්ධනය අඩාල කරවන්නයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට උපදෙස් ලබා දුන්නා ලංකාගම මාර්ගය පිළිසකර කරන්න. අපි එක ගහක්වත් කපන්නේ නැතිව එම මාර්ගය සංවර්ධනය කලා. නමුත් විපක්ෂය මුළු ලෝකයටම පෙන්නුවා අපි සිංහරාජ වනාන්තරයේ ගස් කපනවා කියලා. මේ හැම මඩ ප්‍රචාරයක්ම කරන්නේ ප්‍රේමදාස කල්ලිය සහ දිසානායක කල්ලියයි. ඔවුනට අවශ්‍ය වන්නේ රටේ සංවර්ධනය අඩාල කරන්නයි. ඔවුන් බලයේ සිටි කාලයේ මේ රටේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කලේ නැහැ. එම නිසා ඔවුන් අපේ සංවර්ධන ව්‍යපෘතින් අඩාල කරන්න පුදුම කැප කිරිමක් කරන්නේ. ඒකට හොදම උදාහරණයක් තමයි මේ ඉරුදෙණියාය ජනතාව. නාමල් කරුණාරත්න මේ ඉරුදෙණියායේ ජනතාව යොදා ගත්තේ කොළඹ උද්ඝෝෂණ වලට ගෙනියන්න, වනජීවි කාර්යාල වටකරලා ගිනි තියන්න. ඉරුදෙණියායෙදි ගරු අග්‍රාමාත්‍යතුමන් වල් අලි ගැටළුවට පිළියම් ලබා දුන්නා. නමුත් පසුවදා නාමල් කරුණාරත්නම පොස්ටරයක් ගහනවා අලි මංකඩ රැකදුන් නාමල් කරුණාරත්නට ස්තුතියි කියලා. අපි ජනතාවට වැඩ කරන්නේ සත්භාවයෙන්. නමුත් අපේ වැඩ වලින් ඔවුන් දේශපාලනය කරනවා. නාරම්මල බොරළු කන්ද නතර කලේ මමයි. විනාඩි පහෙන් මම නතර කරපු බොරළු කන්ද නාමල් කරුණාරත්න කරේ තියාගෙන ගියා.

ගෝඨභය රාජපක්ෂ මැතිතුමා දක්ෂ පරිපාලකයෙක්. රටේ ජනතාව ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. නාස්තියෙන්, දූෂණයෙන් තොර සංවර්ධනයක් කරා ගෙනියන නායකයෙක්. එතුමා රටේ ජනතාව බලාපොරොත්තු වුන ආකාරයට රට කරගෙන යනවා. එතුමා ගමට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න විසදනවා. ඒකට එතුමාට ගහනවා පැලට ගියා කියලා. ආණ්ඩුව නිවැරදි තැන තියාගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කටයුතු කරනවා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

17,807 views

19 Comments to “ජනතාව ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්… ජනාධිපති ඒ ආකාරයට රට කරගෙන යනවා..”

  1. Gon athal says:

    Dawal da… 🤣🤣

  2. Buddhi says:

    Yes. ස්කාගාර තව හදමින්

  3. Rama says:

    Yapahawwata wadak keruwe TB ekanayaka.. kurunegala kathawak tiyenawa.. TB ekanayaka ge manapa horakam karala eyawa paraddala..e wedanawen TB wa maragena.. joniya ge asanayatath wada yapahawwata bahala tiyenne oya asanaya ganna kiyala.. yapahawwa ta enna ona hoda bauddhayek..ehema nathnam katholika kese wethath ethonol ekek noweyi..game suada danna ekek..oka tamayi kurunegala minissu kiysna katha..

  4. Choon pan says:

    Forget about system change for good. It’s changed for worst since sir came to power. No control, environment is being raped worst than ever sky rocketing COL. no corona control…. not enough space to list it down. Country is fast becoming a shit hole.

  5. Josiya says:

    Kasipu joniyo padada yo corona wisin tope sistam change eka kara awasan, bawa mataka taba ganu manawa

  6. kawinda says:

    System Change ekak..? methek sidu une – sidda wenne ekada..? mewata kiyanne gotta allanawa kiyalada..? wandi bhatta kiyalada..?

  7. Josiya says:

    Eka uturana wesikili katakata corona hedila hodatama amaruna, ee lagata josisippua ta hedila walapallata yana dinaya laga bawa danimi.

  8. rathne says:

    munge baila..munte wadiya arun hungak hondai

Main News