ජනතාව උපදෙස් නිසි පරිදි නොපිළිපැදීම කොරෝනා මර්දනයට බාධාවක්..

April 22, 2020 at 8:02 am | lanka C news
ජනතාව උපදෙස් නිසි පරිදි නොපිළිපැදීම කොරෝනා මර්දනයට බාධාවක්..

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ජල නළ එළීම, මාර්ග ඉදිකිරීම වැනි පාලනයක් ඇතිව කළ හැකි සංවර්ධන වැඩ කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කම ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන් ජනාධිපතිතුමා පනවා ඇති නිර්දේශ අනුගමනය කරමින් සේවකයන් කැඳවීම ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළයුතු බව සඳහන් කළේය.

බස්නාහිර පළාත ඇතුළු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගොවි අස්වනු ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට ගෙන ඒමට පියවර ගැනීමෙන් ගොවීන්ට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

රෝහල් සහ ඔසුසල් නිකුත් කළ ඖෂධ තැපැල් කාර්යාල මගින් බෙදාහැරීමෙන් ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී රෝගීන්ට විශාල සේවාවක් ඉටු කෙරිණ. තැපැල් කාර්යාල මගින් බිල්පත් එකතු කිරීම, බැංකු තැන්පතු භාර ගැනීම, ඇතුළු ලබාදිය හැකි සේවාවන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

කොරෝනා වෛරසය මර්දනයට රජය විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කළ ද ජනතාව උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම, තත්ත්වය පාලනයට බාධාවක් වී තිබේ. ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේ දී ද වෛරසය පාලනය වන අයුරින් ක්‍රියාකාරකම් සිදුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශය කිහිපයක ලේකම්වරු සහ සභාපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

221 views

18 Comments to “ජනතාව උපදෙස් නිසි පරිදි නොපිළිපැදීම කොරෝනා මර්දනයට බාධාවක්..”

  1. sena says:

    ගරු ජනාධිපතිතුමනි
    මධයමපලාතත් ගැන සැලකිල්ල යොමුකරන්න මොකද මේ ගම්වලට වෙළදම් කරන්න එන පිරිස් පිටස්තර පුද්ගලයන්න කොහෙන් එනවාද කවුරු අශ්‍රයකරනවාද දන්නෙනැත එම නිසා මෙයට පිලියමක් යෙදුවොත් හොදයි
    මොහුන්ගෙ ලිපිනය දුරකථන අංකය පොලිසියෙ හෝ හමුදාවෙ දුන් සහතිකයත් මේ පුද්ගලයි දවස් 3-4 වරක්වත් වෛදය පරිෂණයකට භාජනයකරන්න දෙන සහතිකයක් වාහනයෙ ප්‍රදර්ශනය වන ලෙස අලවන්න කියන්න ගම් 3-4 කට එලවලු පලතුරු පාන් මෙවැනි අත්වශිය භාණ්ඩ වලට එකම වෙළදුන් පිරිස් යෙදුවොත් ජනතාවට යම් ප්‍රශ්නයකදි හදුනාගන්න පුලුවන්වෙවි කොයි කොයි වෙළෙන්දද අවෙ කියලා
    දැන් දැන් අනවශිය පුද්ගලයොත් කොහොමහරි පොලිසිවලින් වෙළදම් කරන්න දෙන අවසරපත් ගෙන වෙළදාමෙ එනවා මේවා හරිම අනතුරුදායකයි ගෙන අයගෙන් ඇහුවොත් කියනවා අනුරාධපුරෙන් අවෙකියලා පොල් ගෙන අයගෙන් ඇහුවොත් කියනවා කුරුණැගලින් කියලා
    ගන්ජා කුඩු වෙළදාමත් මේ අතර කරන්න පුලුවන් හොරු එන්නපුලුවන් තොරතුරු බලන්න පොලිසිය මේ අවසරපත වෙළදාම් කරන්න දෙනකොට මේ පුද්ගලයන්ගෙ පැටිකිරියාවත් හොයාබලන්න කියන්න
    නැත්නම් හමුදාවෙන් හරි රජයෙන් හරි මෙයකරන්න ගන්

Main News