ජනතාව උවමනාවට වඩා ගෑස් ගන්නවා.. පෝලිම ඒකයි..- ලිත්‍රො සමාගම
January 11, 2022 at 3:15 am | lanka C news
පාරිභෝගිකයන් තමන් සතු අමතර සිලින්ඩර සඳහා ගෑස් ලබාගැනීමට යොමුවීම හේතුවෙන් අධික වෙළඳපොළ ඉල්ලුමක් නිර්මාණය වී ඇතැයි ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
දෛනික අවශ්‍යතාවට වඩා වැඩියෙන් මේ වන විට සමාගම ගෑස් නිකුත් කරමින් සිටින බවද අවශ්‍ය තරම් තොග සමාගම සතු බවද ඔවුන් නිවේදනය කරයි.
දෛනික අවශ්‍යතාවන් සඳහා පමණක් ගෑස් මිල දී ගන්නා ලෙසත් ඉදිරියේදීද අවශ්‍ය තරම් ගෑස් තොග කොට නිකුත් කරන බව සමගම ජනතාවට දැනුම් දෙයි.
මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
බැරි කම වහගන්න කොරන දැඟලිල්ලෙන් තියෙන රෙද්දත් කැඩිල , අමුහෙළුවෙන් . අනිච්චං දුක්කේ .
මුන් සේරම නුගත් දේසපාලන පත්වීම් ද කොහෙද. මාසයක් විතර ගෑස් නැතිව තිබුනම, සැහෙන්න දවසක් යනකම් සාමාන්‍ය දෛනික අවශ්‍යතාවට වැඩ ඉල්ලුමක් තියෙනවා.
සීතාම්බර සළු පොරවාගත් රජාටම හරියන ගෝලයෝ
රැකියාවක් කරන මිනිස්සුන්ට ජීවත්වෙන්න ඕන තත්ත්වය රටතුල තියෙන්න ඕන. කෑම පිසින අතර ගෑස් ඉවරවුනාම සිලින්ඩරය අරගෙන පෝලිමට යන්න රැකියාවක් කරන මිනිස්සුන්ට බෑ. අමතර සිලින්ඩරය ඒ සඳහායි. තම බැරිකමට පාරිභෝගිකයින්ට දොස් කියා පලක් නෑ. ෆේල්…..
එතකොට ගෑස් සිලින්ඩර් ඇතිපදම් ගෙවල්වල තියෙනවා ගෑස් ගන්න.
අනික ගෑස් ඕන නිසා වෙන්නැති මිනිස්සු දර ලිප් ගන්නෙ!!!දැන් බූමිතෙල් ලිප් / induction cooker ගනන් ගිහින් තියෙන්නෙ මිනිස්සු ගෑස් ගන්න නිසා වෙන්නැති!
බොරුවෙ උපත ගෑස් සභාපති!!!
ඔව් මමත් දැක්කා ෂොපිං බෑග් ප්ලාස්ටික් කෑන් අතේ ඇතුව මිනිස්සු ගෑස් පෝලිම්වල ඉන්නව.
අලුතෙන් ගෑස් සිලින්ඩර නිකුත් කරන්නේ නැත්නම් කොහොමද අලුතෙන් ගෑස් stock කරගන්නේ. හැමදේකටම කියන්න මොනවා හරි ගොන් උත්තරයක් මුං හදාගන්නවා. දැන් ගෑස් අනතුරු කීයක් වුනාද සංයුතියේ ප්රශ්නය නිසා . මොනවා හරි බොරුවක් කියලා ශේප් වෙනවා.
විකාර කතා කරන්න එපා දැන් මිනිස්සු ගෑස් ගන්න එක අඩු කරලා තියෙන්නේ පුපුරන නිසා. පුළුවන් හැම එකාම විකල්ප වලින් උයන්නේ. නිකන් බොරු කියන්න එපා. මේ ආණ්ඩුවේ බරපතල ප්‍රශ්නයක් තමයි හරිය බොරු කියන එක. එකෙන් රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වටෙනවා.
Paw, mun karana wada nisa muge ammalath banum ahanawa
මේ වල් හැත්ත සංයුතියද වෙනස් කොට
මරණය කුස්සියට කැන්දා දුනිය ගෙට
තොපි වගෙ එවුන් කිව්වත් මොනවා අපිට
විනාශ කළා හොඳ නම සිරි ලක් මවට