ජනතාව කබලෙන් ලිපට නොවේ ලිපෙනුත් පහලට.. මෙහෙම ගියොත් කොහෙ නවතිද දන්නෑ.. ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා..- පොහොට්ටු මන්ත‍්‍රී මාධ්‍ය හමුවක…

October 13, 2021 at 3:22 am | lanka C news
ජනතාව කබලෙන් ලිපට නොවේ ලිපෙනුත් පහලට.. මෙහෙම ගියොත් කොහෙ නවතිද දන්නෑ.. ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා..- පොහොට්ටු මන්ත‍්‍රී මාධ්‍ය හමුවක…

දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ජනතාව අමාරුවේ වැටී ඇති බවත් ආණ්ඩුව බඩු මිල සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවැසීය.

භාණ්ඩ මිල ඉහළ යෑමේ ප්‍රශ්නයට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

බඩු මිල මේ ආකාරයට ඉහළ ගියහොත් කොතැනින් නතර වේ දැයි සිතා ගත නොහැකි බවත් භාණ්ඩ මිල දරා ගත නොහැකි පිරිස්වලට ආණ්ඩුව යම් සහනයක් ලබාදිය යුතු බවත් ඔහු පැවසුවේය.

විශේෂයෙන් සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්ට ඉදිරි අයවැයෙන් සහන නොලැබුණහොත් ඒ අය බරපතළ අමාරුවක වැටෙන බව පැවසූ ජගත් කුමාර මහතා එවැනි සහනාධාරයක් නොලැබුණහොත් ජනතාව කබලෙන් ලිපට නොව ලිපෙනුත් පල්ලෙහාට වැටෙන බව ස්ථිර යැයිද සඳහන් කළේ‍ය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවත් බඩු මිල රටේ ජනතාවට දරා ගැනීමට අපහසු බව තමා ප්‍රකාශ කරන්නේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.

ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බොහෝ දෑ ඉටුකිරීමට නොහැකි වූයේ කොරෝනා වසංගතය නිසා බවත් බලාපොරොත්තු ඉටු නොවීම නිසා ජනතාව අතරේ ආණ්ඩුව කෙරෙහි යම් අප්‍රසාදයක් ඇති බව තේරුම් ගෙන සිටීම ගැන ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

– lankadeepa

18,492 views

16 Comments to “ජනතාව කබලෙන් ලිපට නොවේ ලිපෙනුත් පහලට.. මෙහෙම ගියොත් කොහෙ නවතිද දන්නෑ.. ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා..- පොහොට්ටු මන්ත‍්‍රී මාධ්‍ය හමුවක…”

  1. කපයා says:

    තාම අර පොලිස් OIC ව මාරු කරල දුන්නෙ නැද්ද?

  2. Romanis says:

    Thawte haal kellak.

  3. Nalaka says:

    Aise, no samurdi any more in Sri lanka, this is a bloody curse for Sri lanka, people don’t work, people don’t think and people don’t change them.
    What every government did was establishing poverty in Sri lanka coz to get votes.
    Now everyone can see the reality. You people can’t run the country any more
    NO vision, no passion and no any system to develop this country.
    Only thing what govt and this nut MP’s can do is press, meetings only.
    People should let these nuts to eat shit and kick these bastereds out next time and bring at least educated people, not like this bugger and like most of ministers and MP’s in Sri lanka

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    දෙවෙලක් කාලා හිටපන් කියපු එකා දැන් එක වේලක් කාලා ඉන්න කියන්නෙ නැත්තේ ඇයි ? උබලා දන්නේ බන් බිලියන ගනං සල්ලි අච්චු ගගහා මංතූරුවයි , පාර කාපට් කරන එකයි විතරනේ , වෙන දෙයක් බෑ , චන්දෙට වියදං කරන්න රුපියල් බිලියන 1000 ක් විතර වියදං කරලා අමූ ගොං බෛයො ටික ලෙසට අන්දලා , චන්දටික කොල්ලා කන්න ලෑස්තී වෙනගමන් , ඔය වගේ අහිංසක පාර්ට් එකක් දාලා ගමේ ඉන්න මෝඩයව අන්දන්න බැරිකමකුත් නෑ , ඒත් පුතෝ මේ තියෙන විරොධෝ , ඔය අහිංසක පාර්ට් දාලා , රටේ බදු මුදල් වියදං කරලා ගොං වැඩ කරලනං වහන්න බෑ.

  5. LalithM says:

    පාරට තනියම ඇවිත් බලපං. මස් මාංශ බල්ලන්ට වත් දෙන්න බැරි වෙනවා ෂුවර්.

  6. Hari says:

    ජගත් කුමාර සුමිත්‍රාආරච්චි ඔයත් පොහොටුවෙන් ඉල්ලා අස්වෙන්න ආඩම්බරයි

Main News