ජනතාව කැමති උනත්, අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහයි…- ගොඩහේවා

June 12, 2021 at 7:18 pm | lanka C news
ජනතාව කැමති උනත්, අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහයි…- ගොඩහේවා

සෑම විටම සුන්දර මුහුදු තීරයේ පවිත්‍රත්වය වෙනුවෙන් සිදුකළ හැකි සෑම පියවරක්ම ගැනීමට අප කටයුතු කරනවා. ඒ අනුව අප විසින් ආරම්භ කළ ‘සයුර රකින රැල්ල’ තේමාව යටතේ දිවයින වටා මුහුදු තීරය පිරිසිදු කටයුතු අප ආරම්භ කළා. සයුර රැක ගැනීමේ නව රැල්ලක් සමග සමාජය තුළ උනන්දුවක්, උද්යෝගයක් වෙරළ පිරිසිදුව තබා ගැනීම කෙරෙහි ඇති වුණා. එනමුත් අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇති වූ MV X – Press Pearl නෞකාවේ ගින්නත් සමග වෙරළට ගසාගෙන එන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදු වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් එහි තිබූ විවිධ අපද්‍රව්‍ය කොටස් ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. නිසි ක්‍රමවේදයන්ට අනුව සිදු කෙරෙන මෙම පිරිසිදු කිරීම් සඳහා යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවන්ගේ සහය ලැබෙන අතර මේ වන විට සරක්කුව සහ දූන්ගල්පිටිය වෙරළ තීරයන්හි සිදු කෙරෙන පිරිසිදු කිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ සහ ඉදිරි කටයුතු පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම ප්‍රදේශයන් හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ දක්වා එකතු කරන ලද මෙම අපද්‍රව්‍ය විධිමත්ව සහ ආරක්ෂාකාරී ක්‍රමවේදයකට බැහැර කරලීම සඳහා බහාලුම්වල රඳවා ඇත. අඩි 20 ප්‍රමාණයේ බහාලුම් 41 ක් සහ අඩි 40 බහාලුම් 4 ක රඳවා ඇති අතර තව දුරටත් දෛනිකව වෙරළට එකතුවෙන මෙම නොදිරන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී ඇති කොටස් කඩිනමින් වෙරළ තීරයෙන් ඉවත් කර බහාලුම් ගත කිරීමට පියවර ගන්නා ලෙසත් එහිදී අමාත්‍යවරයා විසින් අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

එහිදී පැමිණ සිටි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “නැවේ ගින්න සම්බන්ධයෙන් වන්දි ගැනීම ආදී දේ පිළිබඳව කටයුතු කරගෙන යනවාට සමගාමීව වෙරළ පිරිසිදු කරගෙන යන කාර්යය දිගටම සිදු විය යුතුයි. නැවේ ගින්න පටන් ගත්තේ 20 වෙනිදා, කන්ටේනරය පුපුරා ද්‍රව්‍ය ඉවතට විසි උනේ 21 වෙනිදා. 22 වෙනිදා සිටම අපි වෙරළ පිරිසිදු කිරීමේ කාර්යය ආරම්භ කර තිබෙනවා නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව. මේ වන විට හුඟදෙනෙක් ස්වෙච්ඡාවෙන් යන්ත්‍රෝපකරණ නිපදවන අය වගේම විවිධ ක්ෂෙත්‍රවල විශේෂඥ දැනුම තිබෙන අය ඇවිත් අපට උදව් කරනවා. මේ වෙරළ පිරිසිදු කිරීමේ කාර්යය දිගටම සිදු වෙමින් පවතිනවා. අද වන විටත් අප සිටින මේ ප්‍රදේශය නාවික හමුදාවේ විශාල පිරිසක් විසින් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනවා. මේ වන විට සෑහෙන දුරට සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු අවසන්ව තිබුණත් තව බොහෝ කාලයක් අපට පුංචි පුංචි වැඩ කටයුතු සිදු කරන්නට වෙයි. මොකද මේ වැල්ලට එකතු වූ ප්ලාස්ටික් කැබලි පිරිසිදු කරන්නට අපට යන්ත්‍රෝපකරණ උපයෝගි කරගෙන ඉදිරියටත් වැඩ කරන්න සිදු වෙයි. අපේ බලාපොරොත්තුව තිබෙන්නේ රට වහල තිබෙන කාලය අවසන් වී ජනතාව එළියට එන්න පටන් ගන්න විට ජනතාවට වෙරළට එන්න පුළුවන් තත්වයක් උදා කිරීම.

ධීවර ජනතාවට මුහුදු යෑම පිළිබඳව අප ඉදිරියේදී සාගර සම්බන්ධ විශේෂඥයින්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එයත් හරියට කොරෝනා වගේ තමයි, මොකද එය ගැන අපට කියන්නට බැහැ සෞඛ්‍ය විශේෂඥයෝ තමයි කියන්නට ඕනේ. ඒ වගේ ධීවර ජනතාවට මාළු ඇල්ලීමට මුහුදු යෑම පිළිබඳව එම අදාල විශේෂඥයින් සමග සාකච්ඡා කෙරෙමින් පවතිනවා. නැවේ සිදු වූ හදිසි අනතුර නිසානේ අපි සියළු දෙනා අද මේ ගැටළුවලට මුහුණපාලා තිබෙන්නේ. විශේෂයෙන්ම කන්ටේනර් එක පුපුරලා රසායනික ද්‍රව්‍ය විසිරීම නිසා තමයි අපට මේ විදිහට වෙරළ පිරිසිදු කිරීමේ කාර්යය සිදු කිරීමට වෙලා තිබෙන්නේ. දැන් නැව නැංගුරම් දාපු තැනම වගේ ගිලී ගොස් තිබෙන්නේ. එතනින් එහාට නැවේ තෙල් කාන්දු වීමක් වගේ දේවල් තිබෙනවාද කියා අපට කියන්නට බැහැ. එහෙම ඇතිවුණත් ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම් ආදී සියළු දේ අප සූදානම් කර තිබෙන්නේ. 22 වෙනිදා සිටම අපි සූදානමින් සිටි නිසා මෙයින් සිදුවීමට ගිය හානිය අවම කර ගැනීමට අපට හැකිවුණා.

විපක්ෂය කියන්නේ පසුගිය වසර පහ තිස්සේම රට ගිල්ලවපු අයනේ. ඒ අයට මේවා තේරෙන්නේ නැහැ. ඒ අයට ගිල්ලවන එක හරි පුරුදු දෙයක්. අතට දෙන ඕනෙම දෙයක් විනාශ කරලා දානවා. ඉතින් ඒ අය මේය දකින්නෙත් ඒ විදිහට. ඒ ගැන කලබල විය යුතු නැහැ. ඒ අයගේ නොදන්නාකම ගැන අපි අනුකම්පා කරනවා. කිසි කෙනෙක් රටකට නැවක් ගෙන්නලා ගිනි තියලා වන්දි ලබාගෙන රට පොහොසත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ජනතාව කැමති උනත් අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට එනවත් එක්ක විපක්ෂය තුළ නායකත්ව අර්බුදයක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. මොකද එතනත් එක් පක්ෂයක් නෙමෙයි කණ්ඩායම් ගණනාවක් සිටින නිසා. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිය අය තමයි බහුතරයක් ඉන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් සමග එකට සිටි අය තමයි අනෙක් අය. මේ අය ටික කාලයක් යන විට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළට ඒම හරහා නායකත්වය ගැන බලාපොරොත්තු තියාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහත්මයා, චම්පික රණවක මහත්මයා, රාජිත සේනානායක මහත්මයා ඇතුළු සියළු දෙනා අතරින් කවුරු අවසානයේ නායකයා වශයෙන් මතුවෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා නායකත්ව අර්බුදයක ලකුණු අපට පේනවා.

ලොක්ඩවුන් එක පටන්ගත්ත වෙලාවේ සිට රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා රජයෙන් රුපියල් බිලියන 30 ගානේ වැය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා ප්‍රශ්නය හරහා මේ වන විට රජයෙන් වැයකර තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 250 කට වඩා වැඩියි. ඒ කියන්නේ රටේ රාජ්‍ය ආදායමෙන් 1/4 ක් පමණ කොරොනා සම්බන්ධයෙන් පමණක් වියදම් කර තිබෙනවා. ඒ අනුව රජයේ ආදායම සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙන තත්වයක අප සිටින්නේ. කවුරු හරි කියනවා නම් රජය ජනතාව ගැන බලන්නේ නැහැ කියලා එය ඉතාමත් අසාධාරණ තත්වයක්. රජය උපරිම මට්ටමින් ජනතාව වෙනුවෙන් වියදම් කරමින් කටයුතු කරනවා. කිසිම වෙලාවක ජනතාවට ආධාර දෙන එක නතර කරලා නැහැ.

ගංවතුරෙන් හානි සිදු වූ හැම කෙනෙකුටම ආණ්ඩුව ආධාර දෙන්න ඉතාමත් විධිමත් වැඩපිලිවෙලක් සකස් කර තිබෙනවා. ගංවතුර කියන්නෙ ස්වභාවික තත්වයක්. මේ ආණ්ඩුව ආවට පස්සේ විතරක් නෙමෙයි ගංවතුර පටන් ගත්තේ. ගංවතුර මුල්කරගෙන තමයි ලෝක ඉතිහාසයේ සෑම ශිෂ්ඨාචාරයකම ගංගා නිම්න හරහා කෘෂිකර්මාන්තය ගොඩනැගුනේ. ලංකා ඉතිහාසයෙත් එහෙමයි. කුඹුරු පටන් ගත්තේ ගංවතුරෙන් අවුරුද්දකට දෙපාරක් යටවෙන ප්‍රදේශවල. ඒ එන පොහොර වලින් තමයි පස සරුසාර උනේ. දැන් වෙලා තිබෙන්නේ සංවර්ධනයත් සමග රටේ අවුරුද්දකට දෙපාරක් යටවෙන ද්‍රෝණිවල නිවාස ඉදිකර තිබෙනවා. නිවාස හදලා ගංවතුරට බණිනවා. එහෙම කියලා ගංවතුර නතර වෙන්නේ නැහැ. අපට ඒක අවම කරනවා මිස එය නතර කරන්න පුළුවන් කමක් නැහැ. වැවක් හෑරුවහම වතුර ගලන එක අඩු වෙනවා. සාමාන්‍යයෙන් ගංවතුර අඩු කරන්න අපි කරන්නේ ඇලවල් වැව් හාරන එක. කවුරු හරි කියනවා නම් වැවක් හාරපු නිසා ගංවතුර වැඩි උනා කියලා ඔවුන්ගේ බුද්ධිය පරීක්ෂා කරන්න වෙනවා එය ඇහුම්කන් දෙන අයට. මෙතන උනේ ආපු වතුර පාරෙන් වැව පිරිලා වැව උතුරලා යන තරමට වැඩි උනා. එහෙම නොවුනා නම් මීට වඩා වැඩි විපතක් සිදුවීමට ඉඩ තිබුණා. පේරලන්ද වැව හාරලා තිබුණ නිසා තමයි මේ උතුරා යාම යම්තාක් දුරකට හරි ප්‍රමාද උනේ.

ගේට්ටුවක් කියන එක ක්‍රියා කරන දෙපැත්තක් තිබෙනවා. ඒ ගේට්ටුවක, පොම්පාගාරයක අදහස තමයි එක් පැත්තකින් ගඟේ වතුර වැඩි වූ අවස්ථාවක ඒ වතුර අනෙක් පැත්තට දානවා. ගොඩබිමෙන් වතුර වැඩි වූ වෙලාවට ගඟ පැත්තට පොම්ප කරන්න පුළුවන් විය යුතුයි. එය වැඩ කරන්නේ දෙපැත්තටම. ඒ වගේ පොම්පාගාර 6 ක් පමණ අප සැලසුම් කර තිබෙනවා. 4 ක පමණ වැඩ මේ වන විට අවසන් වෙලා තිබෙනවා. ඉතිරි වැඩකටයුතුත් ඉදිරි වසර දෙකක් පමණ කාලයකදී නිමවීමට නියමිතයි. එම පොම්පාගාර සියල්ලම නිම උනාහම ගංවතුර ගැලීම නැවැත්වීමට නොහැකි උනත් එය පාලනය කිරීමට අපට හැකි වේවි” යැයි පැවසීය.

– ඩබ්. ඒ. උදිත පුෂ්පකුමාර

34,697 views

19 Comments to “ජනතාව කැමති උනත්, අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහයි…- ගොඩහේවා”

  1. පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

    අවුලක් නැහැ රනිලා ඇරලා පශ්චාත් භාගය පලාගෙන……..නපුන්සකයෝ එක අත්තේ එකට වහනවා……

  2. weerasinghe says:

    ආං එහෙම වරෙන් ගොඩහේවා..
    දැන් තමා උඹ පොහොට්ටුවන්ගේ ඔලුවටම කෙටුවේ..

  3. මැදමුලනෙ මුත්තා says:

    රනිලයි, රාජපක්ෂලයි සෙටි කියන්න තවත් අටුවාටිකා, ටිප්පනි ඔනැද? ඔන්න දැන් ඇර සජියො ඇර.

  4. lol says:

    muuth dan hath pole gaganna patan aran thiyanne. Monawada kiyanne okkoma iwarai

    Nondi Engineer

  5. baiya says:

    maha dawal maha bankuwa mankolla kaawa kiyala e dawaswala kiuwe kauru ganada?