ජනතාව කුපිත වේ.. වාර්තා කර එජාප ෆේස්බුක් පිටුව අවහිර කරයි..

November 18, 2018 at 11:20 am | lanka C news
ජනතාව කුපිත වේ.. වාර්තා කර එජාප ෆේස්බුක් පිටුව අවහිර කරයි..

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මේ වන විට එක්සත් ජාතිප පක්ෂයේ ප්‍රධාන ෆේස්බුක් පිටුව දින කිහිපයකට අක්‍රීයව ඇතැයි එම පක්ෂයේ නිල twitter ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමින් දන්වා ඇති බව මෙරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය රැසක් වාර්තාකොට ඇත.මෙලෙස එම ෆේස්බුක් පිටු අක්‍රීයව ඇත්තේ දින දෙකක් දක්වා කාලයක් සදහා පමණක් බවත් ෆේස්බුක් ආයතනය විසින් ඔවුන්වෙත දන්වා ඇති නිවේදනයේ සදහන් වේ.

මේ පිලිබදව අප සමූහය වන ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් සිදුකරන ලද සොයාබැලීමකදී සොයාගැනීමට හැකිවූයේ මෙලෙස ෆේස්බුක් සමාගම විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව දින කිහිපයකට අවහිර කිරීමට තීරණය කර ඇත්තේ එම පිටුව පිලිබදව විශාල වශයෙන් ශ්‍රී ලාංකික ෆේස්බුක් පරිශීලකයින්ගෙන් වාර්තා කිරීම් ලැබීම නිසා බවය.තවද මෙම තත්වය එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව අනෙකුත් දේශපාලන පක්ෂවලටද මෙම තත්වය උදාවීමට නියමිත බව සමාජ මාද්‍ය පරිශීලනයේදී අපට දැකගත් හැකිවිය.පවතින දේශපාලන තත්වය පිලිබදව ප්‍රකෝපකාරී වී සිටින සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙසේ එක්රැස්වී සියලුම දේශපාලන පක්ෂ වල සමාජ මාධ්‍ය ජාල පිටු සියල්ලම පාහේ ෆේස්බුක් ආයතනයට වාර්තා කොට එම පිටු සමාජ මාද්‍ය ජාල අඩවි වලින් ඉවත් කිරීමට කටයුතු කරගෙන යමින් ඇති බව වාර්තා වේ. මෙසේ දිගින් දිගටම ෆේස්බුක් පිටු පිලිබදව ෆෙස්බුක් ආයතනය වෙත වාර්තා කිරීම් ලැබුනහොත් එම ෆේස්බුක් පිටු දින කිහිපයකට පමණක් අවහිරවීමක් නොව සදාකාලිකවම එම පිටු ෆේස්බුක් අඩවියෙන් ඉවත්කිරීමට පියවර ගනු ඇත.

මේ අවස්ථාවේදී මෙය කදිම අවස්තාවක් කරමින් ජනතාව අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි නැවතත් අවහිරිමට රජය සැරසෙන බවට පුවතක් ජනගත කිරීමට යම් යම් කණ්ඩායම් විසින් උත්සාහ දරනා අතර මෙවන් සාවද්‍ය පුවත් නිසා සාමාන්‍ය ජනයා බියට පත්විය යුතු නැති බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

49,500 Viewers

4 Comments to “ජනතාව කුපිත වේ.. වාර්තා කර එජාප ෆේස්බුක් පිටුව අවහිර කරයි..”

  1. john the baptice says:

    මෙම තහනම දිගටම ගෙනියන්න

  2. Sandy says:

    අර බූරු ජෙප්පන්ගෙ මඩ පේජ් වගයක් තියෙනව අන්න ඒවා ඔක්කොම රිපෝට් කරන්න

  3. pariwarthaka says:

    දැනගන්න කැමතියි. මේ ශ්‍රී ලංකා පරිවර්තන සමූහය කියන්නෙ මොකක්ද ? Translators ල ද? පරිවර්තකයො කරන්නෙ Facebook එකේ යන දේවල් පරිවර්තනය කරන එකද? මීට කලින් මේ සංවිධානය ගැන අහල නෑ. කරුණාකර දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කර දෙන්න. ස්තුතියි !

    • pradeep says:

      mama danna wedeyayta fb office akae inawa shinhala basawata wada karana peresak ayala wada karanne fb akata lankawe edala da kohada wada karanne akanam hariyata danne na bun ayla wanna ona

Main News