ජනතාව ගෑස් අතහරිමින්… දර අලෙවිය වේගයෙන් ඉහලට….

December 4, 2021 at 12:00 pm | lanka C news
ජනතාව ගෑස් අතහරිමින්… දර අලෙවිය වේගයෙන් ඉහලට….

ගැස් අලෙවිය අඩු විමත් සමග හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල මේ දිනවල දර අලෙවිය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව දර වෙලදාමේ යෙදි සිටින වෙලදුන් පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දර වෙලදාම සිදු කරන වෙලදුන් කුරුදු දර තොග වශයෙන් තම වෙලදසැලට රැගෙනවිත් අලෙවි කරන බවත්, මේ දිනවල කුරුදු දර අලෙවිය වැඩි නිසා තමන්ට දර තොග ලැබිමේ අඩුවක් පවතින බව වෙලදුන් කියා සිටියි.

ගැස් භාවිතා කල පාරිභෝගිකයන් විශාල පිරිසක් මේ වන විට තමන්ගෙන් කුරුදු දර මිල දි ගන්නා බවද දර වෙලදාමේ යෙදි සිටින ව්‍යාපාරිකයන් පවසයි.

කුරුදු දර මිටියක් රු 50 වැනි මිලකට අලෙවි කරන බවද එම වෙලදුන් පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,649 views

9 Comments to “ජනතාව ගෑස් අතහරිමින්… දර අලෙවිය වේගයෙන් ඉහලට….”

  1. Jagath says:

    එහෙම තමයි සෞභාග්‍යය උදාවෙන්නේ. ඉන්න රටක් තියෙනවා නේ. 😄😄😄 69 ලක්ෂේට.

  2. Janka says:

    මමත් Gas පාවිච්චිය අතහරියා මේවගේ ප්‍රමිතිය විශ්වාස කරන්න නොහෙකි රටක gas පාවිච්චිය බොහොම භයානකයි ..මීට පෙරත් gas නිසා මරන සිදූවුනා .ලාබය ,දුම හිතන්න ගොහින් නිකරුණේ ගෙදර මිනිස්සු මරා දමන්නෙ මොකටද ?

    • පොඩි එකා. says:

      👍

    • Sahan says:

      ලෝකෙම ඉස්සරහට යද්දි අපි ආයෙම ගල් යුගයට යමු.
      මොනවා උනත් අපි පොහොට්ටුවට ඡන්දේ දීලා ඉමු.

  3. මල්ලිකා මහතන්තිලගේ says:

    කුරුඳු දර මිටියක් රුපියල් 120 ට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට තියාගෙන ගැනියෙක් විකුණනවා. පාරිභෝගික අධිකාරිය නිදිද?

    • Silva says:

      උන්ටත් පේන්නෙ අහින්සක සමාගමක් ටිකක් වැඩියෙන් වික්කම තමා.

  4. සවි අරික්කාල says:

    රට යන්නේ 1980 ගන්න වලට නේද? අපි තමයි හොදටම කලේ!

  5. බිංකුණ්ඩා says:

    අපි ශීඝ්‍රයෙන් සොවුබාගය කරා ළඟා වෙමින් සිටිමු

  6. නිරෝ says:

    දැල්ල පාලනය කරන්න පුළුවන් කාර්‍යක්ෂම දර ලිපක් හදන්න අපේ නිර්මාණකරුවන්ට බැරි නෑ නේද?

Main News