ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී…

November 22, 2021 at 10:00 am | lanka C news
ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී…

පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු ප්‍රදේශවාසීන් විසින් ගස් බැඳ පොලිසියට භාරදී තිබේ.

මන්ත්‍රීවරයා බීමත්ව අශෝභන ලෙස ‍ප‍්‍රදේශවාසීන්ට හිරිහැර වන ලෙස හැසිරුණේ යයි ගල්පාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මෙම කටයුත්ත සිදු කර ඇත.

ලනු කැරලි කිහිපයක් ගෙන මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක මන්ත්‍රීවරයා බැන්දම දමා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් දුරකතන ඇමතුමක් අනුව මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමෙන් පසු මත්පැන් පානය කොට සිටි බවත් තහවුරුව තිබේ.

මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

163,833 views

10 Comments to “ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මොහු පොහොට්ටුවෙ නෙවේ හිටපු ජේවීපී මන්ත්‍රී කෙනෙක්.

  2. අපතයා says:

    ඔය බීපු බෝතලේ තිබුනෙ වතුර නෙවෙයි ද ( වොඩ්කා බෝතලය සහ වතුර )

  3. Saleem says:

    ජනාධිපති අගමැති මුදල් ඇමති අල්ලා ගස් බදින දිනය ළගදීම බලාපොරොත්තු වන්න (දිනය පහුවෙලා. අතට අහු නොවන එකයි ප්‍රශ්නෙ

  4. Janaka Dharmarathna says:

    ජනතාව පක්ෂ බේද නොතකා දේසපාලුවන් ට ගුටි දෙන යුගය අත් ලගයි.

  5. Gamarala says:

    225 ම බැන්දොත් අපිට කිරිබත් කන්න පුලුවන්.

  6. Silva says:

    මාර ප්රවුත්තියක්. පුදුම වැදගත් ප්රවුත්තියක්

  7. පකයා says:

    නම කියලා නැහැ කව්ද කියලා. ඔක්කොම එක එකට් කඩේ යන සෙවල හැත්ත ලංකාවෙ ඉන්නේ..

  8. නම කියලා නැහැ කව්ද කියලා. ඔක්කොම එක එකට් කඩේ යන සෙවල හැත්ත ලංකාවෙ ඉන්නේ.. ලංකාවෙ උන්ටම කෙලින ලංකාවෙම පර හැත්ත. මුං ඉන්නකන් ලංකාවට හරියන්නේ නැහැ.

  9. ඔක්කොම ගස් බදින්න ඕන දැන් තියෙන තත්වේ නිසා

Leave a Comment

Main News