ජනතාව මා සොයන බව දන්නවා.. මා ගැන සොයන හැමටම ස්තුතියි.. කොරෝනා ඉක්මනින් දුරුවීම මගේ පැතුමයි..- අනිල් ජසිංහ

November 13, 2020 at 5:30 pm | lanka C news
ජනතාව මා සොයන බව දන්නවා.. මා ගැන සොයන හැමටම ස්තුතියි.. කොරෝනා ඉක්මනින් දුරුවීම මගේ පැතුමයි..- අනිල් ජසිංහ

කොරෝනා පළමු රැල්ල මැඩ පැවැත්වීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ බොහෝ දෙනාට හුරුපුරුදු චරිතයක් බවට පත්ව සිටි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පිළිබඳව සමාජයේ මෙන් ම සමාජ මාධ්‍යවල මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වේ.

ඒ, හිටිහැටියේ ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මාරු කර යැවීමත්, ඔහුගේ නිහැඬියාව සහ මෙරට දෙවන කොරෝනා රැල්ල ඇති වීමත් සමගය.

ප්‍රථම කොරෝනා රැල්ල ඇති වූ දා සිට අවසානය දක්වා ම අනිල් ජාසිංහ මහතා මෙරට මාධ්‍යයට මෙන් ම ජනතාවට ද නැතුව ම බැරි චරිතයක් විය. ඒ, ඔහු උදේ හවස මාධ්‍ය ඔස්සේ ජනතාවට සමීපවීම හේතුවෙනි.

එමෙන් ම, අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ මෙරට ප්‍රථම කොරෝනා රැල්ල සාර්ථකව මැඩපැවැත්වීම පිළිබඳව ද සමාජයේ බොහෝ ප්‍රශංසා හිමි විය.

ඒ හේතුවෙන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සොයා ගියෙමු.

වෛද්‍යතුමනි, මොක ද මේ දවස් වල කරන්නේ?

මම පරිසර අමාත්‍යංශයේ ලේකම් නේ. මේ දැනුත් ඒ වැඩක ඉඳලා යන්නේ. ඒ වැඩ ඉතින් ගොඩක් තියෙනවා.

හිටි හැටියේ විෂය පථය වෙනස් වීම ඔබට අභියෝගයක් නොවෙයි ද?

අනේ නෑ… කිසිසේත් ම නෑ. ඒ වැඩ හොඳින් ම කෙරෙනවා. ඒ හැකියාව තියෙනවා ඕනෑ ම ක්ෂේත්‍රයක වැඩ කරන්න.

සමාජය තුළ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා ඔබව ආයෙත් ඕනෑ කියලා. ඒ ගැන මොක ද හිතන්නේ?

මං දන්නවා… මං ලොකුවට ම දන්නවා… නමුත් ඉතින් ඒකට මම උත්තර දෙන්නේ නෑ. ඒක ඉතින් හරි නෑ නේ. එහෙම ඒ දේවල්වලට ප්‍රසිද්ධියේ උත්තර දුන්නොත් ඒවා වෙන ප්‍රශ්නවලට යනවා.

පළමු වන කොරෝනා රැල්ල මැඩපැවැත්වීම ගැන ඔබට තවමත් ප්‍රශංසා කරනවා සමාජය. ඒ ගැන මොක ද ඔබට හිතෙන්නේ?

ඔව්… ඒක ගැන මම පුද්ගලිකව සතුටු වෙනවා. නමුත් ඒ ගැන මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම තමයි ඉතින්.

දැන් රටේ ආයෙත් කොරෝනා රැල්ලක් ඇති වෙලා තියෙනවා. මේ වෙද්දී සෞඛ්‍ය අංශ ඇතුළු අනෙක් අංශ ඒ සම්බන්ධයෙන් සිදු කරන කටයුතු පිළිබඳව ඔබ මොක ද හිතන්නේ?

මෙහෙමයි. කොවිඩ් ගැන මම මුකුත් කියන්නේ නැහැ. මොක ද මම එහෙම කිව්වොත් ඒක දැනට කරගෙන යන වැඩවලට බාධාවක්. ඒ නිසා මම ඒ ගැන මුකුත් කියන්නේ නැහැ.

‘මව්බිම’ වෙත අදහස් දක්වමින් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, තමන් වර්තමානයේ දරන පරිසර අමාත්‍යංශ ලේකම් ධූරයේ හොඳින් වැඩ කටයුතු සිදු කරගෙන යන බවය.

එමෙන් ම, තමන් පිළිබඳව සොයා බලන ප්‍රශංසා එක් කරන ජනතාවට ද ස්තුතිවන්ත වන බවත් තම අපේක්ෂාව ද ඉක්මනින් රටෙහි පවතින වසංගත තත්ත්වය දුරුවී යාම බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තාරක සම්මාන්
– mawbima

183,632 views

22 Comments to “ජනතාව මා සොයන බව දන්නවා.. මා ගැන සොයන හැමටම ස්තුතියි.. කොරෝනා ඉක්මනින් දුරුවීම මගේ පැතුමයි..- අනිල් ජසිංහ”

  1. Saman says:

    Does anyone know why the government made such a decision to transfer Dr Anil J to another position hurrily?

    • Bawa says:

      Obviously it is because he acted independently without listening to politicians.

      • narada says:

        Bro, if you don’t know he is still serving under this government as a secretory of environment

        • Anoj says:

          Are you telling that his best fit job is secretary to ministry of environment ?

        • Jehan says:

          මෙතුමාට විරුද්ද වුයේ දේශපාලකයන් නොවේ ඔහුගේම වුර්තියේ යෙදෙන ඉහල මට්ටමේ වුර්තිකයන් ය .හේතුව මෙතුමා රුසියාවේ අද්‍යාපනය ලැබුවෙකු වීමයි .ශ්‍රීලංකාවේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනීම ලැබුවන් රුසියානු වෛද්‍ය විද්‍යාල වලින් උගත් වෛද්යවරුන්හා ඇත්තේ පුදුමාකාර වයිරයකි .ඔවුන්ට අවශ්‍ය රුසියානු උගතුන් අදක්ෂ බව පැවසීමටයි .නමුත් මෙතුමාගේ දක්ෂතාව ඔවුන්ට මහත් අබියෝගයක් වූ නිසා ඔවුන් මෙතුමාගේ අණ පිළිපැදීමට මලිවුවා පමණක් නොවෙයි මෙතුමාට විරුද්දව වැඩකලා

  2. කාන්තාර පළඟැටියා says:

    කොරෝනා එක්ක ආර්ථිකේ හදන්න ට්‍රයි කරන අයගේ දේශපාලන බලය වැඩියි. ඒ නිසා ඒ අය එහෙම කරගෙන ඇනගත්තාවේ. ඔබතුමා නිදහසේ ඉන්න. ඔබතුමා ඔබතුමාගේ රාජකාරිය හරියටම කල බව රටේ ජනතාව විධිහට අපි දන්නවා. ඊට බොහොමත්ම පින්සිදුවෙනවා !!! අපේ රටේ දේශපාලනයත් අනිත් රටවල වගේම මහ ජරා නරාවලක්. ඔබතුමන්ලා වගේ මවුබිමට සේවය කරපු අය ඒ ජරා නරාවලෙනුයි එහි සදාතනික ලගින්නන්ගෙනුයි ඈත්ව නිදහසේ ජීවත්වෙන්න.

  3. කවීශ ලක්මාල් says:

    වෛද්‍ය වෘත්තීය ගැන නොදන්න උන් වටේ තියාගෙන, හැමදේටම හමුදාව දාල කරන්න හිටියම ඔහොම වෙනවා.. දැන් රටම ඉවරයි.. ඔබතුමා නැති අඩුව රටටම තේරෙනවා.. කේලම් අහන, වටේ ගොට්ටො තියාගෙන සුදුසු මිනිස්සු පැත්තට දානකොට ඕක වෙනවා.. අයිය මල්ලි කියලා වෙනසක් නෑ. දෙන්නම ෆේල්…

    • kamal says:

      ඒ උබලගේ කොටලු පාන්ඩුව බන්, නාකි රනිලා ලොල්ලෝ වටේ තියාගෙන කේලම් ඇහුවේ. නොදන්නා කමට ගොබ්බ කතා නොකිය හිටහන් උබත් අර මොන්ගලයට බත් බලකම් කරන එකෙක්නෙ, fail fail කියා කියා වැලපෙන්ට උබලගේ තිබුන පාන්ඩුව පාස් වෙන්ටෑ

      • ක්‍රිමිනල් says:

        මෝඩ බෛයො ! තොපේ පුන්නක්කු පාන්ඩුව ෆේල් ! ජහ පාලනේ, පට්ට ෆේල් හින්දා තමයි ඇට නම ලස්සයක චන්දේ දීලා විරුවෙක් පුටුවේ වාඩි කොරගත්තේ , කෝ වැඩ ? පාණ්ඩුවේ හොරණෑ වල පම්පොරී ,කයිවාරූ විතරයි !

      • pathum says:

        ෆේල් බං.

  4. ඔබතුමා රටට අවැසි මොහොතක්

  5. Liyanage says:

    Respect for your great and honest Service rendered to the mother nation when at huge trouble. Budusaranai..! The country seriously needs your service once again.

  6. Dissa says:

    Modayo gaththa
    waradi thirana nisa janathawaduka vidinva sir

  7. කැලේ නරියා says:

    ඔබතුමා ගියපාර කොරෝනා ලෙඩ්ඩු සීයක් වත් හොයාගන්න බැරි තත්වයක මුළු රටම මාස 3 ක් විතර වහලා අපිට දීපු ආතල් හොඳට මතකයි. ඔය කවුරු ආවත් රජවාසල ගිරවා වගේ වමාරන එක තමා කරන්නේ. නිකන් ඉඳන් නමට පඩිය අරන් ගෙදර යනවා.

    • kdtv says:

      බ්‍රො, රට මෙයා වහපු දවස්වල දෙරණ ග්‍රාෆ් එකෙන්ද බැලුවෙ සීය

  8. Roshan says:

    He must be deluded to think that people are interested in him; he was a media showman, he didnt do anything special. Its just his luck that the pandemic hit Sri Lanka after his transfer- so that he can claim all the glory

  9. ගමේ මිනිහා says:

    ඔබතුමාට ස්තූතියි පලමු රෑල්ල සාර්ථකව මැඩපැවැත්වූවට​… දෙවෙනි වටයටත් හිටියනං අපට තවත් ජීවිත බේරගන්න තිබුනා නෙට්ටාවට බෙහෙතක් හැදෙනකං. ඊට පස්සේ ඉතිං බැරියැ එහෙව්වෝබානක් දාලා මේවගේ රටට කොරන්න​.

  10. Kakiyana Lea says:

    Very sad story behind him.Some incorrect health documents were presented him to sign before the G.Election and he refused them.Then the punishment was this transfer. This political Buffalos never think about Country.

Main News