ජනතාව ලෙඩ වෙන නිසා ලූණු, සීනි, තෙල් අඩංගු ආහාරවලට බද්දක් පනවනවා..- රාජිත

March 22, 2017 at 7:06 am | lanka C news
ජනතාව ලෙඩ වෙන නිසා ලූණු, සීනි, තෙල් අඩංගු ආහාරවලට බද්දක් පනවනවා..- රාජිත

රසකැවිලිවල සීනි ප්‍රමාණය පාලනය කිරීම සදහා නීතිරීති කඩිනමින් ගෙනඑන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සදහා බිස්කට් නිෂ්පාදකයින් සහ රසකැවිලි නිෂ්පාදකයින් සමග සාකචිඡා පැවැත් වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ සෞඛ්‍ය කඳවුරක් මල්වාන අල්-මුබාරක් මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විනි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

රසකැවිලි නිෂ්පාදනවල සීනි ප්‍රමාණය අඩු කිරීමෙි දී විවිධ බලපෑම් එල්ල වුවත්, ඊට බිය නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

බෝනොවන රෝග පාලනය කිරීම සදහා සීනි, මෙිදය සහ ලුණු අඩංගු ආහාරවලට පනවා ඇති බදූ තවත් වැඩි කිරිමෙි යෝජනාවක් ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම උත්සවයේ දී වෛද්‍ය උපකරණ කට්ටල තොගයක් බියගම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ලබාදීම ද සිදූ වුයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

2 views
Main News