ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..

March 26, 2020 at 6:26 am | lanka C news
ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..

රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සමස්ථ ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතුය. ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍යතාවකි. ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ.

25 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතී. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඒවා ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකිය. ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා ගැනේ.

රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමට තීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක කර ගැනේ.

පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද සාකච්ඡා කෙරිණ.

වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය.

දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.

සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.

බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ. මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇත. උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වගා සහ ධීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණ.

එළවළු මෙන්ම වී, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපී, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආටිගල යන මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය

43,209 Viewers

22 Comments to “ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..”

  1. Vis8 says:

    Thank you! Sri Lanka is doing much better than the USA and the West. Please listen to the authorities and keep your distance.
    Also the news is that the chemical called theophylline in black tea prevents the virus from replicating in the body. Drink 3 cups of tea daily.

    • අපි විද්වත් ෙනාවේ...... says:

      ලොරි වලින් ගේන බඩු ගන්නෙ අැට ෙදක දීලද? කාඩ් මැශිමක් දාලවත් එවන්න …සල්ලි බැංකුෙව් පඩිය බැංකුෙව්..

  2. Hudson says:

    Mr 10% in charge of it. warewa…

    • Me says:

      It was the label used to win 2015 election. Now it is not valid any more as nobody could prove it during yahapalana period.

      • අපි ඔහොම යංකෝ.

        ආයෙ චංදෙ ඕනි නෑ අවුරුදු 2ක් 3ක්, අපිට
        මෙහෙම මේ රට හදන්න පුලුවන්නං හොදට .

        මොනවටද මේ චන්ද, දේශපාලකයො, ලක්ශ ගනන් වියදම් වෙන පාර්ලිමේන්තු ?

        අපිට මේ හොදයි.. චංද එපා.

      • rdy says:

        But 10% he earned is valid to him

        slaves

    • Pal says:

      I don’t think it is a valid blame any more. Yahapalana maroon had enough time to prove it. But instead they robed the country by challenging each other.

    • බිල්ල says:

      Don’t worry, Central bank robber will join to all party task and dopeman the Vijitha will assist.

  3. la la laa says:

    ඉන්දියාවේවත් සුපර්මාර්කට් , අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න කඩ වහල නෑ රටම lockdown කරත්. ඔය ගෙදර ලගට ජංගම රථ එන්න පුලුවන් නම් කමක් නෑ .. නැත්නම් ඔය හාල්,පරිප්පු , සැමන් මල්ලට වැඩිය ඕන කරන දේවල් ගෙවල් වලට තියනවා.

    • don katugampala says:

      ISSELLA CORONA VALIN GODA PALAYAN EETA PASSE OHETA ONA KRANA DEVAL GANNA PALAYAN. ITHALI HARAK VAGE THAVATH AYA MEHETH INNAVA VAGE.

      • la la laa says:

        උබ ඉස්සෙල්ලා type කරන්න ඉගෙන ගිනින් සිංහල font එකකින්. නැත්නම් english වලින් ලියපන්.. උබේ keyboard එකේ CapsLock අයින් කරපන්..මොන මගුලක් ලියලද තේරෙන්නේ නෑ .. 😀

        • බිල්ල says:

          “ඉස්සෙල්ල කොරෝනා වලින් ගොඩ පලයන් ඊට පස්සේ ඔහෙට ඕන කරණ දේවල් ගන්න පලයන්. ඉතාලි හෙරක් වගේ තවත් අය මෙහෙත් ඉන්නවා වගේ” ඔන්න ඕකයි don katugampala ලියල තිබුණේ. දැන් තේරුනාද?

          • la la laa says:

            “ඉතාලි හෙරක්” ?? තේරුනේ නෑ .. ආයිත් පැහැදිලි කරපන්කෝ 😀

    • Me says:

      සුපුරුදු පරිදි හැම දේකම වැරදි බැලීම.

      • la la laa says:

        සුපුරුදු පරිදි ලාමක මොලේට කිසි දෙයක් , යාන්ත්‍රණයක් මතක් නොවීම. උබලගේ ගොබ්බ පාලකයෝ වගේම තරයි .. පැය 6කට මිනිස්සු එලියට දාල කොරෝනා බෝකරවන ගොන් හැත්ත . නගර lockdown කරනවා කියන එක දන්නෙත් නෑ .. කොහොමත් තව සතියකින් මම කියපු විදියට සුපර්මාකට් , සතොස ඇරලා තියන්න වෙනවා ඔන්න බලපන්. මොකද අපේ උන්ට තේරෙන්නේ tube light වගේ.. එකයි පහුවෙලා හරි pharmacy අරින්න උනේ.. 🙂
        දවස් දෙක තුනක් බලන් හිටපන්.. ජංගම රථ දානවා වගේ නෙවෙයි, ඔය බඩු මල්ලක් බෙදනවා කියන එක කිසි ප්‍රායෝගික විසදුමක් නෙවෙයි ටික කාලයකට. අපේ උන් පොරවල් වගේ කරන්න පටන් ගත්තට ටිකක් දවස් යනකොට ඇන ගන්නවා හතර අතේ. අන්න ඊට පස්සේ උන්ට වෙනවා එක ගෙදරකින් සතියට දවසක් වගේ එලියට යන්න පුලුවන් වෙන්න ක්‍රමවේදයක් හදල සුපර්මාකට් , සතොස ඇරලා තියන්න.
        ඔය උබ කියන මල්ලේ දාන්නේ නැති සාපේක්ෂව ඉක්මනින් කල් ඉකුත්වෙන ආහාර හා අනිකුත් ද්‍රවය නිෂ්පාදනය මුළුමුනින්ම නවතිනවා නැත්නම් දවස් කීපයකින් එක එකාට කැමති මලු බෙදන්න ගත්තොත්. උබලට කියලා තේරුමක් නෑ බොල , බලන් හිටපන් ඕව ඇරල තියන්න වෙන්නේ නැද්ද කියලා කොළබ , ගම්පහ දිස්ත්‍රික් දෙකට..

    • Ape Arachchi says:

      නෑ උඔට තණකොලයි පුන්නකුයි දෙකත් එවනව. තව කොන්ඩමුත් එවනව.

      යකෝ ලෝකෙම තියෙන තත්වය තේරුම් ගෙන තප්පුලන්නෙ නැතිව හිටපන් super market ඇරගෙන රටම විනාශ වෙන්න නොදී.

      • la la laa says:

        අනේ බන් , උබට යාන්ත්‍රණයක් කියල මොකද්ද උඩ නිව්ස් එකේ කියන්න පුලුවන් දේ හැම ගෙදරකටම එක වගේ ලැබෙනවා කියන්න? නිකන් උඩින් බලලා හැමදේටම තියන ලේසිම විසදුම පේන හරක්ට මුකුත් හිතාගන්න බැරි උනාට, ඕනෑතරම් ක්‍රමවත් විදි හදන්න පුලුවන් ඉක්මනට හැම දෙනාටම අවශ්‍ය දේවල් අරගෙන ගෙදරට වෙලා ඉන්න පුළුවන් විදියේ..
        චන්දෙ නාමලේඛනය ලස්සනට බෙදන අපේ අයට , කූපන් ක්‍රමයකට සතියට දවසක් විතරක් සුපර්මාකට් යන්න පුලුවන් විදියට ක්‍රමයක් හදාලා නගර සිමා lockdown කරන්න පුලුවන් සුපර්මාකට්, සතොස ඇරලා තියලා. කිසි තදබදයක් එන්නෙත් නෑ , මිනිස්සු කලබල වෙන්නෙත් නෑ … උබලගේ මීහරක් පාලකයෝ දන්නේ පැය 6කට මිනිස්සු එලියට දාල කුලප්පු කරන්න විතරයි…
        එකින් ඔය හැම ගෙයක් ලගටම බෑග් මලු බෙදන්න ගිහින් එක එකා දේශපාලනය කරන්න යන වැඩක් වෙන්නේ මේ වෙලාවේ. නැත්නම් මාෆියාවක් වෙනවා . උබට ඉතින් තණකොළ තමයි මතක් වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර කිව්වා ගමන් හරකා.

    • Back to basics buddy.. So called Western posh system is breaking down every paasing minute.. No flights, hotels, restaurants, cars, goods for super markets.. Everyone has to rely on good old farmer…

      අහස උසට දාගැබ් හදන්න, සාගර වගේ වැව හදන්න දැන ගෙන හිටියත් පෙර සිටි ගැමියා අල්පේච්ඡ දිවි පෙවෙතක් ගෙනගියේ, සොබා දහම රැක ගැනීමට ඇති හොදම ක්‍රමය එය බව දැන සිටි නිසා මිස, බටහිරයන් මෙන් සොබා දහම අසීමිත ලෙස පාවිච්ව් කර අසීමිත සැප විදීමට නොහැකි නිසා නොවේ.. ඒ දිවි පෙවෙත තුළ මිනිසාත්, සතා සීපාවාත්, වනාන්තර ඇල දොල ආදී සොබා සම්පතුත් මනා සමතුලිතයක පැවතුනා..
      නැවතත් එහි යාමට කාලය පැමින ඇති බවයි.

  4. Sadda says:

    මෙම යාන්ත්‍රණය සාර්ථක ලෙස කිරීමට ප්‍රායෝගිකව හැකිනම් එය හොදයි .
    එහෙත් එක් එක් අයගේ අවශ්‍යතා ව්විධ නිසා
    1. ලගම තියෙන කඩෙ භාන්ඩ සුලබ කිරීමට භාන්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණය ක්‍රමවත් කිරීම ( ප්‍රාදේශීය ලේකම් සතුව ගමේ සිල්ලර කඩ, එලවලු කඩ වල ලේඛ්නයක් තිබිය යුතුයි.
    2 ඒවයේ මිලගනන් ස්තාවරව නියම කිරීම .
    3. කඩවලට බඩු ප්‍රවාහනය සදහා මීට පෙර පැවති බෙදාහැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කල හැක. එමගින් ඔවුන්ගේ ආදායම් මාර්ගයද ආරක්ශා වේ.
    4. සතොස මගින් මෙම බෙදාහැරීමේ යාන්ත්‍රනය කල හැකි නම් වඩා හොදයි .
    5. පාරිභෝගිකයන්ට අවශ්‍ය භාන්ඩ ලගම වෙලදසැලේ ඇති බැවින් නගරය වෙත ඇදී යාමට අවශ්‍ය නොවේ.
    6. ෆාමසි විවෘත ව තැබීම නිසා බෙහෙත් ගැනීමට ඒකරාශී වන එකද වලක්වා ගත හැක්
    7. විකිනිය යුතු සිල්ලර මිල පිලිබඳව ජනතාව දැනුවත් කලයුතුය.

    මෙම ක්‍රමය දැනට විවිධ රටවල ක්‍රියාත්මක වේ.

    • sumith says:

      This is a best method, but still it has not been practically implemented al lover the country, still people do not know even a telephone number to call and request their requirements , but in the news only talking,. immediately published the telephone numbers in the TV so that people can call and request.

  5. Aurora says:

    මම දන්න කීපදෙනෙකුගේම ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් වල ඩේටා ඉතා ඉක්මනින් ඉවරවෙලා. ගෙවල්වලට වෙලා අන්තර්ජාලයේ YouTube බලලමයි එහෙම ඩේටා ඉතා ඉක්මනින් ඉවරවෙලා තියෙන්නේ. මිනිස්සු ඉතා පහසුවෙන් ගෙවල් ඇතුලේ තියාගන්න තියන මේ බැම්ම කැඩෙන්න නොදී පවත්වා ගැනීම හොඳයි. මාසේ ඉවරවෙනකම් කරන්න දේකුත් නැහැ. රජය මැදිහත්වෙලා යම් සහනයක් දුන්නොත් හොඳයි.

  6. Herath Banda Karaliyada says:

    Fair distribution of many essential good for People of majority Rural and Urban poor has to address by rulers of government is that very important decision .
    Poor section of classes are key victims of ongoing coronavirus epedinitic.Majority people are poor and living on poverty level. This has to address by GR and MR governaces.

Main News