ජනතාව හිතන තරම් සැප වාහන ඇමතිලාට නෑ.. රජයෙන් දෙයක් දේශපාඥයන්ට දෙද්දී ක්‍රෝධයෙන් බලන්න හොද නෑ..- ගොඩහේවා

June 15, 2021 at 2:10 pm | lanka C news
ජනතාව හිතන තරම් සැප වාහන ඇමතිලාට නෑ.. රජයෙන් දෙයක් දේශපාඥයන්ට දෙද්දී ක්‍රෝධයෙන් බලන්න හොද නෑ..- ගොඩහේවා

ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නැති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

ඇමතිවරුන්ට හැමවිටම හමුවන්නේ පැරණි ඇමතිවරුන් භාවිත කළ වසර දහයක් පමණ පැරණි වාහන යැයිද ඔහු පැවසීය.

අද ඇතැම් මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට බස් රථයෙන් පැමිණෙන බවත් ඒ මහතා කීය.

එනිසා දේශපාලකයන්ට යමක් රජයෙන් දෙද්දී ජනතාව ඒ ගැන ක්‍රෝධයෙන් කතා කිරීම වැරදි බව ද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

31,153 views

81 Comments to “ජනතාව හිතන තරම් සැප වාහන ඇමතිලාට නෑ.. රජයෙන් දෙයක් දේශපාඥයන්ට දෙද්දී ක්‍රෝධයෙන් බලන්න හොද නෑ..- ගොඩහේවා”

  1. Ratnamalala says:

    මුන්ට ඕන ඉන්දියාවේ මැති ඇමතිවරු පාවිච්චි කරන ඇම්බසඩර් වාහන.

  2. 69wahallu says:

    දැනට (භාන්ධනාගාර) බස් එකේ පාර්ලිමේන්තු එන්නේ රිෂාඩ් බදුර්දීන් සහ චොකා මල්ලි විතරයි. අනෙක රජයෙන් දෙනවා කියන්නේ යකෝ ඕවට ගෙවන්නේ අසරණ මිනිස්සු ගෙවන බදු වලින්නේ. තොපි බංගලි කාරයන්ගෙන් හිගාගෙන එනවා ඒවත් කවදාහරි ගෙවන්නේ අපි. තොපි ණයවෙලා තෙල් ගහලා දැන් එවටත් අපි ගෙවන්න ඕනේ. නොදකින් මෙහෙම පාන්දුවක්. විරුවෙක් නෙමෙයි නරියෙක් ගෙනල්ලා තියෙන්නේ

  3. පොඩි මිනිහා says:

    අනේ මහත්තයෝ රටේ ඉතිරි ටිකත් විකුන ගෙන කාල වාහන ගනිල්ලා.කාටද ආඩම්බර ….අපිට නොවෑ…ඔක්කොම විකුනල අපිවත් විකුනන් වාහන ගනිල්ලා

  4. Srimal says:

    E කියන්නේ මෙතුමා th සාමාන්‍ය දේශපාලඥයෙක් වුණා එහෙනම්