ජනතාව හොල්මන් වන්නේ අයවැයේ කුමන යෝජනාවටදැයි මුදල් ඇමතිගෙන් අහයි…

November 11, 2016 at 5:30 pm | lanka C news
ජනතාව හොල්මන් වන්නේ අයවැයේ කුමන යෝජනාවටදැයි මුදල් ඇමතිගෙන් අහයි…

2017 අයවැයෙන් ජනතාව හොල්මන්වන්නේ කුමන යෝජනාවටදැයි මුදල් ඇමතිවරයා පැහැදිලි කලයුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

එහි සභාපති රංජිත් විතානයේ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ජනතාව හා විපක්ෂය හොල්මන්වන අයවැයක් ඉදිරිපත් කරන බව කී මුදල් ඇමතිවරයා ජනතා අභිලාෂයන් බිදදමමින් ජනතා අයිතිවාසිකම් වලට පයින් ගසමින් ඉතිහාසයේ දියාරුම අයවැය ඊයේ ඉදිරිපත් කලේය.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු නොකළ අතර විශේෂයෙන්ම අප විසින් මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් යෝජනාකර තිබූ කිසිම යෝජනාවක් කෙරෙහි මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුව නැත.

මෙම අයවැය යෝජනාවේ හාස්‍යජනකම යෝජනාව වන්නේ අධිකරණයක නඩුවක් ගොනු කරන විට මුදලක් අය කිරීමය. එසේ කිරීමට හේතුව ලෙස ඔහු පවසන්නේ දිනෙන් දින අධිකරණය වෙත නඩු ගොනු කිරීම වැඩි වීම වලක්වා ගැනීමට එසේ කරන බවයි. කිසිදු පුද්ගලයෙක් ආශාවට නඩු පවරන්නේ නැත. තමන්ට වන අසාධාරණයකට සාධාරණයක් ලබා ගැනිමට අධිකරණයේ සහය පතන අතර ඊට අවශ්‍ය පරිසරය සකසා දීම රජයේ යුතුකම වේ. අප අධිකරණ පද්ධතිය පුලූල් නොකර නඩු ගාස්තු වැඩි කිරීම අතීසාරයට අමුඩය ගැසීමක් වන අතර මුදල් ඇමතිවරයා මහජන මුත්තාට සමාන යෝජනාවක් කර තිබීමෙන් ඇග තරමට මොලේ නැත බව තවදුරටත් තහවුරු කර ඇත.

රථවාහන දඩ වැඩි කිරීමද එවැනිම යෝජනාවකි. මිනිසුන් මියයන් ප‍්‍රමාණය අඩු කිරීමට ආදාහනාගාර ගාස්තු වැඩි නොකිරීම අපට පුදුමයකි. මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් රජය ඒකාධිපති රාජ්‍යයක් සදහා ගමන් කරන ආකාරයක් 2017 අයවැයෙන් අපට පසක්වන බව පමණක් කිවයුතුය.

රංජිත් විතානගේ
සභාපති

33 views

3 Comments to “ජනතාව හොල්මන් වන්නේ අයවැයේ කුමන යෝජනාවටදැයි මුදල් ඇමතිගෙන් අහයි…”

  1. PoorCitizen says:

    FULL HOLMAN.

  2. Desapremiya says:

    ඕකට තමයි කියන්නේ ආර්ථික ඔස්තාර්ලා ගේ ඇඟ තිබ්බට මොලේ නැහැ බඩ තිබ්බට අඟ නැහැ. කල්පනාව හොරකම් කිරීම සහ බඩ වඩා ගැනීම විතරයි.

  3. යුක්තිය says:

    හරි.. මේකෙ හොල්ම්න් නොවෙන්නෙ මොකටද? කරැනු එකෙන් එක කියන්න, ඔයාගෙ අයවැයනේ අපිට මුලින් කියන්න ඊට පස්සෙ අපි කියන්නම්……

Main News