ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි.. ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්..

March 13, 2019 at 12:02 am | lanka C news
ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි.. ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්..

මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත් ඒ ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් මිස වෙන කවුරුන්දැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි.

පසුගියදා කළුතර නගර ශාලාවේ පැවැති ‘කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට’ යන තේමාව යටතේ පැවැති කළුතර දිස්ත්‍රික් කතිකාව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇතුළු දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මෙම දිස්ත්‍රික් කතිකාව අමතා වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැතිහත්වීමෙන් සිදු වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇමරිකාවේ කොලනියක් බවට පත් වේවි. ත්‍රිකුණාමලයේ පිහිටුවන අක්කර 33,000ක ආයෝජන කලාපය ඇමරිකාවට – ඉන්දියාවට – ජපානයට පමණක් සීමා වුණු එකක්. මේ සියල්ල හමුවේ සිදු වන්නේ ස්වදේශිකයා මෙරට ආර්ථික ක්‍රියාවලියෙන් ඈත්කොට ඒ අවස්ථාවන් විදේශිකයන්ට ලබා දීමයි.

‘රට ගිල ගන්නා න්‍යාය පත්‍රය’

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන ක්‍රියාත්මක වන්නෙත් ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක ඇමෙරිකා – ඉන්දීය- ජපාන ආයෝජන කලාපයක් ඉදිවන්නෙත් ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළ, පලාලි ගුවන්තොටුපළ, කන්කසන්තුරේ වරාය, ගාලු වරාය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබා දෙන්නෙත් ඉහත කී මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම නොරටුන්ට ගිල ගැනීමට ඉඩ හදා දීමේ න්‍යාය පත්‍රයට අනුවයි. ඛේමාගේ කොලුවා අය – වැයක් ගෙනත් අත හරින්නෙත් ‘කිරුළ නොරටුන්ට’ ලබාදීමේ න්‍යාය පත්‍රයට අනුවයි. අපි මේ පරගැති න්‍යාය පත්‍රය පැරදවිය යුතුයි. ඒ සඳහා විපක්‍ෂයේ පළල්තම සමගිය ගොඩනැගිය යුතුයි. ඒ මගින් ලැබෙන පළමු අවස්ථාවේදීම මේ පරගැති ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. ඒ සඳහා පළමුව ලැබෙන ජාතික මැතිවරණය යොදා ගත යුතුයි.

‘තීරණාත්මක කඩඉම ජනාධිපතිවරණය ජය ගැනීමයි’

නමුත් අපේ කඳවුරේම ඇතැම් පිරිස් ඒ පළල්තම සමගියට කොකා පෙන්වමින් සිටිනවා. ඔවුන් දැන් සතුරාගේ මිතුරන් බවට පත් වෙමින් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා වන පළල්තම සමගිය හදන්නේ නැහැ, කියා කිසිවකු හෝ ඉන්නවානම් ඔහු අපේ කඳවුරේ සිටින සතුරෙක්. මේ දේශපාලන කඳවුරේ පරාජයට පාර කපන කවුරුන් හෝ ඉන්නවා නම් ඔහු කරන්නේ මේ දේශපාලන කඳවුර පරාජය කිරීම පමණක් නොවෙයි ඉහත කී ඇමෙරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ මෙරට ගිල ගැනීමේ න්‍යාය පත්‍රය දිගේලි වීමට ඉඩකඩ හදා දීමයි. දේශපාලන කඳවුර පරාජය කිරීම කෙසේ වෙතත් ජාතිය යළි ගොඩ ගත නොහැකි ඉරණමකට ඇදවැටීමට ඉඩ දීමට බැහැ. මේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය දිගේලි වීම නතර කිරීමේ තීරණාත්මක කඩඉම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි.

‘ජයගත හැකි අපේක්ෂකයා’

එක් පිරිසක් උත්සාහ කළා අපත් එකතු කර ගෙන ගිහිල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවන්න. එහෙම වුණොත් ජනාධිපතිවරණයකුත් නැහැ. තීරණාත්මක කඩඉමකුත් නැහැ. ඒක හරි ගියේ නැහැ. මතක තබා ගන්න, ජාතියේ ඉරණම් කතාව ලියැවෙන්නේ ජනාධිපතිවරණයේ ජය පරාජය මතයි. ජය ගැනීමට නම් අපේ අපේක්ෂකයා කවුරුන් විය යුතුද? ගෝඨාභය රාජපක්ෂ (සභාවෙන්) ඒත් සමහරු කියනවා ‘අපේ අපෙක්ෂකයා ජාතික ඇඳුම අදින කෙනෙක් විය යුතුයි’ කියා. දැන් ඇඳුමත් ප්‍රශ්නයක් කර ගෙන. මම මෙහෙම කිව්වාම මාධ්‍යයට රහ වෙන්නේ ඒවායි. අර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ලංකාව ඇමරිකාවේ කොලනියක් කර ගන්න එක ගැන මොකුත්ම යන්නේ නැහැ. අර වගේ රහ කෑල්ලක් අරගෙන කොටවන එකයි බොහෝ මාධ්‍ය කරන්නේ. මම ඉන්නේ ඒ ‘ජාතික ඇඳුම අඳින කෙනෙක් ඕනේ’ කියන අයත් එකතුකර ගෙන, පළල්තම සමගිය හදලා මේ ජනාධිපතිවරණය ජයගන්නා ගමනක් යා යුතුයි, කියන තැනකයි.

‘සමගි වූ හැමවිටම අපි දිනුවා’

අපේ කඳවුර හැමදාම දිනලා තිබෙන්නේ සමගියේ කොඩිය වනපු වෙලාවෙයි. අසමගිය, භේදය ඇති කරපු හැම වෙලාවකම පැරදුණා. වම සහ ශ්‍රී ලනිපය භේද වුණාම, බණ්ඩාරනායක පවුල භේද වුණාම අපේ කඳවුර පැරදුණා. සමගි වූ හැමවිටම අපි දිනුවා. අපිට ඕනේ දිනුම ද? එහෙමනම් ඒකට උවමනා සමගියයි. අපට ඕනේ පැරදුම ද? එහෙමනම් ඒකට උවමනා භේදයයි. එය තේරුම් ගැනීමට වෙනත් ‘රොකට් සයන්ස් එකක්’ උවමනා නැහැ. ඒ නිසා අපේ කඳවුරේ කවුරුන් හෝ භේදය වපුරනවා නම් ඔවුන් පරාජයේ පියවරුයි. අපට අද උවමනා සමගිය වපුරන ජයග්‍රහණයේ පියවරුයි. අපට උවමනා සමගියේ ධජය මිස භේදයේ ධජය නොවෙයි.

‘රටක් බේරාගත් නායකයා පැරදුණේ ඇයි?’

2015 ජනවාරි 08 සිදු වූයේ කුමක් ද? ඊට ප්‍රථම අපේ කඳවුරේ ඇතැම් පිරිස් ඉවත් වුණා. ඇතැම් පක්‍ෂ ද ඉවත් වුණා. භේදය වළක්වාගැනීමට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකර සිටියා. අවසානයේදී භේදය නිසා රටක් බේරාගත් නායකයාටත් පරාජය වැළඳ ගැනීමට සිදු වුණා. ඒ නිසා අපි කියනවා ‘භේදය වපුරන්නවුන්ගෙන් පරිස්සම් වෙන්න’ කියා.

‘විනයානුකූල සංවර්ධිත රාජ්‍යයක්’

ඒ නිසයි අපි කියන්නේ ‘රට ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් අපට වෙනත් අයකු ඉල්ලීමට අයිතියක් නැහැ’ කියා. අද නීතිවිරෝධී වැලි ගොඩදැමීම් වැළැක්වීමට ගිය නාවික හමුදා නිලධාරීන්ට පහර කා රෝහල්ගත වීමට සිදු වෙලා. ඛණිජ සම්පත් රැක ගැනීමට කටයුතු කළ රජයේ නිලධාරින්ට පහර දෙනවා. මේ කිසිවකට සම්බන්ධ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා. ඒ නිසා අද මුළුමහත් ජාතියම අනාරක්‍ෂාව වෙනුවට ආරක්‍ෂාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් ඔවුන් ඉල්ලා සිටිනවා. විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ඒ සියලුදෙනාගේ පැතුමයි.

‘ගෝඨාභය ඕනෙ ඇයි?’

ඇල්බට් අයිස්ටයින් අබිබවා ගිය දැනුමකින් හෙබි දැනට බි්‍රතාන්‍යයේ වෙසෙන නිෂී උග්ගල්ලගේ දියණිය වැනි මොළවලට ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් තත්වයක් හදන්න ඕනෙ. එවැනි ලංකාවක් හදන්නයි ගොඨාභය රාජපක්ෂයන් ඕනේ. ලංකාවෙන් ගිය එවැනි ඥානාන්විත වැඞ්ඩෝ ලොව පුරා සිටිනවා. නාසා ආයතනය වැනි තැන්වල පවා ඔවුන් සිටිනවා. ඒ වගේම ලංකොවෙන් ගිය ඒ රටවල් ගඳගස්වන ගඳයොත් ඉන්නවා. ඔවුන් නිසා වැඞ්ඩන්ටත් ඒ රටවල ඉන්න බැරි වෙනවා. අපි හදන්න ඕනේ ඒ වැඞ්ඩන්ටත් ඇවිත් වැඩ කරන්න පුළුවන් රටක් මිස අර ගඳයන්ට ඇවිත් ගඳ ගස්සන්න පුළුවන් රටක් නොවෙයි. ඒ රට හැදිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂටයි. ඒකට වළ කපන්නේ, ඒ මහජන අභිලාෂයට පයින් ගසන්නේ ජාතියේ සතුරෝ මිස වෙන කවුරුවත් නොවෙයි.

‘2019 ජයග්‍රාහී දෙසැම්බරය වෙනුවෙන් පෙළ ගැසෙමු!’

අපි අද ඉන්නේ මේ අපේ රාජ්‍යය නොරටුන් විසින් අත්පත්කර ගැනීමේ මුවවිටකයි. ඒ ඉරණමට එරෙහිව සටන් වදිනවා නම් අපි සමගියේ ධජය ඔසවා තැබිය යුතුයි. ඒ ඉරණමට එරෙහිව සටන් වදිනවා නම් අපි මහජනයාගේ තේරීමට අවනත විය යුතුයි. එසේ නොකර භේදය වපුරන්නෝ යළිත් අත වනන්නේ ‘2015 ජනවාරි 08’ වැනි පරාජයකටයි. එවැනි පරාජයක් අපට යළි එපා. වසර 04ක් තිස්සේ එහි ප්‍රතිඵල අපි ජාතියක් ලෙස විඳමින් සිටිනවා. 2019 දෙසැම්බරය ජාතිය ජයග්‍රහණය කරවන දෙසැම්බරයක් විය යුතුයි. එය ජයග්‍රාහී දෙසැම්බරයක් විය යුතුයි. ඒ ජයග්‍රාහී දෙසැම්බරය වෙනුවෙන් පෙළ ගැසෙමු. ස්වදේශිකයාගේ අයිතින් තහවුරු කරන නව ව්‍යවස්ථාවක් ගෙන එමු. එවැන්නක් කළ හැකි නායකයකු රටට උවමනායි. මුළු රටම ගෝඪාභය රාජපක්‍ෂ ඉල්ලන්නේ මේ සියල්ල ඉටුකර ගැනීම සඳහායි”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

25,629 Viewers

19 Comments to “ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි.. ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්..”

  1. හූ ඇන්පී says:

    වීරවංස මහත්තයෝ………. ගෝඨාභය මහත්තයා ඔච්චර හොදනම් මොනවද එයා අපිට දෙන්නේ?
    බ්‍රේස්ලට් ද? නොතෙමී යන කාර්ද? වයිෆයි ද? ටැබ්ලට් ද? පෝර්න් ද?
    වැඩියෙන් දෙන පැත්තට මගේ සහයෝගය.

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      දැන් එතකොට මහින්දත් දේශද්‍රෝහියෙක්ද? 😀

      • Sauri says:

        Why is this man always referring him self as Devaka Australia in his foolish comments?
        Is Australia his surname ? By reading his foolish comments over the time I imagine he is a mad UNP follower
        Man are you trying to show others that you live in Australia ? And trying to gain some superiority by mentioning australia every time you write a foolish comment?

    • Kamal says:

      රාජපක්ෂ ලා ජනාධිපතිවරණය අහෝසිකිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන අවසන්…ගෝඨාභය ඇමෙරිකාවේ පුරවැසිකම අයින්කර ගන්නේ නැත්තේ ඒකයි.මේ රට හදන්න මුන් කාටවත් ඕනෙ නෑ. උන් හැදෙන එක විතරයි කරන්නේ.
      පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් දෙවරකට වැඩිය මන්ත්‍රීවෙන එක නවතන්න ජනතාව පියවර ගත යුතුය.

    • Amda says:

      මේ රට, මේ නරා වලෙන් ගොඩ ගන්න නම්, ඊට සුදුසු, දේශපාලනයෙන් වියුක්ත එකම පුද්ගලයා ගෝඨාභය පමනයි…ඊට මහින්ද ජනාධිපතිතුමන්ගේද රටේ වියතුන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සහයද ඔහුට ලැබිය යුතුයි.

    • Amda says:

      ඔබේ උපහාසය තේරුනා.. ඔව්, අඳබාල දේශපාලන ගැත්තන්ගෙ න්‍යාය ඕක තමයි.

      මට අද රස්සාවක්, කොන්ත්‍රාත්තුවක්, වෙනත් වාසියක් ලැබෙනවානම් මගේ අනාගතය, මගේ දරුවන්ගෙ අනාගතය ගැන නොසිතා, අද දිනයේ ලාභය ගැනම පමණක් සිතා හෙට දිනය අඳුරු කරගන්නා දූපත් වැසියන්ගේ නූගත් මානසිකත්වය.

  2. akshin says:

    ai wasu genna beri..hara rajapakshalama ona da,

  3. A citizen says:

    Yes,of course. That is the wish of the Nation to save our Motherland from evil forces ,who are very active with the blessings of the present ungrateful rulers,like what is happening at Geneva against our heroic forces.

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Etakota amerikan purawesi Gotabaya Rajapakse Lankawe Janadipati kalama ema we’d tawath hondata karanna puluwan wenawa.Lankawe Janadipati wenna Lankawe pudgalayek awasyay.

  5. Sam says:

    Got a is a criminal and we do not want any Rajapaksha’s again.

  6. Maura says:

    ජනතා අභිලාශය ඒ නම් පොහොටුවක් පස්සේ පන්නන්න ඕන නෑනේ ස්වාදීනව උනත් ඉල්ලනන් පුලුවන් නේ

    • සිරා says:

      අනේද කියන්නේ……

    • The people believe that such ex. Citizens would do more good to the Nation and the country rather than the present rulers ,who seem to have been brain _ washed by those so called Americans and the Western colonial masters and also than the rulers ,whose mentality are with their ideologies and act as their obliging puppets.

  7. සීගිරි says:

    මොවුන් ආණ්ඩු පෙරලීම ආණ්ඩු රැක ගැනීම ගැන කතා කලාට අප රටට මේ රටේ ජනතාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය විසින් පිහිටුවා ඇති රාජ්‍යය යාන්ත්‍රණය (බටහිර විසින් හැදූ ලංකා නව යටත් විජිත රාජ්‍යය) පෙරලා දැමීමකට විරැද්ධයි.ප්‍රශ්නයේ මූලය වන්නේ ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් තාමත් පැවතීමයි.
    අපගේ විසදුම නව යටත් විජිත රාජ්‍යය වෙනුවට පුලුල් ජනතා ව්‍යාපාරයකින් මේ රටේ ජනතාවගේ අභිමථාර්තය බලයට නැගෙන රාජ්‍යයක් (people’s republic ) පිහිටුවීමයි. රනිල්, මෙෙත්‍රි, මහින්ද, ජවිපෙ ජාහෙඋ එන්.ජි.ඕ, TNA ප්‍රමුඛ සියලුම බලවේග මෙවැනි ව්‍යාපාරයකට එරෙහිව මේ යටත් විජිත රාජ්‍යය රැකගැනීමට හා තව දුරටත් පවත්වාගැනීමට ක්‍රියා කරමින් සිටී.පවතින රාජ්‍යය තුල කරන ආණ්ඩු මාරැ,පිල් මාරැ කිරීමකින් ප්‍රශ්නය නොවිසදේ. “ඒකාබද්ධ විපක්ෂය” මේ මොහොතේ කරමින් ඉන්නේ පුඵල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම මන්දගාමී කරමින් ජනතාව ඉදිරියට පැන බොරැ බටහිර විරෝධි නායකත්වයක් රඟ දැක්වීමයි. මෙවන් කූඪ උපක්‍රම වලින් අපගේ ගමනට බාදා කලාට ගමන නැවත්විය නොහැක !!!!!!

    • Hesh says:

      බොහොම හොදයි. හැබැයි හැම එකටම අතරමැද පියවර තියනවා. කෙලින් කියනවනම් බටහිර යටත් විජිත තත්වෙන් සම්පූර්නයෙන් මිදෙන්නනම් ශක්තිමත් ජාතික රාජ්යක් අවශ්යයි. ඒක කරන්න හොදම මිනිහා ගෝටා. ගෝටා 2030 තෙක් ජනපති කමේ තියාගෙන 2030 සම්පූනය නිදහස් ස්වාධීන ජාතික රාජ්යක් හදන්න බලමු.

  8. some says:

    Gotabaya kiyanne darunu minimaruwek.ekadipathiyek..ewage ekek balayata genawoth mulu ratama ekama le wilak wenna puluwan.88/89 di wage. lekam kenek wela inna kotath sudu van yawala minissu issuwa,maruwa,ehema ekek janadipathi kaloth kohoma hitiwida?

  9. Adrian says:

    Who ordered to kill Prabhkaran’s Son ? Our army boys captured him and kept him in the camp. He was eating biscuits. Who called from colombo and ordered to kill him ?..this will not happen. This country will be a blood bath. Even My3 n MR know that.

  10. sunimal says:

    ජය සියයට දෙසීයක් ගොටාබයට

  11. Rathgama MC says:

    අපි මෙතෙක් දවස් හිතාගෙන හිටියේ ශ්රීලංකා පොදු ජන පෙරමුණ කියන්නේ දේශපාලන පක්ෂයක් කියලයි.නමුත් මේ ප්ර්වුර්තිය අනුව හැඟෙන්නේ එය රාජපක්ෂ පවුල් සමාගමක් මිස දේශපාලන පක්ෂයක් නොවන බවයි.දේශපාලන පක්ෂයක ජනපති අපේක්ෂකයා තෝරන්නේ මධ්යම කාරක සභාව හෝ කෘත්යාධිකාරී මණ්ඩලය හෝ දේශපාලන බල මණ්ඩලයේ සාකච්චාවකින් මිස පක්ෂයේ නායකයාගේ පවුලේ අය එකතු වී කරන සාකච්ඡාවකින් නොවේ.මම හිතන්නේ ශ්රීලංකා පොදු ජන පෙරමුණට දේශපාලන බල මන්ඩලයක්හෝ කෘත්යාධිකාරී මණ්ඩලයක් හෝ මධ්යම කාරක සභාවක් නැත්තෙත් මේ නිසා වෙන්න ඇති,එම පක්ෂයේ මෙම කටයුතු තීරණය කරන්නේ පවුලේ උදවිය එකතු වෙලා කරන සාකච්චාවකින් වෙන්න ඇති.මෙය ඇත්තක් නම් මේ රටේ තියෙන ජරාම පක්ෂය පොහොට්ටුව බව වැඩි දවසක් නොගොස්, මෙය නිල වශයෙන් ප්රකාශ කල දවසට ජනතාව තීරණය කරාවි.හැබැයි එකක් කියන්නම් පොහොට්ටුවේ වැඩ සිඳු වන්නේ මේ අයුරින් නම් කිසිසේත් නුසුදුසු ගෝටා අපේක්ෂකයා බව පවුලේ උදවිය තීරණය කරලා ගෝටා ආවොත් අනිවාර්යෙන්ම ගෝටා ලක්ෂ 20 කින් වත් පරදිනවා සරත්ෆොන්සේකා මහතාගේ ලක්ෂ 18 වාර්තාවත් බිඳ හෙලමින්.එය සහතිකයි,මොකද පොහොට්ටුවේ ඉන්න මැට්ටෝ හැරුනම බුද්ධිමත් ස්වාධින අදහස් තියෙන එහෙයියෝ නොවන විශාල පිරිසක් හිට්ලර් ගෝටාට එරෙහිව ගොටාගේ ප්රතිවාදියාට උදවු කරනවාමයි. ( සිරිසේනට නම් නොවෙයි) අද රටේ තියෙන ප්රධාන පක්ෂය රට බෙදන එක වලක්වා ගන්න එක උනත් හිට්ලර් ගෝටා පොහොට්ටුවේ අපේක්ෂකයා උනොත් හිට්ලර් පාලනයෙන් රට බේරා ගන්න එක ජනතාවගේ ප්රමුකතාවය වේවි.ගෝටා ලක්ෂ 20 කින් පැරදුන පසු රාජපක්ෂලාගේ දේශපාලනය එතැනින්ම අවසන් වනු ඇත.
    තමුන් තමයි සියල්ල දන්නේ එනිසා තමුන් දරන මතය තමයි හරි කියල හිතන ගෝටා තමුන්ගේ මතයට එරෙහි මත දරන්නන් ත්රස්තවාදීන් ලෙසයි දකින්නේ.එනිසා ගෝටා විවේචනය කර මේ වගේ ලිපියක් ලියල රෑට බය නැතිව ගෙදර නිදා ගන්න බැහැ,සුදු වෑන් එකක් ඇවිත් උස්සගෙන යාවි.මේ පිලිබඳ මර්වින් සිල්වාගේ සහ රන්ජන් රාමනායකගේ video ප්රකාශන දෙකක් අන්තර් ජාලයේ තියෙනවා,ගෝටාට පුළුවන් මෙවුව බොරු නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට ගොස් විශාල වන්දි මුදලක් ලබා ගන්න.නමුත් එහෙම ගියොත් ඒ සියල්ල ඔවුන් සත්ය බව අධිකරණයේදී ඔප්පුකරන නිසා ගෝටා අධිකරණයට යන්නේ නැහැ.
    රජයේ ඕනෑම රැකියාවකට පළපුරුද්ද හා අත්දැකීම අත්යවශ්යයි එය සාර්ථකව ඉටුකරන්න නම්.ජනාධිපති කමත් ඒ වගේම රජයෙන් වැටුපක් ගෙවන රැකියාවක්.එනිසා ජනාධිපතිකම කරන්නත් පළපුරුද්ද හා අත්දැකීම් අත්යවශ්ය කියන එකයි මම කියන්නේ.මට ගෝටාභය එක්ක කිසිම වෛරයක් නැහැ.එතුමා තමයි මහින්ද මහත්තය රාජ්ය නායකයා වෙන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් විය යුත්තේ.එය තමයි එතුමාට සුදුසුම තනතුර.ඔබලා රාජපක්ෂ වහල්ලු උනාට මම රාජපක්ෂලගේවත් වෙල්ගමගේවත් වහලෙක් නොවෙයි,මම වෙල්ගම අඳුනන්නෙත් නැහැ,මම වෙල්ගමට කඩේ යනවා නොමෙයි මම කඩේ යන්නේ වෙල්ගම චරිතයටයි.ගෝටට ජනාධිපති වෙන්න අවශ්ය මුලිකම සහ අනිවාර්ය සුදුසුකම වූ පරිනත දේශපාලඥයෙක් කියන සුදුසුකම වත් නැහැ ,එනිසා ගෝටා එතැනින්ම අවුට් ආයේ ගෝට ගැන කතා කරන්නවත් දෙයක් නැහැ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් .පරිණත දේශපාලඥයෙක් වීමට නම් අඩු තරමින් වසර 20 ක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන විවිධ කැබිනට් අමාත්ය තනතුරු දරමින්.මිට අමතරව පක්ෂයේ නායකයා හෝ උප නායකය නොවේනම් පක්ෂයේ ජ්යෙෂ්ට නිලයක් දරමින් අඩු තරමින් දිස්ත්රික්කයකටවත් නායකත්වය දෙමින් පක්ෂයට කැපවී වැඩ කරන කෙනෙක් වෙන්න ඕන.මේවා තමයි අනිවාර්ය සහ මුලිකම සුදුසුකම වූ පරිණත දේශපාලඥයෙක් කියන එකත් සමග බැඳිල තියෙන දේවල් .දැන් සිරිසේන මහත්තයට මේ සුදුසුකම තිබුන නිසා තමයි එතුමා පොදු අපේක්ෂකයා වෙලා ජයග්රහණය කලේ.සරත් ෆොන්සේකාට මේ සුදුසුකම නොතිබුන නිසා එතුමාට අපේක්ෂකත්වය ලැබුනත් ලක්ෂ 18 කින් පැරදුනා.එයම තමයි ගෝටා ආවොත් ඔහුටත් වෙන්නේ.ජනාධිපති වෙන්න තිබිය යුතු අනෙකුත් සුදුසුකම් තමයි සත්යවාදී බව හෙවත් කියන දෙය කරන කරන දෙය කියන කෙනෙක් වීම,එඩිතර ,නිර්භීත මනා පෞරාෂයකින් යුත් කෙනෙක් වීම,ජන හද ගැස්ම හඳුනාගත් ජනතාවාදී,ප්රජාතන්ත්රවාදී,දුරදක්නා නුවනක් සහ නිවැරදි දැක්මක් ඇති කෙනෙකු වීම.කුමාර වෙල්ගම මහත්තයට මේ සුදුසුකම් සියල්ල ඉහලින්ම තියෙනවා.එතුමා තමයි මහින්දට බැරිනම් පොහොට්ටුවට ඊළඟට ඉන්න සුදුසුම අපේක්ෂකයා.ගෝටාභයට අනිවාර්යෙන් තිබිය යුතු මුලිකම සුදුසුකමවත් නැහැ,අනෙක් සුදුසුකම් වලිනුත් බොහෝමයකුත් නැහැ.ගෝටාභය හිතාගෙන ඉන්නෙ වියත් මගේ සහ එළියේ වියතුන් යයි කියන පට්ට හොරු දෙන උපදෙස් වලට අනුව වතුරට බහින්නෙම නැතුව ගොඩ ඉඳගෙන පිහිනන්න පුරුදු වෙලා, කෙලින්ම ජනාධිපති රේස් එකට එන්නයි අයිය පොහොට්ටුවේ නායකයා නිසා.ඒවා හරි යන්නේ නැහැ ගෝටාභය මහත්තයෝ ඔබ කරන්නේ නිෂ්පල ව්යායාමයක් ,කවදාවත් ඔබට ගොඩ සිට පිහිනන්න පුරුදු වෙන්න බැහැ,පොහොට්ටුව කියන්නේ දේශපාලන පක්ෂයක් මිස රාජපක්ෂ සමාගමේ තනි අයිතිය තියෙන පෞද්ගලික සමාගමක් නොවේ.පොහොට්ටුව එලෙස පෙනෙන්නේ ගෝටා උමතුවෙන් පෙලෙන යට, මෝඩයින්ට,එහෙයියෝන්ට සහ වහලුන්ට පමණයි.ගෝටාභය,වියත් මග,එලිය ,ගෝටාවාදින් සහ විමල්,ගම්මන්පිල්ලේ,දිනේෂ්,වාසු කියන මැක්කෝ කල්ලියත් ඔවුන්ගේ අනුගාමිකයිනුත් 2018 පෙබරවාරි 10 වෙනිදා මුළු රටේම යසට පිපුන පොහොට්ටුව විනාශ කරමින් සිටියි.
    2005 දී චන්ද්රිකා මැතිනිය එතුමියගේ සොහොයුරු අනුරත් සිටියදී( සියලු සුදුසුකම් සපුරා තිබියදීත් ) අකමැත්තෙන් උනත් පක්ෂයේ සමගිය හා ජයග්රහණය සලකා වඩාත් සුදුසු මහින්දට අපේක්ෂකත්වය දුන්න.මහින්දත් එසේ කරනු ඇති අපි බලාපොරොත්තු වෙනවා.
    වරලත් සිවිල් ඉංජිනේරු – රත්ගම MC

Leave a Comment

Main News