ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැරි නම් ජනතාවට මගෙන්ද වැඩක් නෑ..- ජනාධිපති

July 18, 2020 at 10:00 am | lanka C news
ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැරි නම් ජනතාවට මගෙන්ද වැඩක් නෑ..- ජනාධිපති

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි.

“බීමට සහ වගාවන්ට ජලය නොලැබීමෙන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිති. වැව් සහ වාරිමාර්ග පද්ධතිය අඩාල වී තිබේ. ග්‍රාමීය මාර්ග පද්ධතියේ සංවර්ධනය ද වේගවත් විය යුතුය. ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රයෝජනයක් නැත. එමෙන්ම මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිවරයා ලෙස බලයට පත්කර ගත් තමාගෙන් ද රටවැසියාට ඵලක් නැත” රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

වසර ගණනාවක් තිස්සේ සංවර්ධන ව්‍යාපෘති ශක්‍යතා වාර්තා සැකසීමේ සිට ඉදිකිරීම් අධීක්ෂණය සහ තීරණ ගැනීම කර ඇත්තේ විදේශීය ඉංජිනේරුවන් විසිනි. ඔවුන් නායකත්වය දුන් ව්‍යාපෘතිවලින් ජනතා අවශ්‍යතා ඉටු වී නැත. විදෙස් රටවලින් පැමිණ ව්‍යාපෘති කිරීමේ සංස්කෘතිය නතර කර ඉදිරි සංවර්ධන වැඩසටහන් දේශීය ඉංජිනේරුවරුන්ට සහ ආයතනවලට පවරන බව ජනාධිපතිතුමා පැවසීය.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ දී තරුණයන් කෙරෙහි විශ්වාසය තබන ලදී. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත පෙරළියේදීත් දේශීය ඉංජිනේරුවන් කෙරෙහි විශ්වාසය තබන බව කී ජනාධිපතිතුමා ඉතිහාසයේ ඉතා කීර්තිමත් ඉංජිනේරුවරුන් බිහි වූ යුගය නැවත උදා කළ යුතු බව සඳහන් කළේය.

තමන් කෙරෙහි ජනාධිපතිතුමා තබා ඇති විශ්වාසය තහවුරු කරමින් දේශීය යාන්ත්‍රණයක් තුළ රට ගොඩනැගීමේ කර්තව්‍යයට උර දෙන බවට ඉංජිනේරුවරු සහතික වූහ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ වැඩපොළ පත්ව ඇති තත්වය පිළිබඳව තමා කණගාටුවන බව සඳහන් කළ ජනාධිපතිතුමා මේ ආයතන පෙර තිබූ තත්ත්වයට වඩා ඉදිරියෙන් තැබීමේ වගකීම ද ඉංජිනේරුවරුන්ට පැවරීය.

තමා රට භාර ගන්නා විට තිබූ තත්ත්වයට වඩා කොවිඩ් අර්බුදය හමුවේ අභියෝග දස ගුණයකින් වැඩි වී ඇතැයි පැවසූ ජනාධිපතිතුමා වඩාත් ශක්තිමත්ව ඊට මුහුණ දෙන බව අවධාරණය කළේය.

අඩු හා මැදි ආදායම්ලාභී පුද්ගලයින්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ දී දේශීය ඉදිකිරීම් සමාගම්වල සහ ඉංජිනේරුවන්ගේ දායකත්වයේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මුල් ආකෘතියට හානි නොවන අයුරින් වැව් සහ වාරිමාර්ග පද්ධතිය පිළිසකර කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් කෙරිණ.

ආර්ථිකය ගොඩනැගීම යනු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. ඒ සඳහා වූ සංවර්ධන සැලැස්මක් වෙත ගමන් කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිවැරදි දිශාවට ගෙන යනු ඇතැයි තමන් දැඩිව විශ්වස කරන බව ද ඉංජිනේරුවරු පැවසූහ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

30,752 Viewers

24 Comments to “ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැරි නම් ජනතාවට මගෙන්ද වැඩක් නෑ..- ජනාධිපති”

  1. Dear Mr. President
    After GE pl change your secatry and choose a younger and sensible energitic educated clever person to hold the position. You will do a better service then.

    • Darshana abayakoon says:

      හරි එහෙනම් කියමු බලන්න පත්වෙච්ච දවසෙ ඉදන් අද වෙනකන් ජනතාව වෙනුවෙන් කරපු වැඩ 5ක්. සුපිරි වැඩ්ඩෙක් ද, නිකමෙක්ද කියල බලන්න.

      • ගමරාල says:

        තෝ කන්නාඩිය එස්සරහට ගිගිල්ල බලපිය තොගේ ඇට දෙක තියනවද කියල?

        • Darshana abayakoon says:

          කරපු වඩ 5ක් අහුවම මොකද මේ ගමරාලට ඩොන් ගිහිල්ල? ස කරපු වැඩ බලන්න රෙදි නතුව කන්නාඩිය ඉස්සරහ හිට ගන්න ඔනේ ද?

        • Darshan says:

          මගේ ඇට දෙක වදිනකොට කිස් කනවා කියලා ගම හාමිනේ ඊයේ රෑ කිව්වා. ඔහේ පැල් රකින්න ගිහින් ඒ වෙලාවේ. බොරු නම් අහලා බලන්න.

      • Chatura putha says:

        උඹ හරියටම ගෙදර ඉන්න මහ වහන්සෙගෙද කියල ගෙදර ගිහින් අහපිය මෑණියන් වහන්සෙගෙන්,

    • Hudson says:

      Anyway u have proved you are a ‘wada bari’ Tarzan. So please go.

  2. ජාතියේ පිනට පහල වු ඔබතුමාට දළදා සමිදු පිහිටයි.

    • baiya says:

      monawada pathwechcha dawase indan ratata kale. ai pinata pahala uu kiyanne? oya boru prasasthi nawathwaganna.

      • Hasalaka says:

        කුහක වෙන්න එපා බං බොලාගේ වද රජය තිබුනානම් ලාංකික අපි සැමන් වෙලා තමයි යන්නේ.

  3. රජරට බයියා says:

    අතිගරු ජනපති තුමා ගේ කතාව රජයේ නිලදාරීන්ට අදාලයි. ඒ අය හොදට හිතට ගන්න ඕනෑ.
    වැඩේ වෙලා තියෙන්නේ, මේ නිලදාරීන් සමහරු ජනාධිපති තුමාට ඉතා ලගින් ඉන්න අය. ඉතින් මේ අය බය නෑ මොනවා කිව්වත්. අනෙක කියන්න කෙනෙකුත් නෑ. කිව්වත් අහන්නෙත් නෑ. දෙවියන්ට තමයි කියන්න තියෙන්නේ.

    ඉතින් මේ අයට යහපාලනයේ කට්ටිය ජොලියේ කිට්ටුවෙලා අයෙත් ගේමේ ඉන්නෙ.

    මේ ගැන බලන්න.

  4. Narada says:

    ජනාධිපතිවරයාට වසර 70 ක වැරදි ආපසු හැරවිය යුතුය,හිතාගන්න පුලුවන්ද වෙනස් කිරීම කොතරම් දුෂ්කරද?අපි කතා කරන්නේ පරම්පරා 03 ක් ගැන, අපි ධනාත්මකව සිතමු.,අපි මහජනතාව වශයෙන් මෙය අපගේ අවසාන අවස්ථාව විය හැකිය.ඔහුට කොහේන් හරි පටන් ගත යුතුයි

    • DeeCee says:

      ඔයාගේ comment එක කවුරු කවුරුත් තේරුම් ගත්තනම් අවුරුදු 3න් අපි ගොඩ….

  5. Kalana says:

    ජනතාවගේ බලාපොරොත්තුවක් තමයි, මහින්ද අන්තවාදීන්ට හදල දුන්නු නීති ටික අයින් කරලා ඔක්කොටම එක නීතියක් ක්‍රියාත්මක කිරීම. ඔයාගේ නීති උප්දදේශක සබ්රි එක්ක කරගන්න පුළුවන් වෙයිද?

    • AK47 says:

      ජනතා බලාපොරොත්තුවක් වන්නේ 90,000ක් මිනී මරපු ජෙප්පන්ව නඩු අසා තහනම් කිරීමයි.
      මිනීමරුවෝ, කුඩු කාරයෝ තමන්ගේ ආරක්ෂාවට දේශපාලනය කිරීම නතර කල යුතුයි.

    • Alapaluwa says:

      සෑම දෙයක්ම බෑ බෑ කියා කියා සිටියොත් බෑම තමයි සිතන්න සිතුවොත් කරන්න බැරි දෙයක් නැති බව එයට අපිට අවශ්‍යය වන්නේ හොද ලීඩර් ෂිප් එකක් විතරයි එවිට ඉතිරිය ඉබේම සිදුවේවි මේ විදියට සිතුවොත් හොදයි නේද!!

      • Kule says:

        මෙතන ප්‍රශ්නේ බැහැ කියන එක නෙමෙයි, මේගොල්ලන් කරන්නේ නැහැ.

  6. SONAL says:

    Excellent President

    Very Honest Truth full and Determination

    Well done Sir! You are blessing for Srilanka

  7. ක්‍රිමිනල් says:

    රෙස්පෙක්ට් ස ‘ මාධ්‍ය සංදර්ශන වලට.

    • ජෙප්පා says:

      අන්න අනුර ස’ගේ අයර්ලන්ත මාලිගාව බලාගන්න මුරකාරයෙක් හොයනවා. ඇප්ලයි කරල බලපන්.

  8. LION says:

    සැබෑ ශ්‍රීලාංකිකයන් එකා මෙන් නැගී සිටිය යුතු මොහොතක් එලඹ ඇත.

  9. baiya says:

    wada bari tarzan. awurudu 5 yaddi meya yatathe mokuth wenne naa. bari bariyawamai thiyenne. tv walata awith jathiya amathala saman parippu adu kal . sathi 2 n 300% mila wadi una. haal kadawalata gihin haal mafiyawata erehiwa pora talk dunna. haal 100 ta wadiya nagga. bankuwalata niyoga dunna. ekakwath une naa. maas 8 ta kala wada mokuthma naa.

  10. හැඳි මිටේ නුවණ says:

    අපරාදේ. පස්සේ ස’ට මතක් වෙන්න ඇත්තේ. මීට මාසෙකට කලින් මේ conference එක තිව්වා නම් මේ වෙනකොට media ගෙන්නලා දිගට හරහට නෙලන්න තිබුණ.

    • ජෙප්පා says:

      විජිත ස’ගේ ගේ තට්ටු බිල්ඩිම බලාගන්න මුරකාරයෙක් හොයනවා. ඇප්ලයි කරල බලපන්.

Main News