ජනතා විමුක්ති පෙරමුණ පිටුපස ඉන්නේ අගමැති වික්‍රමසිංහයි..

April 24, 2018 at 4:40 pm | lanka C news
ජනතා විමුක්ති පෙරමුණ පිටුපස ඉන්නේ අගමැති වික්‍රමසිංහයි..

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කරන යෝජනවා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආවත් මෙහි ඇත්ත උවමනාව තිබෙන්නේ අගැමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසනවා රාජගිරියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ප්‍රධාන ලේකම් මෛත්‍රි ගුණරත්න  මහතා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වුණත් එහි පිටුපස ඉන්නේ අගමැති වික්‍රමසිංහ බව පැහැදිලියි. රට විකිණීම වගේම රට බෙදා වෙන් කිරීම මහ බැංකු වංචාව වගේ සොරකම් වලටත් විධායක ජනාධිපතිකම බාධාවක්.  ඉතිරි කාලය බාධාවකින් තොරව රටට අහිතකර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හදන්නේ

13 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසුමට ලක්‌වූ අවස්‌ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ෂර්වානන්ද ප්‍රමුඛ බහුතර විනිසුරුවරුන්ගේ මතය වූයේ රටේ ව්‍යවස්‌ථාවේ 154(4)2 වගන්තියට අනුව ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ විධායක බලයට අනුව තම පළාත තුළ විධායක බලය ක්‍රියාත්මක කරන නිසා 13 න් ශ්‍රී ලංකාවේ ඒකීය බව නොනැසී රැකී තිබෙන බවය. කරුණු එසේ නම් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙද්දීම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හොත්, ඉහත තීරණය අනුව රටේ ඒකීයභාවය නැසෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

අනාගත පරපුරට රට රැක දෙන්න නම් විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවතින්න ඕනෑ කියන මතයේ තමයි අපි ඉන්නේ. මේ රටට තිබෙන එකම ආරක්ෂාව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය. මේ විධායක ජනාධිපති ක්‍රමය කවුරුහරි කෙනෙක් අහෝසි කරන්නට උත්සහ කරනවානම් එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදිහට පැහැදිළිවම එයට විරෝධය පලකරනවා.

කිසිම සාකච්ඡාවකින් තොරව හදිස්සියේම මේ ක්‍රමය අහෝසි කරන්න තීන්දු කරන්න කාටවත් බෑ.  මේ පිළිබඳ විද්වත් සංවාදයක් අවශ්‍යයි. විධායක ජනාධිපති ධූරය නිසා මේ රට ආරක්ෂා වූ අයුරු අපි ඉතිහාසයේ දැක තිබෙනවා. හදිසියෙන් වගේ මේ පිළිබද තීන්දු තීරණ ගන්න අපි කිසිවෙකුටවත් ඉඩ තියන්නේ නෑ.   නීති විශාරදයින් ආචාර්යවරුන් දේශපාලන විද්‍යාඥයින් විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව දක්වන කරුණු සැලකිල්ලෙන් අවධානයට යොමු කරන්න කියලා අපි සියළුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

13 වැනි සංශෝධනය බලපැවැත්වෙනතුරු. රට පෙඩරල් වීම වැළැක්‌වීමට නම් විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුයි. එසේ නොමැති නම් පළාත් සභා පාලන බලතල හෝ ජනපති සතුව තිබිය යුතුය.කියලයි අපි කියන්නේ

මේක වික්‍රමසිංහ මහත්තයගේ තවත් කපටි ගේම් එකක් අපි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා මේ උගුලට අහුවෙන්න එමා කියලා  ඒ වගේම මේ පිළිබද දැඩි අවධානයකින් ඉදල රටට කරන්න යන මේ විනාශය ගැන රට දැනුම්වත් කරන්න අපිත් එක්ක එකතු වන්න කියලා අපි සමස්ථ ජාතියෙන්ම  ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ද්‍රෝහි යොජනාවට සහයොගය දෙන හැම කෙනාමටම අයිති ඉතිහාසයේ කුණු බක්කිය කියලා අපි මතක් කරන්න කැමති.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

205 views

3 Comments to “ජනතා විමුක්ති පෙරමුණ පිටුපස ඉන්නේ අගමැති වික්‍රමසිංහයි..”

  1. Nimal R says:

    අනුර දිසානායක කියන්නේ රනිල්ගේ කටු ලෙවකන බලු කුක්කා කියල ලංකාවේ දෙකේ පන්තියේ ළමයිනුත් දන්නවා . CIA තමයි UNP හරහා JVP එකට සල්ලි දෙන්නේ.

  2. kumara says:

    me kaalakanni rata jathiya agama kanawa. munta Gahanna ona madu waliga walin

    • DESHAN says:

      The patriotic people in this Country should stand united to chase these traitors from the political arena for the welfare of the Country and future generation. The people should choose a leader
      Who safeguards the National interests, National
      Security,Sovereignty and Culture of the Nation.

Main News