ජනතා විරෝධතා පොලිසිය යොදා මැඩ කුණු දමන්න සූදානම්..- කොළඹ නාගරික කොමසාරිස්
April 20, 2017 at 10:00 am | lanka C news
කොළඹ නගර සභා සීමාවේ ගොඩගැසී ඇති සියළු කුණු අද (20) දහවල් වන විට ඉවත් කරන්නේ යයි කොළඹ නාගරික කොමසාරිස් වී.කේ අනුර පවසයි.
අධිකරණය නියෝගය මත එම කසල කරදියාන ප්රදේශයට බැහැර කරන බවද කී ඔහු ඊට ප්රදේශවාසීන්ගෙන් බාධා එල්ල වුවහොත් පොලිස් ආරක්ෂාව ලබා ගන්නේ යයිද පවසයි.
තව දුරටත් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ කරදියානට අමතරව කසළ බැහැර කළ හැකි තවත් ප්රදේශ ගැන සොයා බලමින් සිටින බවයි.