ජනතා සහාය දුන්නොත් කොරෝනා දෙසතියෙන් පැරදවිය හැකියි..

April 11, 2020 at 4:40 pm | lanka C news
ජනතා සහාය දුන්නොත් කොරෝනා දෙසතියෙන් පැරදවිය හැකියි..

මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් 19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීම මේ වන විට ක්‍රියාත්මකයි. ඉතා ඉක්මනින් මෙහි කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ රෝහල් ඉදිකිරීම (10) ඇමතිවරයාගේ නීරීක්ෂණයට ලක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉංජිනේරු සංගමය විසින් මෙහි නවීකරණ කටයුතු ද සිදුකරනු ලබයි. රෝහලේ විශේෂ විෂබීජානුහරණ කුටියක්ද ඉදිකර තිබේ. එයද ඇමතිවරයාගේ පරීක්ෂවට ලක්විය.

රෝහල නීරීක්ෂණයෙන් පසු මාධ්‍ය ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ කෝවිඩ් 19 හෙවත්  කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සදහා රජය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි. මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරනුයේ එහි පියවරක් ලෙස බවද ඔහු පෙන්වා දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කලේ ඉදිරි සති 02 කාලය තුල ජනතාව සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදිමින් කටයුතු කළොත් මෙම වසංගතය පැතිරයාම පාලනය කිරීමට හැකි බවට සෞඛ්‍ය අංශ අදහස් බල කරන බවයි. මේ නිසා රජය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටද විශේෂ ක්‍රමවේදයක්  සකසා ඇති බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය. කුමන ගැටලු මතුවූවත් කොරෝනා වසංගතවට එරෙහිව සටන ජනතා සහාය ඇතිව ජයග්‍රහණය කල හැකිබව පෙන්වා දුන් ඇමතිවරයා අවශ්‍යවන්නේ ඒ සදහා කැපවීම හා අධිෂ්ඨාණය බවද කිවේය.

– ප‍්‍රදීප අනුර කුමාර

253 views

25 Comments to “ජනතා සහාය දුන්නොත් කොරෝනා දෙසතියෙන් පැරදවිය හැකියි..”

  1. Anti corona says:

    යකෝ, හරියට කන්ඩ ටික නැතිව, බෙහෙත් ටික නැතිව, ආදායමත් නැතිව…දන්න කාලෙ ඉඳන් ගෙදරට වෙලා ඉන්නව. මීට වැඩිය සහයක්දෙන්ඩ අපි දන්නෙ නෑ…හැබැයි රජය පැත්තෙන් නන් වෙන්ඩ ඕනෙ දේවල් ටික වෙනවද කියල ඔයා පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ ඈ…..

  2. Upul says:

    These politicians should let the health authorities analyse the situation and give the proper advise to the people. The problem is they think they know everything better than others. The job of the dog shouldn’t be done by the ass.

  3. Nishantha says:

    Yes, he seems to have overestimated himself. No body listen to him I hope

  4. Nishantha says:

    Are you sure you can do it. Don’t try to score marks from others work. Defence chief and DG health doing it with police and PHIs with direct investment of president , Priminister and heath minister.

  5. අමරපාල නන්දසිරි says:

    සේරම හොඳයි ඒත් අපේ රටට ලැබෙන කෝටි ප්‍රකෝටි ගණන් ආධාර කොහෙටද යන්නෙ …..? මේ ඇඳිරි නීතිය අස්සේ ඒවා ගැන අපේ අයට හොයන්නත් බැහැ ඒවා භාර දීලා තියෙන්නෙ හරි එතන බලෙන් වාඩිවෙලා ඉන්නෙ මාර පොරක්නෙ කරපු කොමිස් ගැහිලි ගැන අපිට මතකයි …සුනාමි ආධාර හාමුදුරුවනේ …? ඒ වගේ වෙයි …අඩු ගානේ අර චීනෙ අලිබබා කොම්පැණියෙන් ඵවපු මුහුණු ආවරණවලටත් වෙච්ච දෙයක් නැහැ ඒත් තොෝරා ගත්ත අයට නම් මාස ගාණකට ඇඳිරි නීති පාස් හාල් ගෝණි ගණන් , විස්කි කේස් ගණන් යවන බවත් අපි දන්නවා ..සේරම සාටක අස්සෙ සිදු වෙනවා මේ දවස්වල ලස්සණට….කපටි දේශපාළුවන් රංචුවකට මේ කොරෝනා දේව ආශීර්වාදයක් වෙලාලු….

  6. sena says:

    කාටද ඔබතුමාටද

    • nimalsiri says:

      neheban gobbasenayo,dath lomba basil,bandula g.buruwa,vimal w.,mahinda r.,saha munge pakshe godaak
      ayawaluntanam meka deva aasheervaadaykma thamaido.ko sunaami aadhaara?ko corona aadhaara?okkoma
      deval danne ara comis kaakkaa basilaya vitharai.

  7. anura says:

    පුමාරිස් අප්පුවෝ ගොන් කොමෙන්ට් දෙන්න කලින් මිනුවන්ගොඩ රෝහලේ මොනවද වෙන්නෙ කියල හොයල බලපන්. ගම්පහ ඉන්න ඉන්ජිනේරුවන් ටිකදෙනෙක් තමන්ගේම සල්ලිවලින් මිනුවන්ගොඩ රෝහලේ හදිසි අලුත් වැඩියාවන් කරගෙන යනව. ඒ සියල්ලම කරන්නෙ කාර්යය මන්ඩලයේ ආරක්ෂාවට. කොරෝනා රෝගින්ට ප්‍රතිකාරකරන කාර්යය මන්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් අද කලයුතු කාර්යයන්. කොහොමත් පුමාරිස්ල වගේ ගොබ්බයන්ට කොරෝනා හැදුනම රෝහලට එන්නේ වෙන ලෙඩ්ඩක් කියාගෙන.

    ඒ වගේම ගොබ්බසේන මහත්තයෝ ඔයා දන්නෙ නැද්ද ප්‍රසන්න රනතුංග කියන්නෙ ප්‍රදේශයේ මහජනතාවගේ නියෝජිතය බව

    • වික්‍රමරත්න ගජසිංහ says:

      උඹ වගේ ගොබ්බයෙකුට නං හොරෙක් මහජන නියෝජිතයෙක් තමයි තොගෙ පස්ස කසනවද ප්‍රසන්න රණතුංගට හොරා කිව්වම ඌ විතරක් නෙවි බං උන්ගෙ පවලම හොරුනෙ බං

  8. වික්‍රමරත්න ගජසිංහ says:

    උඹ වගේ ගොබ්බයෙකුට නං හොරෙක් මහජන නියෝජිතයෙක් තමයි තොගෙ පස්ස කසනවද ප්‍රසන්න රණතුංගට හොරා කිව්වම ඌ විතරක් නෙවි බං උන්ගෙ පවුලම හොරුනෙ බං…

Main News