ජනතා සාපයෙන් ගෙදර යාමට නියමිත වත්මන් පාලකයන්ගේ විශ‍්‍රාම වැටුපත් කපන්නැයි යෝජනා කෙරේ..

August 17, 2019 at 8:40 am | lanka C news
ජනතා සාපයෙන් ගෙදර යාමට නියමිත වත්මන් පාලකයන්ගේ විශ‍්‍රාම වැටුපත් කපන්නැයි යෝජනා කෙරේ..

වත්මන් පාලකයන්ට සිය ධූර වලින් ඉවත්ව ගෙදර යාමට සිදු වන්නේ පොදු ජනයාගේ සාපය ඇතිව බවත් ,මේ අය රටට කර ඇති විනාශය එතරම් ම ජන හදවත් කම්පනයට පත් කර ඇති බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

2014 අවසානය වන විට රට ආරක්ෂා වී ,ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබුනු බව කී ඒ මහතා ,ඒ නිසා එදා ජනතාව සතුටින් සිටි බවත් ,අද හැම ජන කොටසක්ම දුකට පත් වී ඇති බවත් සඳහන් කළේය .

කොටපොළ – යටි හොරගල ප්‍රදේශයේ ඉකුත් 12 වැනිදා පැවැති සුහද හමුවකට සහභාගී වෙමින් හෙට්ටිගේ මහතා මේ බව කියා සිටියේය .

මේ පාලනය ඉක්මනින් වෙනසක් කරන්න මිනිසුන් බලා සිටිනවා .ඒ තරමට රට වැටිලා .සමාජය පිරිහිලා .ජනතාව ඉන්නෙ බරපතල මානසික පීඩනයකින් .මෙයින් මිදී ජනයා බලා සිටින්නෙ නැවත රාජපක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්න .ඒ බලාපොරොත්තුවට වැඩි කල් නෑ .

යහ පාලකයන් මෙතරම් පිරිහී ගියේ මුල සිටම රටට වැඩ කළ අය ගැන පලිගැනීමේ සිතුවිලි ඇති ව වැඩ කළ නිසයි .ඔවුන්ට කල්‍යාණ මිතුරන් හිටියේ නෑ .අසුරු කළේ හොරුන් ,තක්කඩියන් හා අවස්ථාවාදීන් .නායකයන් දෙන්නෙක් ආණ්ඩු දෙකකින් රට පාලනය වෙන්න පටන් ගත්තා .මිනිස්සු කියන්න ගත්තෙ එළ හරකා සහ මී හරකා එකට බැඳුනු වගේ ආණ්ඩුවක් කියල .බලයෙන් මත් වුනාම සමහරුන්ට පිස්සු හැදෙනවා .යමක් හරියට දකින්න පුලුවන් කල්‍යාණ මිතුරන් ගනන් ගන්නෙ නැති තැනට තල්ලු වෙනවා .කේලාම් අසා යහපත් මිනිස්සු ඈත් කර ගන්නවා .මේ පාලකයන්ට වුනේ ඒකයි .උගත් කම ,පණ්ඩිත කම ඕන තමයි .හැබැයි ප්‍රඥාව නැති වුනොත් එය ඕනෑම කෙනෙක් ගේ විනාශයට මුලයි .මෙතැනදී පැරැණි කතාවක් ද මතක් වෙනවා .
එක විලක හිටිය ශත බුද්ධි සහ සහශ්‍ර බුද්ධි කියල මාළු දෙන්නෙක් .ඒ දෙන්න එක්ක ඒක බුද්ධි නම් ගෙම්බෙක් ද යාලු කමෙන් හිටිය .මාළුවන් දෙන්නා සවස් කාලයේ ව්ල් තෙරට වී විවිධ විෂයයන් ගැන ප්‍රබුද්ධ කතා බහ වල යෙදී විසිර යාම සිරිතක් වුණා .

දවසක් මේ තුන් දෙනා සාකච්චා කරමින් ඉන්න කොට ධීවර පිරිසක් එතැනින් ගියා .” මේ විලෙත් ගොඩක් මාළු ඉන්නව .හෙට උදේ ඇවිත් අල්ල ගනිමු ” කියමින් ධීවරයන් එතැනින් ගියා .මේ තුන් දෙනාට මේ කතාව ඇහුනේ හෙණයක් පාත් වුණා වගේ .තුන් දෙනා මේ ගැන වහා කතා බහ කළා .” ඒ කියපු දේ ඇහුන නේද ?දැන් කරන්න ඕන වැඩේ නම් අපි ඉක්මනින් මෙතනින් පිටව යාමයි “ඒක බුද්ධි ගෙම්බා කීවා .” කලබල වෙන්න එපා .ඔය ධීවරයෝ කිවුවට එහෙම දෙයක් කරාවි කියල මම හිතන්නෙ නෑ .එහෙම කලොත් මගේ බුද්ධි බලයෙන් ඔබලා රැක ගන්නවා .මිරිදියේ ගැලවෙන උපායන් මම හොඳට දන්නවා .” සහශ්‍ර බුද්ධි කීවා .ශත බුද්ධිත් ඒකට එකඟ වුණා .” මම නම් ඒක බුද්ධියෙක් .අනතුරක් නම් එන බව මට තේරෙනවා .පිළි ගන්න බැරි නම් මම යනවා .” කියමින් ඒක බුද්ධි ගෙම්බා රාත්‍රියේම සිය පවුලත් එක්ක වෙන විලකට ගියා .පසු දින ධීවරයෝ ඇවිත් දැල එලා අර සියලු මාළු අල්ල ගත්තා .ශත බුද්ධි සහ සහශ්‍ර බුද්ධි දැලෙන් පැන ගන්න බැලුවත් හරි ගියේ නෑ .ධීවරයන් ශත බුද්ධි හා සහශ්‍ර බුද්ධි ගැට ගසා එල්ලා ගෙන යන හැටි අනිත් විලේ සිටි ඒක බුද්ධි ගෙම්බා දැක්කා .” අර බලන්න මම කිව්වට ඇහුවේ නෑ .අර දෙන්නට වෙච්ච දේ .අපි නම් සුවසේ මේ විලේ ඉන්නවා ” ඉතාම දුක් බරව ඒක බුද්ධි ගෙම්බා සිය බිරිඳට කීවා .

හරි තීරණ හරි වෙලාවට ගන්න ඕනෑ .මේ පාලකයන් එහෙම තීන්දු ගත්තේ නෑ .රට විනාශය කරා ගියා .මේ නායකයන්ට හරි නම් විශ්‍රාම වැටුපවත් ගන්න සදාචාර අයිතියක් නෑ .යැයි ද හෙට්ටිගේ මහතා කිවේය .

77 views

3 Comments to “ජනතා සාපයෙන් ගෙදර යාමට නියමිත වත්මන් පාලකයන්ගේ විශ‍්‍රාම වැටුපත් කපන්නැයි යෝජනා කෙරේ..”

  1. හෙලයා says:

    රනිල් වගේම සජිත් ගෙ ප්ලෑනත් සිංහල චන්ද ටිකක් සහ දෙමළ මුස්ලිම් චන්ද ගොඩක් අරගෙන දිනන එක තමය්. හැබැය් මේ සැරේ සිංහල කතෝලික සහ සිංහල බෞද්ධ එකතු වෙලා නිසා දෙමළ මුස්ලිම් චන්ද එකක්වත් නැති උනත් වෙනද වගේ සිංහල චන්ද 65%ක් ලැබුනම ගෝටා උඩින් දිනුම්. නමුත් අද දෙමළටත් මුස්ලිමුන්ටත් සජිත් රනිල් දෙන්නම එපා වෙලා.

    • Karu says:

      දමිළ චංද සන්බධන් කියන විදිහටම මුස්ලිම් චන්ද හකීම් කියන විදිහටම දෙනවාද? ඒ ඒ ජාතීන්ට තිරණයක් ගන්න මේ මිනිස්සු ඕනැද? ඒ ඉස්සර.

  2. Open mind says:

    සැබැවින්ම මෙය කීවේ කාට දැයි විමසිලිමත්වීම වැදගත් වෙයි.

Main News