ජනතා සේවයට කැපවෙන්න – ඇමති දිගම්බරම්
January 3, 2018 at 2:03 am | lanka C news
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 2018 වසරේ රාජකාරි කටයුතු විෂය භාර අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.
මෙහිදී අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අමාත්‍යාංශ නිළධාරීන්ට නව වසරට සුබ පැතුම් එක්කළ අතර සියළු දෙනා එකමුතුව ජනතාව සඳහා සේවය කිරීමට කැපවිය යුතු බව කියා සිටියේය.
ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යෑම සඳහා ලැබෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කලේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රන්ජනී නඩරාජපිල්ලෙයි මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.
– අනුර රත්නායක