ජනතා හැසිරීම හොද නෑ.. සංචරණ ලිහිල ගැන තද තීන්දු ගන්නවා..- හමුදාපති

June 1, 2021 at 3:50 pm | lanka C news
ජනතා හැසිරීම හොද නෑ.. සංචරණ ලිහිල ගැන තද තීන්දු ගන්නවා..- හමුදාපති

රට පුරා සංචාරණ සීමා පනවා ඇති කාලසීමාවේ ලබා දුන් සහන සහ විවිධ නීති ලිහිල් කිරීම් ගැන යළි සලකා බැලීමට හා සමාලෝචනය කිරීමට සිදුවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

විවිධ රැකියා කරන පුද්ගලයන්ගේ පහසුව සඳහා ලබා දී ඇති සහන සහ නීති ලිහිල් කිරීම සමහරු අවභාවිතා කරන තත්ත්වයක් පැමිණි පෙනෙන්නට ඇතැයි ද එසේ කිරීමෙන් වළකින ලෙසද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනතාව එසේ හිතුමතේ කටයුතු කළහොත් කොරෝනා පාලනය දුෂ්කර වනු ඇතැයිද පැවසූ ඔහු බොහෝ දෙනෙකු ගේ හැසිරීම ඉතා යහපත් වුවද ඇතැමුන්ගේ හැසිරීම ඉතාමත් නරක බව ද කියා සිටියේය.

ප‍්‍රධාන මාර්ග කිහිපයක ජනයාගේ පැමිණීම තරමක වැඩිවීමක් ඊයේ දක්නට ලැබුණු බවද පැවසූ ඔහු පවතින වැඩපිළිවෙළේ අඩුපාඩු ගැන නිරීක්ෂණය කර ඒවා වැළැක්වීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බවද පැවසීය.

60,570 views

18 Comments to “ජනතා හැසිරීම හොද නෑ.. සංචරණ ලිහිල ගැන තද තීන්දු ගන්නවා..- හමුදාපති”

  1. අබිලික් says:

    ඔබ තුමාගේ සේවය අගය කරනවා. නමුත් දිවයිනේ සෑම පලාතකම වාගෙ ජන අනුපාතයට අනුව කොරෝනා රෝගීන් සිටිනවා. එහෙව් එකේ දිස්ත්‍රික් හෝ පලාත් අතර ස්න්චරනය​ තහනම් කිරීමේ තේරුමක් නැහැ. කෝවිඩ් ආසාදිතයෙක් තමන් ඉන්නා ප්‍රදේශය තුල ජනාකීර්න ස්තානයකට ගොස් කරන හානිය වෙනත් පලාතක හුදෙකලා ස්තානයකට ගොස් විසීමෙන් ඇතිවන හානියට වඩා බොහෝ වැඩියි. සීමා දාන්නම අවශ්‍යනම්, දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය දමන්න.

  2. Deelaka Fer says:

    සිංහල අළුත් අවුරුද්ද කාලේ මේ උනන්දුව නොතිබුනේ ඇයි 😂😂😂😂😂

    • Anuradha says:

      මමත් ඇත්තටම ඔබ තුමාගේ උත්සාහය සහා සේවය ඉතාමත් අගය කරණවා,නමුත් අපිට පොඩි කණගාටු කරුණක් කීමට කැමතියි එනම් මෙතරම් උදේ හවා උගුර ලේරහා වෙනතෙක් මාර්ගවල නිතිය රකින අපේ පොලිස් නිලධාරින් කිවත් 7 වෙනිදා තෙක් රටම lock down කළත් පාරේ ඕනෑතරම් ජනගහණය සහා බයිසිකල්,වාහන පයින් යන අය.කඩ විවුර්ථ කරලාහොඳම උදාහරණයක් වශයෙන් ගතහොත් කැළණිය.කිරිබත්ගොඩ,කඩවත,මේ නගරවලටනම් lock down නැති ගානයි එසේනම් නිතිය ඇයි අපි පමණක් මේ ගෙදරට වේලා හොඳ පරිප්පු කන්නේ ඇයි අපි විතරද මේ නීතියට අවනත වියයුත්තේ? මේකනම් ක්‍රියාවත්.නීතියත් ඔයාලගේ උතසහය වතුරේ කියලා සිතාගන්න මොකද අතළොස්සක් දේනා තමන් ගැනත් සිතා අන් අයගැනත් සිතමින් සුරක්‍ෂිතව ගෙදරට වෙලා කියපු විදියට ඉන්නවනම් ඇයි අනෙක් අය මෙසේ පිස්සෝ වගේ එහාට,මෙහාට යන්නේ?මේකට කඩිනම් පිළියමක් කරන්න නැතිව අපි පමණක් මේ දහාදුක විඳින්න ඕනේද.එසේත් නැතිනම් ආරක්ෂා වෙලා ඉන්නා එකාට ආරක්ෂාවේ ඉන්න දීලා අනිත් කියන දේය නාහන කාලකන්ණි යන්නට මැරෙන්න ඕනේනම් මැරියවූ කියා රට විවුර්ථ කරන්න තමන් අසාදිතයින් වුවිට අන්න තේරේවි ටින්කිරිවල රංගේ,ඒකනිසා තවත් මෙම lock down එක දිර්ගකර අපි වගේ නීතියට ගරුකරණ.සුරක්‍ෂිතව ඉන්නා අය ගැන සිතා රට තවදුරටත් වසන්න එපා අපෙත් මේ හිඳීමේ සීමාවක් තිබෙනවා අන්න එකත් මතක තබාගන්න. 

      • MD says:

        ඔබ නිවැරදියි සත්තකින්ම.හමුදාපති තුමනි අප ඔබ සැමට ගෞරවය පුදකරමි.මෙවැනි දේ ගැනත් පරීක්ෂා කර බලනු මැනවි.

  3. ආගමික ශබ්ද දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් !!! says:

    යුධහමුදාපති තුමනි , කන්න දේවල් විකුණන අත්‍යවශ්‍ය සේවා ජංගම වෙළඳ රථ එන සද්දයක්වත් ඇහෙන්නෙ නෑ පන්සලේ ලවුඩ්ස්පීකර් සද්දෙට

    • Lakmal gurusinghe says:

      තමුන් නාන්සෙ හැම comment එකක කටම පන්සල් වල පිරිත් දානව කියල දානව.තමුන් නන්සෙට ඇහෙන්නෙ නැද්ද මුස්ලිම් පල්ලිවල දවසට 5 පාරක් ලව්ඩ් ස්පිකර් දාගෙන ආගම කියනව.තමුන්නාන්සෙට ලොකු අමාරුවක් තියෙන්න පන්සල් වල loud spekers දානව කියල

    • සින්හලයා says:

      තමුන් නාන්සෙ හැම comment එකක කටම පන්සල් වල පිරිත් දානව කියල දානව.තමුන් නන්සෙට ඇහෙන්නෙ නැද්ද මුස්ලිම් පල්ලිවල දවසට 5 පාරක් ලව්ඩ් ස්පිකර් දාගෙන ආගම කියනව.තමුන්නාන්සෙට ලොකු අමාරුවක් තියෙන්න පන්සල් වල loud spekers දානව කියල

    • Dilith says:

      මා දන්න විදියට පන්සල්වල උතුමි පිරිත් දේසනාවන් විසුරවන්නේ උදේ සහ හවස පැය හෝ පැය බාගය බැගින් පමනයි. මෙි මහත්මයා අරැම පුදුම ගමක ජිවත්වෙන අයෙක් වගේ

    • Maha Sinhale says:

      රතන සූත්‍රය නිසා දැන් කොරෝනා ගොඩක් අඩු වෙලා. බොරුවට එන්නත් වලට සල්ලි නාස්ති කරන්නෙ. රට පුරාම මහා සද්දෙන් පැය 24 රතන සුත්‍රය දමන්න. සුමානයක් යනවිට එක කොරෝනා රෝගියක්වත් නැති වේවි.

    • MD says:

      ඔයා පහුගිය කාලේ කොච්චිකඩේ කටුවපිටියේ මොනවහරි ශබ්ද ඇහූන වේලාවේ සතුටක් ලැබුව වගේ දැනෙනවා

  4. Saman says:

    Mr බීන්

    • sana says:

      Thopi wage harak thamai ballo rala watuna wage boru rasthiyadu gahala lede bo karanne…me tharam wehesa wena minissunta apahasa karanna kalin tho manussayek wela hitawapan gas otuwa.

  5. nalin says:

    You would have taken these actions in mid April. You think this is not a war. So you have to think this is war. Don’t trust on people too much. These innocent people spoiled by blood politicians. So now one there to correct. So you are one of the responsible person. Take action so strictly and manage this effectively. Be get to gether with all other professions as well. Apprently you militery and Drs are having gauge. Such issues will end up with high no of patients. Don’t be so hurry to reply for the media. Media is fucking thing in SL. Think this is as a war and act.

  6. priyantha says:

    ඔබතුමන් සහ අජිත් රෝහණ මහත්මයාගේ දැනුවත් කිරීම් නැතිනම් මේ වෙනකොට 4 වෙනි රැල්ලකුත් ඇවිත් ලොකු විනාශයක් වෙලා ඉවරයි…..නමුත් ඔබතුමන්ලා ගන්නා තීන්දු තීරණ ගත යුතු වෙලාවේ නිවැරදිව ගන්නේ නැහැ…පීසීආර් අඩු කරලා ආසාධිතයින් අඩු කරලා පෙන්වපු තකතීරු ක්‍රමවේදය නිසා අවුරුදු රැල්ල ඇති වුණා…දවස් දෙකක්වත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගන්න ඉඩ දීලා දින 14 ක් සම්පූර්ණ රට වසා දැමීමක් කරානම් හොද ප්‍රතිඵලයක් ලබන්න තිබ්බා….ලංකාවේ මිනිසුන්ගේ හැසිරීම නොදන්න තොත්ත බබාලා නෙවෙයිනේ ඔබතුමන්ලා….ඒ බව දැන ගෙන මිනිසුන්වත් පීඩාවට ලක් නොකර කරන්න තියෙන වැඩ අතපසු කිරීම කණගාටුවක්….

  7. Lakki says:

    මේ මහත්තයට තේරෙන්නේ නැද්ද මිනිස්සුන්ට රැකියා ස්තාන වලින් එන්ඩ කියනවා කියල. සන්චරන සිමා උන්ට වැඩක් නැහැ

  8. චන්ද දායක says:

    ඇඹරෙන්නෙ නැතුව ඇඳිරි නීතිය දැම්මා නං ඉවරයි නෙ.

  9. RITIGALA says:

    must need a full scale CURFEW…or else this careless fools will be on roads 24/7

  10. හමුදාපතිතුමනි, ගනින්නාන්සෙලාටයි , හිගන ප්‍රාදේශීය දේශපාලකයන්ටයි, මාධ්‍යවේදීන් යැයි කියාගන්නා හිගන්නන්ටයි කොවිඩ් මර්ධනයට සම්බන්ධ වෙන්න දෙන්න එපා .

Main News