ජනක බණ්ඩාර පසුපස යැවූ ඔත්තුකරුවන් මාට්ටුයි.. සභාවේ කලබල..

November 6, 2016 at 9:20 am | lanka C news
ජනක බණ්ඩාර පසුපස යැවූ ඔත්තුකරුවන් මාට්ටුයි.. සභාවේ කලබල..

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ සමිති වෙත භාණ්ඩ හා උපකරණ බෙදා දීමෙ උත්සවයක් ඒ මහතාගේ නිවසේදි ඊයේ දින පැවති අතර එම උත්සවයට නාදුනන පුද්ගලයින් දෙපලක් පැමින උත්සවය ඡායාරෑප ගත කරමින් සිටියදී සභාව නොසන්සුන් වි ඇත.

නාදුනන මෙම දෙපල කවිරැන්දැයි විමසා බැලීමෙිදි අනාවරණය වී ඇත්තේ රාජ්‍ය ඔත්තු අංශයට අයත් නිලධාරින් දෙපලක් බවයි.

ඔවුන්ට පැවරී ඇති රාජකාරිය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ යට අයත් නායකයින්ගේ සහ ක්‍රියාකාරින්ගේ තොරතුරැ වාර්තා කිරීමය.

පැමින සිටි පිරිස් දිගින් දිගටම මෙම යහ පාලන ඔත්තු කරැවන්ගෙන් ප්‍රශ්න කිරීමෙදි දැඩි අහසුතාවයට පත්ව හීන්සීරැවෙි ඔවුන් දෙපල මාරැ වී පිටව ගොස් ඇති බවද වාර්තාවෙ.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා ක්‍රීඩා සහ කර්මාණ්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද සහභාගි වී ඇත.

මෙම අවස්ථාවට සහභාගි වන මහජන නියෝජිතයින් සහ අනෙකුත් ක්‍රියාකාරිකයින් ඡායාරෑපගත කිරිම සහිත තොරතුරැ රැස් කිරීම මොවුන්ගේ අරමුණ බව වැඩි දුරටත් වාර්තාවෙ.

– නිමල් පියතිස්ස FB

18 views

4 Comments to “ජනක බණ්ඩාර පසුපස යැවූ ඔත්තුකරුවන් මාට්ටුයි.. සභාවේ කලබල..”

  1. සුරේඛා says:

    චීත්තයක් ඇඳගෙන ඔය වැඩේ කලා නම් වඩා හොදයි නෙද?

    • Helaya says:

      Cheeththekuth hoda wadi sureka.
      Ratata hena gahuwath nopenena brapathiyek karana rataka wena monawa balaporottu wennada??
      Okata kiyanne Appa manasikathwaya kiyala ayubowanda…….

  2. ඇත්ත says:

    නියමායි…මේ වගේ ඔත්තුකරැවන් ඒකාබද්ධ විපක්ෂයේ හැම රැස්වීමකටම යැවිය යුතුය. 88-89 කාලේ වගේ ගෝනි බිල්ලන් යවන්න එපා….රැස්වීමකට එන සියලු දෙනා Photo ගත යුතුයි. ඉන් පසු වැලිඅමුණ, සුමන්තිරන්, අනුර දිසානායක ඉන්න යහපාලන සංහිදියා කණ්ඩායමට Photo පෙන්විය යුතුයි. ඔවුන් දෙන උපදෙස් අනුව FCID, CID ජනාධිපති කොමිසම සහ නීතිපති වහාම මොකක් හරි අපරාධ චෝදනාවක් ඉදිරිපත් කර ප්‍රකාශයක් ගන්න එන්න කියා ප්‍රකාශය ගැනීමෙන් පසු අත් අඩංගුවට ගත යුතුයි. දිලු කලන් බන්ධනාගාරගත කර තැබිය යුතුයි. ඉන් පසු ඇප දී අධීකරණය ස්වාධින බව පෙන්විය යුතුය.
    නැවත නඩු කැදවිය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වලට යන්න බැරි වෙන විදිහට දින යෙදෙන විදිහටයි.
    කොහොමද සහපාලන නීති ගැටේ.
    88-89 කොල්ලෙ මරල රට සුද්දට පාවා දුන්න. දැන් හිරගෙවල්…පෙන්වල රට පාලනය කරනවා…මරැ වෙනස….

  3. සිසිර says:

    අතට අහුවෙලත් අඩුතරමෙ උන්ගෙ රාජකාරි අයි.ඩී එකේ කොපියක් ගහගෙන කටතරයක් ගන්න ගමන් වීඩියෝ කරලා වෙබ් එකට දාන්න බැරි චීත්තදාරී ලලනාවන් එක්ක පුලුවන් වේවිද අලුත් ආන්ඩුවක් පිහිටුවන්න.

Main News