ජනපතිගෙන් එජාපයට තවත් ටොක්කක්.. කැබිනට් පත‍්‍රිකාව විසි කරයි..

June 24, 2018 at 10:00 am | lanka C news
ජනපතිගෙන් එජාපයට තවත් ටොක්කක්.. කැබිනට් පත‍්‍රිකාව විසි කරයි..

රැකියා විරහිත උපාධිධාරීන් 5000කට ආණ්ඩුවේ රැකියා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා තිබේ.

මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබුනේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා විසිනි.

කැබිනට් පත‍්‍රිකාව නවතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාල පත්වීම් දීම නිසි ක්‍රමවේදයකට සිදුකර නැති බවය.

ඉදිරියේදී නැවතත් එම ලයිස්තුව සකස් කිරීමේදී දේශපාලන මැදිහත්වීමක් නැතිව වඩා විනිවිදභාවයකින් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා දන්වා ඇත.

ජනාධිපතිවරයා තව දුරටත් සදහන් කර ඇත්තේ උපාධිධාරීන් පන්දහසකට පමණක්‌ නොව සියළු උපාධිධාරීන්ට රැකියා ලබාදිය යුතු බවයි.

36 views