ජනපතිගෙන් ගැසට් වාර්තාවක්.. එක් දිනකදී වැඩිම ගැසට් නිවේදන තොගය නිකුත් කරයි..

October 13, 2019 at 3:50 pm | lanka C news
ජනපතිගෙන් ගැසට් වාර්තාවක්.. එක් දිනකදී වැඩිම ගැසට් නිවේදන තොගය නිකුත් කරයි..

මෙරට ඉතිහාසය තුළ ගැසට් පත‍්‍ර වැඩිම ප්‍රමාණයකට අත්සන් තබන ලද්දේ ඊයේ දිනයේදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනය තුළ පමණක් ගැසට් නිවේදන 65කට අත්සන් තබා තිබේ.

මෙම ගැසට් පත්ර නිකුත් කරන ලද්දේ අනාරක්ෂිතව පැවති වනරක්ෂිත 65ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම් කරමිනි.

ජනාධිපතිවරයා මෙම ගැසට් පත්‍ර වලට අත්සන් කරන ලද්දේ ඊයේ දින ගල්ඔය රක්ෂිතය දී පැවති උත්සවයකදීය.

54 views

14 Comments to “ජනපතිගෙන් ගැසට් වාර්තාවක්.. එක් දිනකදී වැඩිම ගැසට් නිවේදන තොගය නිකුත් කරයි..”

  1. MD says:

    Ewanam ela

  2. "ගැසට් පත‍්‍තරය" says:

    අන්තිම කැමති පත්‍රය යන දින ලියදී
    ලියලා ඇති ඵලය කරුම උරුම කරදී
    මුලු රටම දෙදර අනාරක්‍ෂිත කර වදදී
    මෙවන් කෙනෙක් නැත මතු රට උපදී

  3. සිංහලයා says:

    අන්තිම කාලේ හරි රටට හොඳ වැඩක් නරන එකනම් හොඳයි ජනාධිපතිතුමා

  4. නිළමේ says:

    දැන් නෙ මෙයාට ඇහැරිලා තියෙන්නේ.

  5. Dp says:

    ගැසෙට් කරන එක හොඳයි .එත් එහෙම කරලා තියෙන ඒවත් බදුර්දීන්ලා කපල එලි කරනකොට නිදි වගේ ඉන්නවනම් වැඩක් නෑ.

  6. Love nature says:

    කලින් නොකිරීම ගැන කනගාටුවෙනවා දැන් බාගයක්ම විනාසයි

  7. Love nature says:

    ශ්‍රී ලංකාව තුළද පවතින බරපතල පාරිසරික ගැටලු වලින් එකක් වන්නේ වන විනාශයයි. වර්ෂ 1920 දී, දිවයින සතුව පැවති වන වැස්ම 49% ක් වූ අතර වර්ෂ 2010 වන විට එය ආසන්න වශයෙන් 26.6% ක් දක්වා පහත වැටී ඇත. වර්ෂ 1990 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ වනාන්තර හෙක්ටයාර් 24500ක් අහිමි වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික වන විනාශ සීඝ්‍රතාවය 1.14%ක් බව සැලකේ. රටක භුමි ප්‍රමාණයෙන් අවම වශයෙන් 35% ක් වත් පමණ වන වැස්මක් තිබිය යුතු නමුත් අද අප රටේ පවතින ප්‍රමාණය එයින් 20%ක් පමණ වේ.

    සෑම වසරක් තුළතම ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටෙයාර 8000ක් පමණ විනාශ වන බව පරිසරවේදීහු පවසති. මෙලෙස සිදුවන වන විනාශය අඛන්ඩව පැවතිය හොත් 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන වැස්ම 13% දක්වා අඩුවිය හැකි බවට පර්යේෂකයෝ අනතුරු අඟවති.

  8. sunimal says:

    නිවර්තන කලාපීය දූපතක් වන ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථාන 34ට අයත් රටකි. එලෙස ජාත්‍යන්තර සම්භාවනාවට ලක්වූ මේ කුඩා දිවයිනේ වනාන්තර ආරක්ෂා කරගැනීම අපගේ වගකීමයි. මෙසේ දිගින් දිගටම සිදුවන වන විනාශය වැලැක්වීම සඳහා ස්ථිරසාර විසඳුමක් හා ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබේ. වන සම්පත රැක ගැනීම යනු අපේම අනාගතය රැක ගැනීම බව අමතක නොකරන්න

  9. Love nature says:

    ශ්‍රී ලංකාවේ පවතින වඩාත් පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය විල්පත්තුව වනෝද්‍යානයයි. එබැවින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට අයත් වටිනා ජාතික සම්පතක් වන බව අවිවාදයෙන් පිළිගත යුතුය.

  10. විනීත says:

    මෙයා මොන තරම් දේවල් කලින් තහනම් කලාද, කවුරුවත් ගණන් ගන්නේ නැහැ, ඔය ගැසට් 65ත් ලියපු කොල තරම් වත් වටින්නේ නැහැ

Main News