ජනපති තනි සටනේ.. තවත් ගැසට් නිවේදනයක්.. ඇමතිලාට හිතුමතේ වැඩ බෑ.. සුදුසුකම් බලන්න කමිටුවක්..
January 4, 2019 at 1:20 pm | lanka C news
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/ 2018 අංක දරන එම චක්‍රලේඛය නිකුත් කර තිබේ. එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තේ ය. ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න මහතා සහ අගමැතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු කටයුතු කරයි.
දැනට පත් කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සුදුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් දුන්නේ ය. එමෙන්ම මේ පිළිබඳව තමා ඉදිරියේ දී සියලු අමාත්‍යවරුන්ට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.
රජයේ වාහන පිළිබඳ විධිමත් වාර්තා පවත්වාගෙන නොයාම හේතුවෙන් සිදුවන අක්රමිතාවන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ එම තත්ත්වය ඉදිරියේ දී වළක්වා ගැනීමට රජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි. රජයේ වාහන සංචිතයේ තොරතුරු ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ දැන ගැනීමට හැකිවන අයුරින් එම තොරතුරු පවත්වාගෙන යාමට ද ජනාධිපතිතුමා නිලධාරින් උපදෙස් දුන්නේ ය.
එමෙන්ම සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකුම මාස 03 කට වරක්වත් තමන්ගේ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත ගොස් කාර්ය මණ්ඩලය හමුවී ඒවායේ ක්‍රියාකාරිත්වය සහ ගැටලු පිළිබඳ සොයා බැලීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
මත්ද්ර්ය නිවාරණය සඳහා ගෙන යන වැඩපිළිවෙළට සියලු අමාත්‍යාංශවල සහාය හිමිවිය යුතු අතර සෑම රාජ්‍ය ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් පිහිටුවීම ඇතුළු පසුගිය වසරවල නිකුත් කර තිබෙන චක්‍රලේඛ අනුව එහි දී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
ජනතාව දුගී බවින් මුදා ගැනීම සඳහා දියත් කළ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ඉදිරියේ දී පුළුල් ජනතා ව්‍යාපාරයක් බවට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන අතර එය සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියලු රාජ්‍ය නිලධාරින්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
එමෙන්ම රටේ සංවර්ධනය සහ ජනතා සුබසෙත වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ උපරිමයෙන් පොදු මහ ජනතාව වෙත ලබාදෙමින් 2020 රජයේ සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලු පාර්ශ්වයන් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මීට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය ඒකකය
සුදුසුකම අඩුමගානේ උපාදියක් ලබා සිටීම
උපාධියක් ලබා තියන හැම කෙනෙක්ම දක්ෂයෙක් වෙන්නෙ නැහැ. ඒ හින්ද තමය් සමාගම් වලට මැනේජර්ල ඉන්ටවිව් කරල ගන්නෙ. උපාධි නැති අති දක්ෂයො මම ලංකාවෙත් එංගලන්තෙත් ඕන තරම් දැකල තියනවා
උපාධිය නම් වර්තමානයේ උණක් පමණි. අතීතය දෙස හැරී බලනු. එකල මෙවැනි විකෘති මනසක් සහිත මිනිසුන් නොව ශිලාචාර ගුණ ගරුක හැදියාවෙන් උතුම් වු මිනිස් කොටසක් ජිවත් වුවාය. නමුත් උපාධිය පමණක් ලොකු කරගනිමින් අනෙකුන්ට ගැරහීමෙන් වලකින්න. උපාධියක් නොමැතිව නමුත් මනා බුද්ධිමත් භාවයෙන් හෙබි කොපමණ මිනිස් ගහණයක් සිටිනවාද? උපාධිය යනු ඉගෙන ගැනීමේ සංකල්පයක් පමණි. නමුත් බුද්ධිය හා ඊට සාපේක්ෂව තේරුම් ගැනිමේ මෙන්ම යමක් කඩිනමින් යථාර්තවාදීව කිරීමට උපාධියක් අවශ්‍ය නැත. උපාධි නැති බුද්ධිමත් මිනිසුන්ට ගැරහීමෙන් වලකිනු.
හරියට හරි යහපාලනය පටන්ගත්තේ දැනුයි .දැන් එවාපල්ලකෝ තොපේ අටපාස් තක්කඩි සංස්ථා සභාපතිලා කොරන්න .උගත් රාජ්‍ය සේවකයන්ව පාලනය කරන්න නුගත් දෙකයි පනහේ බුද්දදාසලාගේ පන්තියේ එවුන් .ජනපතිතුමාට ජයවේවා රටේ ස්වයිරි භාවය රැකගැනීමට කළහැකි හැමදේම කරන ජනපතිතුමනි ඔබට ජනතා ප්‍රණාමය .
ඒ දවස්වල බැන්නා නේද කුණු හරපයෙන්
ඔව් දෙෂවිරෝදී උඹලා සමග සන්ධාන ගතවුනාම බැන්නා අද දේශප්‍රේමින් එක්ක සන්දානගතවූ එතුමාට උඹලා බනිනවා වගේ ,
අපේ පක්ෂය දේශප්‍රේමිත්වය මිසක් පුද්ගලයා නොවෙයි ප්රතිපත්තියයි
නිශ්ශංක ඔබ හරි
UNP වහල්ලුන් වගේ නෙවෙයි. හරි දේ කරනකොට ප්‍රසංශා කරන එකත් වැරදි වැඩ කරණකොට බනින එකත් තමයි රටට ආදරය කරන හැමෝම කළයුතුව තියෙන්නේ.
නැති නම් මහා බැංකුව හොරා කෑවත් හොඳයි කියන වහල්ලුන්ගේ මෝඩයන්ගේ සමාජයක් තමයි UNP සහ JVP එකේ තියෙන්නේ.
යකෝ වැරදි කරන කොට බණිනවා, හොඳ වැඩ කොරන කොට ඒවා අගය කරනවා. මොකක්ද ඒකෙ ඇති වැරැද්ද?
උඹනම් තාමත් හනමිටි යුගයෙම ඉන්න ගොබිලෙක් බං!
ඒ දවස්වල විතරක් නොවේ බන් අදත් බනින්නේ කුනුහරුපෙන්මයි. එකේ කිසි වරදක් නෑ . පාවාදීපු එකා කවදත් පාවාදෙන එකමයි කරන්නේ. බුදුවෙලා නෑ .
නවලෝක මුදලාලි අට වත් පාස් ද? නමුත් අති දක්ෂ කලමනාකරැවෙක් බව අපි හැමෝම දන්නවා. ධම්මික පෙරේරා උපාධිධාරීයෙක්ද නැහැනෙ නමුත් රටේම පොහොසතා. ජීඑල් මහාචාරියා නමුත් අමාත්‍යාංශයේ වැඩ වත් විශේෂ දක්ෂතාවයකින් කලේ නැහැ.
Does our president has enough educational qualifications..
SUgarcane Research Institute eke chairman wenna oni eminent scientist kenek. Namuth appoint karala thiyenne Arts graduate kenek amathige coordinating secretary.
Hari nam Act ekath vialate karana amathi saha chairman dennama gedara yawanna oni.
Janapathi thumani obata jaya wewa.
Janadhipathima gobbayek. Outa upadiyak nehe ata pass gamarala kohomada lekam lagen upadi illanne. Hitan ta irisiyawa.
Gamayageth Sudusukam baluwanam narakada ?
Kuhaka kamai , Moodakamai da Janapathi wenna sudusukama ?
මහින්ද එක්ක දීග ගිය හොර ආණ්ඩුව කාලෙ නඩු දෙකක් තියෙන නාලක ගොඩහේවට රක්ෂණ සංස්ථාව භාර දුන්නෙත් ඔය තියරියටමද සර්.
ඒවා රනිල් හොරා දාපු හොර නඩු වෙන්න ඇති බං. බලහංකො දවසක නිදොස් කොට නිදහස් නොවේද කියලා
විදේශ බලවේග වලින් මෙහෙයවෙන කළු බලවේග හැම මූලස්ථානයකම ස්ථානගත කරලයි තියෙන්නේ. අධිකරණය ඇතුලේ තියෙන කළු අධිකරණය,කළු පොලිසිය , කළු පන්සල, කළු පල්ලිය, කළු යුනිවර්සිටිය- රට හසුරවන්නේ මේවා යොදාගෙනයි.
කළු පොලිසියේ හා කළු අධිකරණයේ වැඩ දැං රටම දැක්කා..දන්නවා.
කළු බලවේග අළු කර රට බේරාගමු !!!!!!!!!!!!
Well done Mr President. Better late than never.
Rajya Ayathanawala Sabapathi wage niladharinge sudusukam balanawa wagema, Amathilageth sudusukam baluwoth thama honda
සිරාට මේ ඔක්කොම සුදුසුකම් තියනවද කියලා බලන්න ඔනේ.