ජනපතිගෙන් යලිත් රනිල් පිලට කුණු බැණුම්.. විදේශ අමාත්‍යංශය පට්ටා පතුරු ගහයි.. [Video]

March 27, 2019 at 10:36 pm | lanka C news
ජනපතිගෙන් යලිත් රනිල් පිලට කුණු බැණුම්.. විදේශ අමාත්‍යංශය පට්ටා පතුරු ගහයි.. [Video]

ජනීවාහිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිප්ත කරන ලද යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැඩිව දොස් පවරයි.

ජිනීවාහි සිටින ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා එකී යෝජනාවට අත්සන් තැබීම කර ඇත්තේ තමන්ගේ කිසිම අනුදැනුමකින් තොරව බවත් එය තමන් ප‍්‍රතික්‍ෂේප කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කළුතර මීගහතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

එම යෝජනාවට සහාය පල කිරීමෙන් රටත් රටේ හමුදාවක් පාවා දී ඇති බවද කී ජනාධිපතිවරයා එකී කිසිදු ලිපි ලේඛණයක් තම අනුමැතියෙන් ඉදිරිපත් කර තිබූ ඒවා නොවන බවද පැවසීය.

විදේශ ඇමති තිලක් මාරපන විසින් ජිනීවා සැසිය අමතමින් සිදු කල කතාව තමන්ගේ මැදිහත්වීමෙන් සකස් කර තියා දුන් එකක් බවත් කලින් සූදානම් කර තිබුනේ එවන් කතාවක් නොවන බවත් ජනාධිපතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

108 views
Main News