ජනපතිගෙන් FCIDට ඔත්තුවක්.. කෝටි හාරසියයේ ‘නිල්වලා බෝම්බය’ පත්තු වෙයි.. ඇමති නිමල් සිරිපාල ගස්..

November 29, 2016 at 9:20 am | lanka C news
ජනපතිගෙන් FCIDට ඔත්තුවක්.. කෝටි හාරසියයේ ‘නිල්වලා බෝම්බය’ පත්තු වෙයි.. ඇමති නිමල් සිරිපාල ගස්..

නිමල් සිරිපාල සිල්වා වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස සිටි කාල වකවානුවේදී නිලවල ගග ව්‍යාපතිය සඳහා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරින් කරන ලද ඉල්ලීම මත අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. එය රුපියල් මිලියන 4012 කි.

එහෙත් පසුගියදා ජනාධිපතිවරයා විසින් නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කල ප්‍රකාශ කල පරිද එම ව්‍යාපතිය සඳහා ලබාදි ඇති එම මුදලට කිසිම දෙයක් සිදුවී නැති බවයි.

නව රජය බලයට පත්වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කල අතර නව රජයේ එනම් දින 100 යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායක අමාත්‍යවරයාය.

ඔහු මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ ශ්‍රිලනිප ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජනාධිපතිවරනයට තරග කල අවස්ථාවේදි ජනාධිපති මෛත්‍රීපාල සමඟ සිටි අමාත්‍යවරයෙකි.

2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

එබැවින් සැබෑ ලෙස මෙතරම් විශාල මුදලක් අදාළ අමාත්‍යාංශයට ලැබීමෙන් පසු එම මුදල් අවශ්‍ය කාර්යය සඳහා යොදවා නැත්නම් එම කාලයේ අමාත්‍යාංශය භාර සිටි ඇමැතිවරයා ඊට වග කිවයුතු බව පසුගියදා FCID විසින් කරනු ලැබු පරීක්ෂණවලින් පැහැදිලි වන අතර ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ වර්තමානයේ සිටින ඉහත නම් සඳහන් අමාත්‍යවරුන් සම්බන්ධව ගන්නා තීරණය ජනතාව බලා සිටුනු ඇත.

2012 මැයි මස 26දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එවකට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරින් කැදවා වසර 28 පමාවි ඇති නිල්වලා ගග ව්‍යාප්තිය වහාම ආරම්භ කරන ලෙස උපදෙස් දෙන ලදි.

මාතර ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම කුඹුරුවලට මුහුදු වතුර ඒම වැලැක්වීම සහ හම්බන්තොට, මාතර යන දිස්ත්‍රික්වලට පානිය ජලය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මෙම සඳහා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින්ද සහභාගි වී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස වූයේ සිංගප්පූරු ‘මරිනා බරාජ්’ පිරිසිදු පානිය ජල ව්‍යාප්තිය සමාන යෝජනා ක්‍රමයට මෙම ව්‍යාප්තිය ස්ථාපිත කොට ගංවතුර හා ඉඩම්වලට මුහුදු ජලය ඒම වලක්වා මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමට අවශ්‍ය පරිදි මෙම නිල්වලා ගග යෝජන ක්‍රමය හැකි ඉක්මනින් නිමකරන ලෙසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස මේ සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කරන බවත් මෙම යෝජනා ක්‍රමය නිසා මොනම විදියකින් හෝ මාතර දිස්ත්‍රික්කයේ ස්වභාවික පරිසරයට හානි නොවීමට අමාත්‍යාංශ නිලධාරින් වග බලාගත යුතු බවත් එහිදි ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.

2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදිද අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.

30 views

30 Comments to “ජනපතිගෙන් FCIDට ඔත්තුවක්.. කෝටි හාරසියයේ ‘නිල්වලා බෝම්බය’ පත්තු වෙයි.. ඇමති නිමල් සිරිපාල ගස්..”

  1. SB says:

    මෙය කරන්න ඇත්තේ මහින්ද රාජපක්ශගෙ පිටින් යන්න හිතාගෙන බව රහසක් නොවේ. කෙසේ උවත් වගකීමකින් තොර මෙවැනි ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයෙකුට සුදුසු දෙයක් නොවේ. මොහුත් රන්ජන්ලගෙ, අජිත් පෙරේරලාගෙ තත්වයට වැටීම ගැන කණගාටුයි.

    • wije says:

      Mahinda mahattaya, Ghotabaya Mahattaya, Basil katakaranakota balanna wenasa. Yahapalane okkoma kata ariyot evarai. Kisima processional vidiyata nemi kathawa.

  2. Aba says:

    We are waiting to hear Nimal Siripalas side of this FRAUD story!

  3. Asoka says:

    කව්ද බන් මේ නිමල් සිරිපාල කියන්නේ ? සින්දු කියන එකෙක්වත්ද ?

  4. රණජය says:

    මොලේ නැති මේ හාදයගේ පිංගුත්තර උපදෙසකයෝ ටික වැඩි දවසක් යන්න කලින් මෙයාව කම්බස් කරනවා ඒකාන්තයි.

  5. shani says:

    Horu mokada parlimenthuwe, horu allala hire nodama purajeruwata kathakarala wadak naha.

  6. lion says:

    අත තියන්න එපා මේ මව්බිමට!

    https://www.facebook.com/desarasa.lanka/videos/201565833603305/

  7. saradieal says:

    මවුබිම රැකුමට…..වරෙව් එකා මෙන්

    https://lt-lt.facebook.com/LNW.today/?fref=nf

  8. pp says:

    ane man dannaha me MY3 ta mona welada kiyala. lida laga gano sangamaye lokki wage hama dama mona hari kono opadopayak kiyanawa lajja nadda manda . meyayh ekka ekata inna aya prissa men SLFP eka pawala donna wagema kawada hari ranil ge kerowwath tharaha wechch welawata dore gallanna ratata kiyayi.

  9. pp says:

    8 wenida chek ekak donna nam oka 8 wenida salli wenne nahane mokada 8 wenida jana: waranaysa neda . ethakota 9 wanada MR paradayi neda. 10 wanada kawoda janapathi lesa diworom donne,warimarga amathi lesa diworom donne .alothin diworom dipo aya thamayi mewata waga kiyanna one.

  10. Ananda says:

    All should know that no one needs to develop the country but to develop themselves after becoming a parliamentarian. What is doing, who is doing what? Governance never come unless a good leader come from the hevan

Main News