ජනපතිගේ උපදෙස් පරිදි උතුරේ ගංවතුරෙන් අවතැන් වුවන්ට සහනාධාර..

December 24, 2018 at 8:02 am | lanka C news
ජනපතිගේ උපදෙස් පරිදි උතුරේ ගංවතුරෙන් අවතැන් වුවන්ට සහනාධාර..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැති තුමාගේ උපදෙස් පරිදි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ විශේෂ මග පෙන්වීම යටතේ උතුරු පළාතේ කිලිනොච්චිය හා මුලතිවි ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වුවන් සදහා පහසුකම් සපයා දීම මේ වනවිට සිදු කරගෙන යනු ලබයි.

උතුරු පළාතේ කිලිනොච්චිය හා මුලතිවි ප්‍රදේශයන්හි මේ වන විට ඇති වී ඇති ගංවතුර තත්වය හේතුවෙන් නිවාස හා දේපල වලට යම්කිසි මට්ටමකින් අලාභානියක් සිදුවී ඇති අතර මේ වනවිට  කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් 1394 පමණ අවතැන් වී ඇති අතර, පුත්ගල සංඛ්‍යාව 4649 පමණ වේ.මොවුන්ට ප්‍රදේශයේ කදවුරු 26 ක නවතන් පහසුකම් සපයා ඇත.

මුලතිවි ප්‍රදේශයේ කදවුරු 28 තුල 4917 පමණ පිරිසක් රදවා ඇති අතර පවුල් සංඛ්‍යාව 1619 පමණ වේ .

මොවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු , ආහාරපාන සහ වියලි සලාක ප්‍රදේශයේ දිසාපති, ප්‍රදේශීය ලේකම් හා සුවෙච්චා සංවිධාන මගින් ලබාදෙනු ලබයි.

ශ්‍රී ලංකා යුධ හමුදාව නාවික හමුදාව සහ පොලිසිය මෙහිදී විශේෂ සහයෝගයක් ලබා දෙන අතර ගුවන් හමුදාව නිරන්තර සෝදිසියෙන් පසුවේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කරගෙන යනු ලබන අතර ඇතිවී ඇති ගංවතුර තත්වය පහව යනතෙක් සියල්ල නිරීක්ෂණය කරමින් ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරයි.

තවද හෙට දිනයේ 2018-12-24 කිලිනොච්චිය හා මුලතිවු ප්‍රදේශවල දිසාපතිවරුන්  හා මෙයට අදාල සියලුම රාජ්‍ය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් සුදානම් කර ඇති අතර එහිදී විපතට පත් වූ වන්ට හා ඔවුන්ගේ දේපල වලට වූ අලාභානිය වෙනුවෙන් වන්දි ලබාදීම පිළිබඳ සාකච්ඡා කරනු ලබන අතර විශේෂයෙන් ගොවිතැන් කටයුතු සදහා සිදුවූ අලාභානි පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරයි .

තවද අපවිත්‍ර වී ඇති නිවාස ,වෙළෙද සැල්,බිමට ගන්නා ජල ළිං සහ වැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමට අවශ්‍ය ක්‍රම වේදයන් පිළිබඳවද සාකච්ඡා කරීමටත් ඒ සදහා කඩිනම් පියවර ගැනීමටත් හෙට දිනයේ  නියමිතය.

– උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය

18 views

2 Comments to “ජනපතිගේ උපදෙස් පරිදි උතුරේ ගංවතුරෙන් අවතැන් වුවන්ට සහනාධාර..”

  1. LION says:

    උතුරේ දෙමල ජාතිකයන්ට විපතක් සිදුවූ විට පිහිට වන්නේ අපේ සිංහල ත්‍රිවිධ හමුදාවයි …ඔවුන්ට ආධාර සපයන්නේ රටේ මහජාතියේ බදු මුදලින් ….නමුත් ජාතිවාදී ඊළම් දෙමළ දේශපාලන පක්ෂ නිතරම අවමන් කරන්නේ සිංහල ජනතාවටයි ..
    මේ දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජනතාව වෙනුවෙන් සිදුකලේ /කරන්නේ කුමක්ද ?
    ඔවුන්ට බලේ සිටීමට ඊළමක් සදහා දෙමළ ජනතාව පෙළබිමයි ඔවුන්ගේ මඩි තරකර ගැනීම් පමණයි
    ලැජ්ජයි TNA ලැජ්ජයි

  2. CORBRA says:

    කිලිනොච්චිය මුලතිව් වල සිංහල ගම්මාන විනාශ කිරීමේ සාපය දෙමළුන්ට ස්වභාව ධර්මයෙන් ලබා දීලා

Main News