ජනපතිගේ උපන් දිනය අදයි.. ඔහු රන්මැලි සෑ පූජාවක.. දැයකම සුබ පැතුම් ගලයි..

June 20, 2020 at 8:40 am | lanka C news
ජනපතිගේ උපන් දිනය අදයි.. ඔහු රන්මැලි සෑ පූජාවක.. දැයකම සුබ පැතුම් ගලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.

1949 ජූනි මස 20 වන දින මාතර දී උපන් ඒ මහතා අද සිය 71 වෙනි උපන් දිනය සමරයි.

තම උපන් දිනය වෙනුවෙන් ඒ මහතා අද අලුයම අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස කිරි ආහාර පූජාවක් පැවැත්වීය.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් සමාජ ජාල පරිශීලකයන් විසින් විශාල වශයෙන් සුබපැතුම් එක් කරමින් සිටී.

1,401 views
Main News