ජනපතිගේ කඩුවට එජාප සිවු දිග කැපේ.. අලුත් ගැසට්ටුවෙන් එජාප ගෝලයන් කැපී විසිවේ..
January 11, 2019 at 9:20 am | lanka C news
රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ තිබෙන කොන්දේසි හේතුවෙන් මෙතෙක් කලක් එම තනතුරු දැරූ සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට තනතුරු අහිමි වී තිබේ.
සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායකයන් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා නිකුත් කර තිබිණ.
එම චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් දැරීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ විදේශ විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා තිබීම අනිවාර්ය වන අතර එවැනි තනතුරක් දරන පුද්ගලයෙකු වයස අවුරුදු 70කට අඩුවිය යුතුය.
මීට අමතරව වෘත්තීමය හා කළමණාකරන මට්ටමේ අත්දැකීම් තිබිය යුතු අතර අදාළ සේවයේ වසර 10ට වැඩි වෘත්තීය පළ පුරුද්ද තිබීම විධායක මට්ටමේ වසර 10කට වඩා අද්දැකීම් ඇති විශ්‍රමික රාජ්‍ය නිලධාරීන් වීම කර්මාන්ත කෘෂිකර්ම ව්‍යාපාරික හා කළමණාකරන ආදී අංශයක විශේෂ නිපුණතාවයක් ඇති තැනැත්තකු වීම කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පුද්ගලික සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස සේවය කර ඇති තැනැත්තකුවීම ආදී ලෙස සුදුසුකම් තිබිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මීට අමතරව එම චක්‍රලේඛයට අනුව ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් දරන්නෙකුට රාජ්‍ය ව්‍යවසාය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු විය නොහැකි බවටද කොන්දේසියක් පනවා ඇත.
මීට අමතරව අධ්‍යක්ෂවරයෙකුට රාජ්‍ය ව්‍යවසායන් තුනකට වඩා එකවර අධ්යක්ෂධූර නොදැරිය යුතු බවද අධ්‍යක්ෂධූරයක් වසර තුනකට වඩා වැඩි නොවිය යුතු අතර එකම අධ්‍යක්ෂධූරයක් දැරිය හැකි උපරිමවාර ගණන 3ක් විය යුතු බවටද කොන්දේසියක් පනවා තිබේ.
– lankadeepa
ඔය කියන ඒවයින් හරි අඩක්වත් තියෙනවදැයි මෙයාගෙන් ඇහුවොත් තොප්පි තෝට්ටම් තමයි. එතකොට අහන එකාට ගෙදර තියෙන කඩුවෙන් තමයි කොටන්ඩ වෙන්නේ.
මොන බොරුද, එතකොට niluka ඒකනායක ට මොන සුදුසු කම් ද
ටෙලිකොම් එක මල්ලිගෙනුයි දුවගෙනුයි බේරලා දෙන්න.සිරිසේන ටෙලිකොම් එක කෑවා.මහින්ද ලාබ ගන්න තැනට හදපු ටෙලිකොම් එක මේ පඹයා කෑවා
Well done Mr President.
This stupid good for nothing.most suitable for scarecrow .ranil with his gang and this stupid scarecrow destroyed country.only keep hopes with gotabaya
සභාපතිකම් අරගෙන අපේ සංස්ථා, මණ්ඩල ආදිය කන්ඩ බලාගෙන හිටපු පට්ට හොරු ටිකට නියම සබ්බුව අපේ ජනාධිපතිතුමා දුන්නෙ.