ජනපතිගේ කතාවෙන් පසු ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරුන් සහ සාමාජිකත්වයට කථානායකගෙන් පැහැදිලි කිරීමක්…

October 18, 2016 at 8:02 am | lanka C news
ජනපතිගේ කතාවෙන් පසු ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරුන් සහ සාමාජිකත්වයට කථානායකගෙන් පැහැදිලි කිරීමක්…

වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්ථාපිත කරන ලදුව ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව රජයේ ඉහළ අංශවලින් යම් අපැහැදිලි තත්ත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත වාර්තා කර තිබේ ද යන්න පිළිබඳව ස්වාධීන කොමිෂන් සභාවල ගරු සභාපතිවරුන් සහ සාමාජිකයන් බොහෝ දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කථානායක කරු ජයසූරිය මහතාගෙන් කරුණු පැහැදිලි කිරීමක් අපේක්ෂා කළහ.

මෙහිදී අදාළ අංශ සමග ද අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව කථානායකතුමන් විසින් පහත සඳහන් ආකාරයෙන් කරුණු පැහැදිලි කරන ලදී.

සමස්තයක් වශයෙන් ඒ ඒ ස්වාධීන කොමිෂන් සභාවන් හි ක්‍රියාකාරීත්වය හෝ ස්වාධීනත්වය පිළිබඳව ජනපතිතුමන් හෝ අගමැතිතුමන් විසින් කිසියම් අපැහැදිමක් හෝ එකිනෙකට වෙනස් කරුණු දැක්වීමක් සිදු නොකරන ලදී.

ඒ අනුව ඉදිරියේදීද ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමේ කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයෙහි ගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තමාට පැහැදිලිවම ප්‍රකාශ කළ හැකි බව ගරු කථානායකතුමන් පෙන්වා දෙනු ලැබිණි.

ජනතාව‍ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරනු වස් බහුතර ජනතා කැමැත්ත පරිදි ජනමතයට අනුකූලව බිහි කළ මෙම අතිශය වැදගත් කොමිෂන් සභා මගින් ඉටු කරනු ලබන ජාතික මෙහෙවර විශ්වාසයෙන් යුතුව ඉටු කරන ලෙසත්, එම ගෞරවනීය මෙහෙවර සෑම විටකම අගය කිරීමට නොපැකිලෙන බවත්, සියළුම සභාපතිවරුන් හා සාමාජිකයන් දැනුවත් කෙරුණු අතර, ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් මෙන්ම අදාළ අනිකුත් පාර්ශව සමගද සම්බන්ධීකරණය ගොඩ නගමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ ශක්තිය සහ ආශිර්වාදය ස්වාධීන කොමිෂන් සභා වෙත ලබා දීමට එහි සභාපතිවරයා ලෙස තමා කටයුතු කරන බවත් ගරු කථානායකතුමා දන්වා සිටින ලදී.

– චමින්ද ගමගේ

2 views

2 Comments to “ජනපතිගේ කතාවෙන් පසු ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරුන් සහ සාමාජිකත්වයට කථානායකගෙන් පැහැදිලි කිරීමක්…”

  1. Boo says:

    කතාවලින් වැඩක් නෑ, වැඩ තමයි පෙන්න ඕනේ, නැත්තන් ඉතින් ඕවා අර සද්දෙයි ගඳයි විතරක් තියෙන පඩ ෂෝ බවට පත් වෙනවා.

    ඒ නිසා කොමිෂන් සභා ඇත්තටම ස්වාධීන නං අල්ලස් කොමිසමෙන් 11 වතාවකට වඩා කට්ටි පැන පැන ඉන්න අර රාජිත කියන හොරා අර විරුද්ධ පක්ෂේ අයව ගෙනිච්ච විදිහටම කුදලාගෙන මාංචු දාලා ගෙනිහිල්ල පෙන්නපන්, නැත්තන් ඉතින් ඔය පඩ ෂෝ වලට මිනිස්සු රැවටුණු කාලේ ගියා, UNP නපුංසකයෝ නං ඕවට අහුවෙයි.

  2. sidu says:

    ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ අංක දෙකේ මහා බැංකු අධිපති හොරා සහ ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිවූ ලොව ලොකුම අංක එකේ කොටස් මාෆියා කරු එල්ටීටියට සල්ලි දුන් දැනට ඇමෙරිකාවේ හිරබත්කන රාජ් රාජරත්නම් ගේ ආයෝජන උපදේශක ඉන්ද්‍රජිත් කුමාරස්වාමියා බැඳුම්කර හොරකමේ වාර්තාව එලියට දානවා වෙනුවට මහා බැංකු සේවකයන් බය කිරීමට පොලිසිය සී.අයි.ඩිය. (CID) සහ එෆ්.සී.අයි.ඩිය. (FCID) සේවකයන් පරික්ෂා කිරීමට ගෙන්නන්න හදන්නේ රනිල් හොරාව, රනිල්ගේ පෞද්ගලික කැෂියර් (මුදල් අයකැමි) අර්ජුන මහේන්ද්‍රන් සහ බෑණා අර්ජුන් ඇලෝසියස් ව බේරා ගැනීමටයි
    https://www.facebook.com/BondFraud/photos/a.1456980637940021.1073741827.1456945524610199/1605465889758161/?type=3&theater

Main News