ජනපතිගේ ක්‍රියාකලාපය විශිෂ්ඨයි.. තවත් බල බලා ඉද වැඩක් නෑ.. ජවිපෙ මන්ත්‍රී පොහොට්ටුව වේදිකාවට නගී.. පෙරටුගාමී සංවිධායකත් ඔහු පිටුපස..

June 28, 2020 at 9:20 am | lanka C news
ජනපතිගේ ක්‍රියාකලාපය විශිෂ්ඨයි.. තවත් බල බලා ඉද වැඩක් නෑ.. ජවිපෙ මන්ත්‍රී පොහොට්ටුව වේදිකාවට නගී.. පෙරටුගාමී සංවිධායකත් ඔහු පිටුපස..

ජනාධිපතිතුමන්ගේ පැහැදිලි වැඩපිළිවෙල හමුවේ තවදුරටත් එතුමන්ට සහය නොදී සිටීම රටට ආදරය කරන කිසිවකුට හෝ සිදු කල නොහැක්කක් බව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ එකම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී KG නන්දසිරි මහතා ඊයේ සවස රාජාංගන මංසන්දියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක දී පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජවිපෙ ප්‍රධානියකු වන නන්දසිරි මහතා වැඩි දුරටත් පැවසුවේ ඉදිරි මහා මැතිවරණයේදී තමා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බවයි.

මහාචාර්ය ජයසුමන වැන්නකුට සහාය නොදේනම් ඒ කුහකකමක් බවත් පක්ෂ බේදයකින් තොරව මෙවැනි විද්වතුන් පාර්ලිමේන්තු යැවීමට අද රජරට ජනතාව බලා සිටින බවත් පැවසීය.

මෙහිදී සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වුයේ රාජාංගනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක KA සෙනවිරත්න මහතා ද මහාචාර්ය චන්න ජයසුමනට සහය පල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වීමයි.

-NJ බණ්ඩාර / රාජාංගනය

393 views

41 Comments to “ජනපතිගේ ක්‍රියාකලාපය විශිෂ්ඨයි.. තවත් බල බලා ඉද වැඩක් නෑ.. ජවිපෙ මන්ත්‍රී පොහොට්ටුව වේදිකාවට නගී.. පෙරටුගාමී සංවිධායකත් ඔහු පිටුපස..”

  1. Kgs basnayake says:

    Remaining % = 3% – 0.75% = 2.25%
    Heard that AKD has already asked for refuge in Ranils house or Yala sanctuary.

  2. Saradiel says:

    ජේ වී පි 3 දෙනාට නැවත රනිල්ගේ පිගන්හොදන රැකියාව ලබා ගන්න පුලුවන්

    • ඉත්තෑවා says:

      ධනපතියෝ නැතිකරනව කියල ව්‍යාපාරිකයො මරලා, කර්මාන්තශාලා ගිනි තියල, රටේ රස්සා නැති කරපු කාලකන්නි. රස්සා නැති නිසා ගම් වල ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග රස්සාවට යන්න පටන් ගත්තා. කාලකන්නි ජෙප්පො රට කෑව.

  3. දුටුගැමුණු says:

    බලාපං අනුරයා වහ බීලාද කියලා ?

  4. ජෙප්පන්ගෙ කුහකකම තවත් තහවුරු කරන අවස්ථාවක්............! says:

    මහාචාර්ය ජයසුමනයන්ට, නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයෙන් ජය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ජෙප්පොත් එක්ක ඉන්නකම් මල් මසුරන් බඩු!
    ගිය ගමන් හාලි කෑලි!
    ඔන්න ජෙප්පන්ගෙ කුහකකම තවත් තහවුරු කරන අවස්ථාවක්…………! :d

  5. Vis8 says:

    These people finally realized what the JVP is. Thank you for having a spine to stand up for the country! Best wishes!

Main News