ජනපතිගේ කේන්දරේ බලා බෝපගේට වැඩ වරදියි.. ධුරයෙන් යන්න වෙයි..
December 27, 2016 at 1:06 am | lanka C news
නිමල් බෝපගේ මහතා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බවත් එම තනතුර සදහා ජනවාරි මාසයේදී වෙනත් ආයකු පත් කිරීමට නියමිත බවත් ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් වන ජ්‍යෙතිශ මතයක් සම්බන්දයෙන් බෝපගේ මහතා මාධ්‍ය හමුවක් කැදවා මතයක් ඉදිරිපත් කිරීම මීට ආසන්න හේතුව වී ඇති බව වාර්තා වෙයි.
එම මාධ්‍ය හමුවේදී ලේකම්වරයා පැවසූ කරුණු හේතුවෙන් රජය අපහසුතාවයට පත්වූ බවත් ජ්‍යෙතිශ මත සමබන්දයෙන් වැදගත් නොවන කරුණක් වෙනුවෙන් මේ ආකාරයේ ප්රවෘත්ති සාකච්ඡා පැවැත්වීම ගැන රජයේ බොහෝ මැති ඇමතිවරැුන් විරෝදය පල කර ඇතැයිද සදහන්ය.