ජනපතිගේ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව යලි රැස්වෙනවා.. උසාවි නියෝගයක් ගේනවා..- සුමන්තිරන්

April 22, 2020 at 10:10 am | lanka C news
ජනපතිගේ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව යලි රැස්වෙනවා.. උසාවි නියෝගයක් ගේනවා..- සුමන්තිරන්

මහමැතිවරණය ජුනි 02 දාට පළමුව පැවැත්වීමට නොහැකි නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස් විය යුතු වුවත් ජූනි 02ට ඡන්දය පැවැත්වීමට නොහැකි නිසා එම ගැසට් නිවේදනය වලංගු නොවන බව ද ඔහු පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවූ වුවද නැතද ව්‍යවස්ථාව නම් අනුව පැරණි පාර්ලිමේන්තුව බලාත්මක වන බවද එයට රැුස්වීමට හැකි බවද ඔහු කියා සිටියේය.

මේ දිනවල අධිකරණ කටයුතු නතර කර ඇතත් විද්‍යුත් තැපැල් මාර්ගයෙන් නඩුවක් ගොනු කිරීමේ හැකියාව ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

433 views

80 Comments to “ජනපතිගේ ගැසට්ටුව අවලංගුයි.. පැවති පාර්ලිමේන්තුව යලි රැස්වෙනවා.. උසාවි නියෝගයක් ගේනවා..- සුමන්තිරන්”

  1. waruna says:

    මෙම රට සිංහල ජාතිය පවතින්නේ අනිකට නොව තථාගත බුදු රජාණන් වහන්සේ ගෙන් පසු ඉන්දියාවෙන් අතුරුදන් ව ගිය බුද්ධ ධර්මය පවත්වා ගැනීම සඳහාය. එය විශ්ව ධර්මතාවයකි. බොහෝ සිංහලයන් පෙර අතීතයේ ඉන්දියාවේ විසු බෞද්ධයෝ වෙති. පාපතර මිසදුටුවන්ගෙන් බහුල දේශයේ ධර්මය නොපවතින බැවින් ප්‍රාර්ථනා සහිතව මෙසේ එක විසු බෞද්ධයෝ ධර්මය පවතින භූමිවල මෙසේ ප්‍රතිසන්ධි ලබත්.

    මේ බව නොදත් මෙම ද්‍රෝහී මිසදුටුවන් කලින් කලට මෙම ධර්මතාවයට බාධා කරති. නමුත් මෙම ද්‍රෝහීන් සමුහ වශයෙන් බාධා කරන සැමවිටම විටම පාහේ මේ බිමෙන් බිහිවන සිංහලයකු විසින් මොවුන් සමුලව මර්ධනය කරතත් කාලයට අනුරුපීව ශේෂයෝ ඉතිරිවෙත්. එම ද්‍රෝහීන්ට මේ බිමෙන් උපදින ඇතම් පරපොශිතයෝද අනුග්‍රහ දක්වති.මෙම ද්‍රෝහීන්ට අවසානයේ උරුමවනුයේ ඉතා කුරිරු මරණයකටය.

    ලංකා භූමියට වින කැටු ඉන්දිරා ගාන්දි , රජිව් ගාන්දි,ප්‍රභාකරන් ගේ පටන් නුතන ද්‍රෝහීන්ටට මෙම ධර්මතාවය උරුම වේ.

Main News