ජනපතිගේ තීරණයට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබේ..

October 6, 2019 at 12:02 am | lanka C news
ජනපතිගේ තීරණයට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබේ..

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභිමතය පරිදි තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසර ලබාදී තිබේ.

ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.

නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් එළඹෙන 09 වැනිදා අත්සන් තැබීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා සඳහා අත්සන් තබන අවස්ථාවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් කිහිප දෙනෙකු සහභාගි කරවීමට ඉඩ ඇති බවද වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අතර පැවති සාකච්ඡාවේදී මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොහොට්ටුව ලකුණට සහයෝගය දීමට එකඟතාවය පළ වී ඇතැයි අප වෙත වාර්තා විය.

82 views

7 Comments to “ජනපතිගේ තීරණයට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබේ..”

  1. sirimal says:

    අවාසනාවට ලංකාවේ ජනාධිපති අපේක්ෂකයන් ප්‍රතිපත්ති ගැන නොව පොරොන්දු ගැන කතා කරනවා . ඇතැම් අපේක්ෂකයන් ට ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසු කම් නැති නිසා ඔවුන් කරන්නේ මීට අවුරුදු 50 ට පෙර තිබුණු පොරොන්දු දේශපාලනයමයි. දේශපාලනය හැර කිසිදා රැකියාවක් කර නැති ඔවුන් දන්නේ අරක්කු බෝතලේට බත් පැකට් එකට පස්සෙන් එන හෙන්චය්යන් පිරි ලෝකයයි . මේ නරක ඇසුරේ විෂම චක්‍ර යට හසුවන් ඔවුන් තමන්ට ඕනෑම දෙයක් කල හැකියි යන මුලාවේ ඉඳිමින් හැමදේම තම අනසක යටතට ගන්නට සිතයි. පසු ගිය කාලයේ එක්තරා ජනාධිපති කෙනෙක් කියා සිටියේ මේසන් බස් මිස ඉන්ජිනේරිවන් අනවශ්‍ය බවයි. ලෙඩ හොන්දවෙනවානම් දොස්තර නොව කන්කානම බෙහෙත් දුන්නත් කමක් නැති බවයි. එකල ප්‍රධාන ආරක්ෂකයට වඩා අරක්කැමියා ආරක්ෂාව පිලිබඳ තීරණ ගත් නිසා , ඔවුන්ට මහා මගදී වන්දි ගෙවන්නට සිදුවිය

  2. UNP GAL IBBA says:

    ඕක නොකොලොත් සංසරේ පුබ්බෝ ජෙට්ටා අංඤ්ඤකොරෝ අතකොරෝ වෙනවා නොවැ මොන ලෙල්ල හුටං සමික්‍ෂන දැම්මත් ගෝටා ලක්‍ෂ 72 ක් ගන්නවා ටොයි නලියන පු>>>කා ඒක සක්කරයටවත් නවත්තවන්න බෑ ?????

  3. Nim says:

    SUBA MANGALUM
    JAYAWEWA
    PRWESAM EN
    SRI LANKA WA
    ANAGATHAYA JAYA MAGATA

  4. ජෙප්පන්ට බඩ යනවාලු

  5. sathya says:

    Eda Maithree Rajapaksha’la gana kiyapu ewa dan waradida?
    Moda MY3 aayeth gon decision ekak aran.

  6. සීගිරි says:

    ජනාධිපතිවරණය පොදු ජනතාව රවටන විගඩමකි.
    බටහිර විසින් මෙහෙයවන රාමුවෙන් පිටත කිසිම ජනතාවගේ නායකයකුට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට බැරි ලෙස වැටවල් බැඳ ඇත.එයට නාමයෝජනා බාර දිය හැක්කේ මේ බටහිර අතකොළු පක්ෂයක් හරහා හෝ පාර්ලිමේන්තුවේ පා.ම මන්ත්‍රිධූරයක් දැරැවෙක්ට පමණි.ජනතාව සිහින මවන “සපුමල් කුමාරයෙක්ට” හෝ ස්වාධීන ජනතා නායකයකුට හෝ මේ ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දිය නොහැක.මෙහි කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.ජනතාව මේ බටහිර පිලිකුල් සහගත විගඩම වර්ජනය කර එය හාස්‍යයටත් පිලිකුලටත් ලක් කල යුතුය.මේ අනුව ජනතාවට සිය අභිලාෂයන් ඉටු කරගත හැකි එකම මඟ විප්ලවයක් පමණි.(සැ.යු මෙය ජවිපෙ හෝ පෙරටුගාමී නොවන මතයකි)

    • Ex JVP says:

      මේ කට් ඇන්ඩ් පේස්ට් කමෙන්ට් එක දැකල දැකල අප්පිරියයි බං. එක්කො පත්‍රිකාවක් ගහල බෙදපං. නැත්නම් වේදිකාවක නැගල කියපං. මේකෙ අලවන්නෙ නැතුව.

Main News