ජනපතිගේ නියෝගය නොතකා සක‍්‍රිය පොලිස් නිලධාරීන් පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. කාත්තන්කුඩි OIC කමිටුව හමුවේ කට උත්තර නැතිවෙයි…

June 18, 2019 at 10:29 pm | lanka C news
ජනපතිගේ නියෝගය නොතකා සක‍්‍රිය පොලිස් නිලධාරීන් පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. කාත්තන්කුඩි OIC කමිටුව හමුවේ කට උත්තර නැතිවෙයි…

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ එහි හිටපු ස්ථානාධීපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ විශේෂ තේරිම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

එහිදී කාත්තන්කුඩි ජනතාව හිස් ආවරණ වලින් තොරව යතුරුපැදි පැදවීම සහ සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරුණි.

එලෙස යොමුකළ ඇතැම් ප්‍රශ්න හමුවේ කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා නිරුත්තර වන අයුරු දක්නට ලැබුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත්කළ විහේෂ තේරීම් කාරක සභාව අද පස්වන දිනටත් රැස්වූණා.

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම් පී කස්තුරිආරච්චි සහ එහි හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර යන මහත්වරුන් අද කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණි.

පසුගිය 2017 වසරේ මාර්තු 10 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ ෂූෆි මුස්ලිම්වරුන් හා සහරාන් අතර ඇති වු ගැටුමින් පුද්ගලයින් 9 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත් සහරාන් පලා ගිය බවත් කාත්තන්කුඩි හිටපු ස්ථානාධිපතිවරයා පවසයි.

කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතා පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් මෙම අදහස් පළ කළේය.

සහරාන් ඇතුළු පිරිස තමා පෞද්ගලිකව හඳුනන බවත් පැවසු හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතා පැවසීය.

මාර්තු 10 වන දින විශාල ගැටුමක් ෂුෆි මුස්ලිම්වරුන් හා සහරාන් අතර ඇතිව තිබු බවත්, එය වාර්තා වී තමා ගොස් පුද්ගලයින් 9 ක් එදින හා පසු දින අත්අඩංගුවට ගත් බවත් පැවසු හිටපු ස්ථානාධිපතිවරයා, සහරාන් ඇතුළු විශාල පිරිසක් එනම් 150-200 ත් අතර පිරිසක් සිටි බවත් කියා සිටියේය.

සහරාන්, ඔහුගේ සහෝදරයා හා තවත් පුද්ගලයෙක් මෙම සිදුවීමත් සමඟ කාත්තන්කුඩි ප්‍රදේශයේන පලා ගිය බවත් හිටපු ස්ථානාධිපතිවරයා පැවසීය.

මෙහිදී සහරාන්ව අත්අඩංගුවට ඒ මොහොතේ පත් නොවීම ගැන අදහස් දැක්වු හිටපු ස්ථානාධිපතිවරයා කියා සිටියේ, වීඩියෝ දර්ශන මත පසුව ඔහුව සෙවු බවත්, ඒ මොහොතේ කලබල කළ අය පමණක් අත්අඩංගුවට ගත් බවත්ය.

සහරාන් ඇතුළු පිරිස ආයුධ පරිහරණය කළ එකම අවස්ථාව මෙය බව ද ඒ මහතා පවසා සිටිය දී කමිටු සමාජිකයින් කියා සිටියේ, මෙවැනි විශාල ව්‍යවසනයක් ගැන පැමිණිලි කරද්දිත් නිහඬව සිටියේ මන්ද යන්නයි.

ෂුෆි මුස්ලිම්වරුන් එදා පැවසු තත්ත්වයට පිළියම් සොයා තිබුණේ නම් අද දවසේ මෙවැනි විශාල අපරාධයක් වර්ධනය වන්න ඉඩ නොතිබීමට තිබුණු බව ද ඔවුන් හිටපු ස්ථානාධිපතියවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

ඒ කාලයේ දී නිකායන් අතර ගැටුම් තිබුණු බවත් සහරාන් වඩා ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බවත් පැවසු ඒ මහතා,2015 මහ මැතිවරණයට සහරාන්ගෙන් බලපෑම් එල්ල නොවු බව ද සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්න කියලා 2017 සහරාන්ව පැවසුවත් එවැනි දෙයක් සිදු නොවු නිසා මෙවැනි තත්ත්වයක් ඇති වු බව පිළිනොගන්නේ දැයි රවී කරුණානායක මහතා හිටපු ස්ථානාධිපතිවරයා පැවසීය.

සහරාන් ගෙවල් 120 ක් ගිනි තිබ්බා මුකුත් කරේ නෑ පසුව සහරාන්ව අල්ලන්න ගිය පොලිස් ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබා දුන් බව පිළිබඳ අසාද් සාලි මහතා සාක්ෂි දෙමින් පවසා ඇතැයි කමිටුව හිටපු ස්ථානාධිපතිවරයාගෙන් අසා සිටියේය.

එහිදී හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ, තමාගේ වසර 3 කාලය අවසන් බැවින් මාරු වීම හිමි වු නමුත් සහරාන් අල්ලන්න ගොස් එවැන්නක් සිදු නොවුන බවයි.

මෙහිදී අබ්දුල් රසික් සම්බන්ධයෙන් තොරතුරු දන්නේද යනුවෙන් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර සිටිමේ දී හිටපු ස්ථානාධිපතිවරයා නිහඬව සිටි නමුත් කිසිවක් ප්‍රකාශ කළේ නැත.

පසුව ඔහු එවැනි පුද්ගලයෙක් ගැන නොදන්නා බවත්, 2015 ජනාධිපතිවරණ සමයේ දී සහරාන් ගනු දෙනු කල කිසිවක් තමා නොදන්නා බවත් පැවසීය.

2014 – 2017 කලාපයේ ආරබිකරණය ගැන කැපී පෙනෙන වර්ධනයක් තිබු බවත් පැවසු මුස්ලිම් දේවස්ථානයේ ලේකම්වරයා කියා සිටියේ එය හිස්බුල්ලාගේ පාලන සමයේ සිදු වු බවත් යැයි ප්‍රශ්න කිරීමේ දි හිටපු ස්ථානාධිපතිවරයා කියා සිටියේ, ඔහු පමණක් එම පළාත පාලනය කල බවයි.

– adaderana

65,654 Viewers

13 Comments to “ජනපතිගේ නියෝගය නොතකා සක‍්‍රිය පොලිස් නිලධාරීන් පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. කාත්තන්කුඩි OIC කමිටුව හමුවේ කට උත්තර නැතිවෙයි…”

  1. gamarala says:

    `ජනපතිගේ නියෝගය නොතකා

    දයාසිරි කියනවා `ජනපති නැවතත් ජනාදිපතිවරනයට ඉල්ලනවලු

  2. Saali & Rishad Comapany says:

    ඔය ප්‍රශ්නකරන කන්ඩායමේ ආණ්ඩුවෙන්ම තමයි
    ඔය පොලිස් නිලධාරින්ට නිහඩව රාජකාරි කරන්න
    නියෝග දිලා තියෙන්නෙත්

  3. Kule says:

    අපිට මේ ආණ්ඩුවෙන් කොහොමත් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මහින්ද උන් ඉල්ලන හැම දෙයක්ම දුන්න, විශේෂයෙන් මෙතන හකීම් ගේ සැලසුම් කල්පනා කාරී වෙන්න ඕන, Example: නීතිය ඒ අන්තවාදියා යටතේ තියෙන කොට සිදු වුනු අකටයුතුකම් බැලුවේ නැහැ, උන් කොහොමත් රට අල්ලන Game එකේ එදා ඉඳන් හිටියේ, මහින්ද චන්දය පරදින්න එක හේතුවක් මේ මුස්ලිම් support එක. හොරකම මන් නම් එච්චර ගණන් ගත්තු දෙයක් නෙමෙයි. මහින්ද විශේෂයෙන් වග කියන්න ඕන උන්ගේ චන්ද වලට නියපොත්තෙන් කඩන්න තිබුණු එක පොරවෙන් කපාගන්න බැරි තත්වෙට පත් කරපු එක ගැන. මහින්ද තවම උන්ගේ චන්ද බලාගෙන ඉන්නෙ. බදුර්දීන් හැදුවේ කවුද?

    • jhon says:

      Badurdeen haduwe uge ammai thaaththai. Modayek wage hithanna epa oowa haduweth mahinda kiyala

    • Kings says:

      ඉතින් කලුවෙ මේ ඔක්කොම වැරදි නිවැරදි කරනව කියලනෙ ජඩපාලනය ගෙනාවෙ. උන් මොනවද කලේ.

    • Pal says:

      To stop Mahinda going after Extreme Muslim leaders , We as Sinhalese should get together around Mahinda.
      Secondly we should respect and get involved the real Srilankan Tamils and Muslims with the new leaderships.
      We love our country and ready to live peacefully with all races and religious.

  4. Saman Adikari says:

    President and Prime-Minster both are failure to take action against Muslim Terrorist.
    Because UNP wanted keep majority on Parliament by Muslim Ministers and MPs in Parliament support for good governance and rule of Law in Sri lanka.All in all terrorist are behind UNP by JVP ,TNA+LTTE and Muslim ISIS are backing for Ranil Wicks govt. to survival on.
    That is/was key reason that MUSLIM Terrorist remain in uncovered by Police under govt of Ranil Wicks of UNP? CIA advice to both of RW and CBK to support for ISIS.

  5. dinesh says:

    Napunsaka anduwa

  6. Huta says:

    Police kiwwata maha kabbek wage

  7. SL says:

    දැන් අත් අඩංගුවට අරගෙන ඉන්න සැකකරුවන් ගැන සාලි,හකීම් පවසන්නේ ඔවුන් නිවැරදි කරුවන් බවයි. හිස්බුල්ල ප්‍රසිද්ධියේම කීව NTJ මෙම ප්‍රහාරයට සම්භන්ද නැති බව. එවැනි තත්වයක් යටතේ එසේනම් ප්‍රහාරයට පළමුව සහරාන් අල්ලුවානම් ,?? ………………….

  8. Gemunu says:

    මෙම සිදුවීමට වගකිව යුතු අය සොයා ගැනීමට නම් මෙම සිදුවීමට සම්බන්ධ අයගෙන් නැතුව වෙන කාගෙන් හරි ප්‍රශ්ණ අහල හරියනවද?

  9. Karma says:

    Muslimla lokema allanna hadanawa. Americawa Europe ekka ekathuwela munge ratawal winasha karanne menisa thamai. Muslimla lamai bokaragaththa Kiyala ratawal allagaththa kiyala munta kawadawath sathutin inna denne naha Americawa.munge janagahanaya yuddawalin adukaranawa.

  10. මේ පොලිසියේ බල්ලන්ගේ බැංකු acc අ අනෙකුත් වත්කම් සියල්ලම සොයාබැලිය යුතුයි.මුන් මෙච්චරටම ජාතිය පාවාදීල සල්ලි හෙව්වේ කොහොමද කියල බැලිය යුතුයි . මුන්ට එහෙම අයතා ලෙස උපයාගෙන තියෙනවනම් රජකාලේ දඬුවම් දිය යුතුයි

Main News