ජනපතිගේ නියෝග තුට්ටුවකට නොතකයි.. පත්වීම් නැති හිටපු අධ්යක්ෂවරු වැඩ..
December 24, 2018 at 1:20 pm | lanka C news
රාජ්‍ය මාධ්‍ය ආයතනවලට කිසිදු පත් කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාට ගිය සතියේ උපදෙස් දී තිබිණි.
රාජ්‍ය මාධ්‍ය ආයතන ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කරන තුරු රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සභාපතිවරු , අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ අනෙකුත් කිසිදු පත් කිරීමක් හෝ ඉවත් කිරීමක් නොකරන ලෙස ගිය සිකුරාදා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාට ජනාධිපතිතුමා මෙම උපදෙස් දීම සිදු කර තිබිණි.
පසුගිය සතියේ ලේක්හවුස් ආයතනයට එහි හිටපු සභාපතිවරයා කිසිදු පත් වීමක් නොමැතිව ඇතුළු වී නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමග ජනාධිපතිතුමා මෙම උපදෙස් දීම සිදු කර තිබිණි.
ජනපති මෛත්‍රීගේ මෙම උපදෙස් දීම තුට්ටුවකට ගණන් නොගෙන ගිය 22 වැනිදා සෙනසුරාදා දිනයේ ලේක්හවුස් ආයතනයේ හිටපු කර්තෘමණ්ඩල අධ්යක්ෂවරයකු වත්මන් නීතී අධ්යක්ෂවරයාගේ නිල කාමරයට ගොස් පුවත්පත්වලට උපදෙස් දෙමින් කටයුතු කර තිබේ.
එහි ආසන්නතම අවස්ථාව වන්නේ 12/23 දා ඔබ්සවර් පුවත්පතේ මුල් පිටුවේ ව්‍යවස්ථාදායක සභාව පිළිබද ජනාධිපතිතුමාට හානිදායක පුවතක් පළ කර තිබීමය.
එමෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු මුල්‍ය අධ්යක්ෂවරයකු ගිය සිකුරාදා ලේක්හවුස් ආයතනයට පැමිණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් වෙත උපදෙස් දී ඇත්තේ පසුගිය මෛත්‍රී – මහින්ද දින 56 ආණ්ඩුව අතරතුර සේවා අවශ්‍යතා මත ලබා දී තිබු සේවක උසස්වීම් 19 ක් අවලංගු කිරීමට වාර්තාවක් සකසන ලෙසය.
ලේක්හවුස් සේවකයන් පවසනුයේ දැන් ජනපති මෛත්‍රීගේ උපදෙස් හිටපු පාලනාධිකාරිය තුට්ටුවකට මායිම් නොකරන බවය.
Niyami. Kapuwa Wamaranna dan.
ජනාධිපති ව්‍යවස්ථාව කඩලා දැන් නීතිවිරෝධී ජනාධිපති වෙලා ඉවරයි. එයාගෙ නියෝග රටට වැඩක් කරන්න නෙවෙයි, එයාගෙ වාසියට. එයා උඩපැන්නට දැන් කොරන්න පුලුවන් දෙයක් නෑ. එයාට අදාල නැති අමාත්‍යාංශ තියාගන්න ගියොත් ආයෙම සිරා ඇනගන්නවා කඳ හරහටම.