ජනපතිගේ පින්තූර විකෘති කරන ෆේස්බුක් ගිණුම් අවහිර කරයි..
June 17, 2017 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූර විකෘති කර ෆේස්බුක්හි පල කලහොත් එම ගිණුම් අවහිර වනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.
ජනාධිපතිවරයාගේ පින්තූරවල අයිතිය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මුදල් ගෙවා ලබා ගෙන ඇතැයිද විකෘත් කරන ලද එම පින්තූර පල කරන ගිණුම් සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කිරීමෙන් පසු වසා දමා ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පින්තූර විකෘති නොකර යොදා ගන්නේ නම් ගැටළුවක් නොවනු ඇතැයිද තව දුරටත් සදහන්ය.