ජනපතිගේ ප‍්‍රකාශයට දිනක් යන්න පෙර කතානායකගෙන් නිවේදනයක්..

February 1, 2018 at 4:40 pm | lanka C news
ජනපතිගේ ප‍්‍රකාශයට දිනක් යන්න පෙර කතානායකගෙන් නිවේදනයක්..

බැදුම්කර විවාදය පැය කිහිපයක් පමණක් සිදු කිරීමෙන් පලක් නැතැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කිරීමෙන් පසු එකී විවාදය ගැන අදහස් පල කරමින් කතානායක කරු ජයසූරිය මහතා විසින් පැහැදිලි කිරීමක් කර ඇත.

එම පැහැදිලි කිරීම අඩංගු නිවේදනය මෙසේය.

මෙම මස 06වන දින මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවන් පදනම් කර ගනිමින් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය සම්බන්ඳව ඇතැම් මාධ්‍ය දක්වා ඇති කරුණු පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කල යුතුව ඇති බව පෙනී යයි.

අදාල වාර්ථාවන් පිළිබඳව විවාදය සඳහා දින නියමකර ගැනීමේ දී මැතිවරණ ක්‍රියාවලියටද බාදාවක් නොවන පරිදි කටයුතු කල යුතුව තිබූ බැවින්, බහුතර පක්ෂ නායකයින්ගේ එකඟතාවය අනූව පෙබරවාරී 06 වන දින ඊට යොදාගනු ලැබුවද එදින එම විවාදය සම්පූර්ණයෙන්ම පවත්වා අවසන් වන බව ඉන් අදහස් නොවේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අදහස් පරිදි ඒ සඳහා අවශ්‍ය තරම් ඉදිරි දින යොදාගැනීමේ හැකියාව පවතී, කෙසේ නමුත්, පෙබරවාරී 06 විවාදය සඳහා යොදාගැනීම පිළිබඳව තීරණය කරන ලද්දේ 2018.01.30 දින පැවැති පක්ෂ නායක රැස්වීමේ දීය.

ඊට පෙර ඒ සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් යෝජනා කර තිබූ දිනය මැතිවරණ ක්‍රියාවලිය සමඟ ප්‍රායෝගික අපහසු වන බව මැතිවරණ කොමිසන් සභාව විසින් පෙන්වා දීමේන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් විසින් විකල්ප දිනයක් ලෙස පෙබරවාරී 06 සලකා බැලිය හැකි බව පෙන්වා දෙන ලදි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා ද ඊට එකඟතාවය පල කල අතර, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයා ද එදින විවාදය සඳහා තම පක්ෂය සූදනම් බව දැන්වීය.

මෙම බහුතර අදහස පිළිබඳව ගරු අග්‍රාමත්‍යතුමා දැනුවත් කරන ලද අතර, ඒ පිළිබඳව සිය එකඟත්වය පලකල එතුමන් ජනවාරී 06 දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස ස්ථාවර නියෝග අංක 14 යටතේ අග්‍රාමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කථානායකවරයාගෙන් නිලවශයෙන් ලිඛිතව ඉල්ලා සිටින ලදී.

මේ අනූව පෙබරවාරී 06 දින විවාදය සඳහා පාර්ලිමේන්තුව කැදවනුයේ බහුතර පක්ෂනායකයින්ගේ එකඟත්වයෙන් බවද, එදින විවාදය පැවැත්වීමෙන් පසු පක්ෂනායකයින්ගේ එකඟතාවය පරිදි අඳාල කරුණු සම්බන්ඳව විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදාගැනීමේ බාදාවක් නොපවතින බවද දැනුම් දෙමු.

– කථානායක මාධ්‍ය අංශය

12 views

8 Comments to “ජනපතිගේ ප‍්‍රකාශයට දිනක් යන්න පෙර කතානායකගෙන් නිවේදනයක්..”

  1. john the baptice says:

    Do not trust him

  2. daminda says:

    wamatha-dakuna nodana gamana………………

  3. NAK says:

    One thing is for sure. There won’t be any debate on the 6th.

  4. බබා උක්කුන් says:

    රනිල් ලියල දෙන දෙය කියවන රනිල් කියන වෙලාවට ඇස් පෙන්නේ නැති, රනිල්ට ඕන වෙලාවට කන් ඇහෙන්නේ නැති, රනිල් අත ඉස්සුවම දිව ගොළු වෙන රූකඩයක්

  5. Lanki says:

    Bandumkara debate eke di Gotabayata rakavaranaya deepu ganath debate karanna oni.

  6. Lion says:

    “ඒකාබද්ධ විපක්ෂය” කියල එකක් තියනව කියල පිලි අරන් නේද? ඉතින් කෝ විපක්ෂ නායක කම?

  7. Sam Fernando says:

    The first puppet Speaker in Sri Lanka parliament history. He and his service will be written in history.

  8. කක්කා කප්පරක් කාපු එකා says:

    අපායේ පුරප්පාඩු ඇත. ඉක්මනට පල.

Main News