ජනපතිගේ ප්රකාශයට විරෝධය.. දිල්රුක්ෂි අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්වේ.. ආණ්ඩුව අවුලෙන් අවුලට..
October 17, 2016 at 1:26 pm | lanka C news
දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇගේ ඉල්ලා අස්වීම පිලිගෙන ඇතැයිද වාර්තා පල වෙයි.
තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බව තහවුරු කරන දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය ඒ පිළිබඳ වෙනත් කිසිවක් පැවසිය නොහැකි බවද සදහන් කරයි.
කෙසේ වෙතත් අල්ලස් කොමිසම CID, FCID යන ආයතන දේශපාලන උවමනාවන් මත කටයුතු කරන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්රකාශය නිසා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මියට එරෙහිවද එම කොමිසමටම පැමිණිලි කිහිපයක් යොමු කර තිබුණද ඒ ගැන පරීක්සණ වූ බවක් වාර්තා නොවීය.