ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය කැළඹේ.. යුද වදින්න අගමැති මැදුරේ වහා කදවුරු බදී..

October 13, 2016 at 4:05 am | lanka C news
ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය කැළඹේ.. යුද වදින්න අගමැති මැදුරේ වහා කදවුරු බදී..

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID, FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ගැනත් ජනාධිපතිවරයා ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයක් සමගින් ආණ්ඩුව අතුලේ අර්බුධකාරී තත්වය උත්සන්න වී තිබේ.

මතුව ඇති තත්වය ගැන සාකච්චා කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ පස්වරුවේ එජාප මැති ඇමතිවරැන් රැසක් කැදවා තිබින.

පොලීසිය හරහා සිදු කරන ඇතැම් කටයුතු මගින් තමන් අප‍්‍රසාදයට පත් කිරීමට එජාපය කටයුතු කරතියි ජනාධිපතිවරයා කල්පනා කරන නිසා මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බවද දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ කතාබහක් ඇතිව තිබේ.

119 views