ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය ඇවිලේ.. දෙකඩ වී බැණ ගනිති.. රනිල් පුටුව අත නාරී…

November 26, 2018 at 10:00 am | lanka C news
ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය ඇවිලේ.. දෙකඩ වී බැණ ගනිති.. රනිල් පුටුව අත නාරී…

කිසිම හේතුවක් මත රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වතාවක් අගමැති ධුරය ලබා නොදෙන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයක් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට දැඩි කැළඹීමකට ලක්ව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

පක්‍ෂයේ අනාගතය ගැන සිතා රනිල් වික්‍රමසිංහ මහතා වහාම නායකත්වයෙන් ඉවත් වී නායකත්වය සහ අගමැති ධුරය වෙනත් අයෙකුට ලබා ගැනීමට ඉඩ සැලසිය යුතු බවට එක් පාර්ශවයක් පවසද්දී අනෙක් පාර්ශ්වය සඳහන් කරන්නේ මෙය එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අටවන ලද උගුලක් නිසා ඊට හසු නොවී සිටිය යුතු බවටයි.

කණ්ඩායම් දෙක තුළ ඇතිව තිබෙන දැඩි මත ගැටුම් හේතුවෙන් පක්ෂය තුළ ඇතිව තිබෙන්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් හෝ අගමැති අපේක්ෂකත්වයෙන් හෝ ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බවත් එය තවදුරටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මත තීරණය කිරීමට ඉඩ දීමට ඔහු විසින් කටයුතු කිරීමට පෙළඹී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

0 views

16 Comments to “ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය ඇවිලේ.. දෙකඩ වී බැණ ගනිති.. රනිල් පුටුව අත නාරී…”

  1. පොඩි එකා says:

    මාස හයට දෙපාරක් මහ බැංකුව කොල්ල කාපු කෙනෙකුට මොළ කඳුලක් තියෙන අයෙකුට අගමැතිකම දෙන්න පුළුවන්ද..?

  2. එජාප සුමිතුරු says:

    මුන් හදන්නේ රනිල් වික්‍රමසිංහ ඉවත්කිරීම කියලා එජාපය අනිවාර්යෙන් දෙකඩ කරන්න .මොනවා උනත් සිරිසේන ආණ්ඩුව unp එකට දෙන්නේ නෑ .ඔය හදන්නේ එජාපය විනාශ කරන්න .පක්ෂය ඇතුලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැරුනම වෙන සුදුසු කෙනෙක් නෑ නායකත්වයට . සජිත් නායකත්වයට ගෙන්න හදන සමහරුන්ගේ ප්ලැන වෙන එකක් .සජිත් දුර්වල කෙනෙකු නිසා ඔවුන් බලන්නේ සජිත්ව ඉස්සරහින් දමාගෙන ඔවුන්ට අවශ්‍ය දේවල් කරගන්න .සජිත් නායක උනොත් එජාපය තවත් අරාජික වෙනවා .
    නවින් දිසානායක සජිත්ට වඩා ගොඩක් දක්ෂයි ඔහුට පක්ෂයේ ජෙෂටය්න්ගේ සහය තිබෙනවා .
    මෙනිසා වඩාම හොඳ කල්ලි ගැටුම් වලට ඉඩ නොතබා වික්‍රමසිංහ මතිතුමා ඉදිරියටත් එජාප නායකයා ලෙසත් අගමැති අපේක්ෂයා ලෙසත් සිටීම .වික්‍රමසිංහ මැතිතුමා නැති එජාපයකට සුළු ජාතික චන්ද සහ ඉහල පන්තියේ හා ඉහල මද්යම පන්තියේ සහය ලැබෙන්නත් නෑ.සජිත් කෙරෙහි සුළු ජාතිකයන්ගේ විශ්වාසයක් නෑ ප්‍රේමදාස නිසා ඉහල පන්තිය සජිතට චන්දෙ දෙන්නේ නෑ.එජාපය සජිත්ට ගියොත් පක්ෂය සිසිකඩ වෙන එක නවත්තන්න ලැබෙන්නේ නෑ.එජාප නායකයිනි කිසිසේත් මේ වෙලාවේ නායකත්ව වෙනස්කම් කරන්න එපා .මේ නායකයෝ මාරු කරන වෙලාවක් නෙවෙයි නායකයෝ මාරුකරනවිට ඇතිවන තත්වයන් උඩ තව අපේ අය බාගන්න සිරිසේන මහින්ද හවුලට අවස්ථාව ලැබෙනවා

    • චන්ද්‍රසේන පණ්ඩිතගේ says:

      අඩු තරමින් මත්තල ගුවන් තොටුපටයි, කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තයයි ඉන්දියාවට විකුණගන්නකම් රනිල්ට අගමැති කමේ තියාගන්න තිබුනා.

    • ඉතින් උඹේ පුපේ ඉත්තෑවො යනවද.උඹ ඉල්ලපන්කෝ අගමැටි කම රටේ ඉතුරු බැංකු ටිකත් හොරා කන්නද පොනිලාවම ගේන්න දගලන්නේ.පජාති සමනළයා .

    • habeeb says:

      Correct

  3. kamal says:

    කමල් නිපුණත්වය දරණ කේෂ්ත්‍ර 26
    1 ආගමික කටයුතු
    2 ජාතික හා භෂා කටයුතු
    3 සංස්කෘතික කටයුතු
    4ගොඩනැගිලි විද්‍යාව
    5කෘෂිකර්මාන්තය
    6ප්‍රවාහන හා ජලජ සම්පත් විද්‍යාව මෙහිදි සියලුම ජලජ ජිවින් සුරක්ෂිත කරනු ලැබේ නමුත් කපටි ලෙස ඉස්සො ඇතිකරන අයට බදු අයකරයි. නමුත් කෘර ලෙස මාලු අල්ලන අයට දඩුවම් කරනවා වෙනුවට බදු අය කරනවා නමුත් මාලු නිස්පාදනය බුදු දහම විස්වාස නොකරන අයට පමණක් කිරිමට ඉඩ දෙයි. නමුත් මාලු අලෙවිය සිංහල අයගෙ අධිකාරිය යටතේ පවතත්වගෙනෙ යයි නමුත් කෘර ලෙස මාලු අල්ලන අයට පින් කම් කිරිමට අවස්ථාව ලබා දේ. නමුත් මාලු ඕන්නෙ නැ කියන ත්තවයට රට 2025දි ගේනු ලැබේ. මිට කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හා කමල්

    • මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

      කමල් කියන්නෙ පිස්සෙක්ද​?පොඩ්ඩක් හොයල බලන්න​.

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    UNP dekada kireeme pradana naluwan wenne Balaya wenuwen porakana SAJITH PREMADASA Saha Maitreepala sirisena.

  5. බන්ඩා says:

    රනිල් මැරෙනකම්ම එජාප නායකයා සහ සජිත් උප නායක බව රනිල්ගෙ සමනල ගජමිතුරු තල්ලිය තීරණය කර ඇත. ඊටපස්සෙ අකිල.

  6. KP says:

    අනේ මේ! ඔය ඇවිලෙන කතාව දැං කෝච්චර දවසක් තිස්සේ කියනවද….ඒත් තාම unp එකෙන් 11 දෙනෙක් බාගන්න බැරිව නෙ ඉන්නෙ ආන්ඩුවට… කොච්චර වුනත් තානාපති ඩොලර් වල බලය වැඩියි

  7. Puransisku says:

    එජාපයේ නායකයා තෝරන්නේ එහි සාමාජිකයින් නොවේ. ඔවුන් කර්න්නේ දිවි පරදුවට තබා පක්ශය රැකීමය. නායකයා තෝරන්නේ ද්‍රවිඩ හා මුස්ලිම් බිස්නස් කාරයින් ය. එජාපය වියදම් කරන්නේ ඔවුන් දෙන සල්ලිය. මොවුන් කිසිදිනෙක සජිත්ට කැමති නැත. තාත්තා මැරූ නිසා සජිත්ද මොවුන්ට කැමති නැත. සජිත් මහින්දට එක් වුවොත් දෙමල මුස්ලිම් කතෝලික සල්ලි ඔනෑ නැත. එසේ වුවහොත් ජෙප්පන්ට කුරුට්ටන්ට වෙන්නේ බඩගින්නේ නහින්ටය. නැත්නම් ගැහැනුන්ගේ මාල කඩන්ටය. සජිත් නම් තිමින්ගලයාට සිටිය හැක්කේ පොදු පෙරමුන නම් මහාසාගරයේය.

  8. ගලබොඩ අත්තේ චමින්ද says:

    ජනාධිපති සිරිසේනගේ ප්‍රකාශ දෙකේ පන්තියේ ළමයෙක් වත් විශ්වාස කරන්නේ නැහැ. විධායක ජනපති හැටියට ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලය 4% යි. කිවිවේ කොහොමද?. අනුන්ගේ පක්ෂ කඩන්න කලින් තමන් කෙලින් හිටගන්න. ඔය තැනට එන්න අත දුන්න රනිල්ට මෙහෙම ගහනවානම් අනිත් අයට කොහොම නොකරයිද?. ලොව බිහිවූ පැහැජාතතම ගුණමකුම මිනිහා

    • කිඹුලා says:

      එතකොට එච්චර ගුණමකු මිනිහෙක් උඹලා පොදු අපේක්ෂක කර ගත්තෙ මොකෝ හරකො ?රනිලා ඊට අන්ත නිසාද?😜

  9. නවීන් දිසානායක තමයි සුදුසුම සුදුස්සා ඔය කියන එක ගොබ්බයකු නොව උන්නැහේගේ තත්තා ගාතනය කොර නිසා නිසි පිලිතුරක් දෙනුඇත චුඇන්පිය ගොඩ නගන්නනම් නවීන් වගේ මහත්මා ගතිගුන තියෙන නිර්බය පුද්ගලයෙකු අවෂ්‍ෂ්‍ය නැතුව කෙසෙල් වත්තේ ලැවරිය නිදන් හොරෙකු නොව ??????

  10. Totoo says:

    පිස්සු පුසා අඉන් උනොත් සමනලුන්ට මොකද වෙන්නේ

Main News