ජනපතිගේ ප‍්‍රකාශයෙන් තවත් ලොක්කෙක් කැළඹෙයි.. දේශපාලන රැකවරණ ඉල්ලා රටින් පනින්න යයි..

October 20, 2016 at 1:02 am | lanka C news
ජනපතිගේ ප‍්‍රකාශයෙන් තවත් ලොක්කෙක් කැළඹෙයි.. දේශපාලන රැකවරණ ඉල්ලා රටින් පනින්න යයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 12 වැනිදා සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය හේතුවෙන් ජනාධිපතිවරයාගේ විවේචනය එල්ල වූ ආයතනයක ප‍්‍රධානියෙක් කඩිමුඩියේ විදෙස්ගත වීමට සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයද උපුටා දක්වමින් ඔහු මේ වන විටත් යුරෝපා රටක දේශපාලන රැකවරණ ඉල්ලා අතැයිද දැනගන්නට ඇත.

ආණ්ඩුවේ ඇති වී තිබෙන ව්‍යාකූළ තත්වය මත තම පුද්ගලික ආරක්‍ෂාව පතා අදාල ඉහල නිලධාරියා විසින් මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වයි.

0 views

5 Comments to “ජනපතිගේ ප‍්‍රකාශයෙන් තවත් ලොක්කෙක් කැළඹෙයි.. දේශපාලන රැකවරණ ඉල්ලා රටින් පනින්න යයි..”

  1. singha01 says:

    මේ රටට පහුගිය කාලෙ කරපු විනාසෙ තරම, කරපු එවුන් දන්නව. තව ගොඩක් අයටත් යන්න රටක් හොයාගන්න වේවි ඉදිරියට. ජනතාවර බදු බර පටවල සුර සැප විඳිමින් ඉන්න තක්කඩි රැලට, ජනතාවගෙ කෝපය පුපුරා යන දවසක ප්‍රතිපල ලැබෙයි. එදාට ඉස්සර පැනගන්න රටක් හොයාගන්න වෙනව. ඒ පැන්නත් ජීවිතේම පිටිපස්ස බල බල බයෙන් ඉන්න වෙන්නෙ. දිඨ්ථ ධම්ම වේදනීය කර්ම !

  2. chocolat_baba says:

    kooo mee yahapalanam ayya hangilaada??? koo mee mahaacharya kiyana unn???

  3. Micro Man says:

    ඕක ඔක්කොම රඟපෑම් පමණයි.මුන් දැන් ආයෙත් අලුත්ම ගේමකට එන්ඩයි මේ හදන්නෙ.සිරිසේන ජනාධිපතිවරයා පහු දේශමාමකත්වයක් මවාපාලා කට වරද්දවා ගත්තු විත්තිය දැන් මෑන්ටත් හොඳහැටි තේරිලා ඉවරයි.දැන් ඔහු තම යමපාලන හෙන්චයියෝ ලවා උත්සහ කරනවා ඒක නිවැරදි කරන්ඩ.උන් කරන්නෙ තමුන් මොකුත් නොදන්න තොත්ත බබ්බු බවට පත්වෙලා අලියාගේ හම ගැලීවීමට උත්සහ කරන එක.ඔය විවිධාකාර පාන්කඩයන්ගෙයි අහවල් එක අද ලෙල්ලටම රත්වෙලා තිබෙන්නෙ වෙන මොකුත් නිසා නෙමෙයි.හිටපු ආරක්ෂක ලේකම්වරයා නිසා.හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා තම සුහච කීකරු සිරිසේන තුමන්ගේ ශ්‍රී මුඛයෙන්ම කියවුණු නිසා.හිටපු ආරක්ෂක ලේකම්වරයා රාජපක්ෂවරයෙකු නිසා.

  4. Hitan gedara appuhami says:

    FCID Chief ?????…..

  5. SI Banda says:

    මුස්ලිම් මිනිහව මරපු මිනී මරුවො දෙන්න ස්ටේට් විට්නස් කරවල කොහෙවත් හිටපු තම හතුරා වන වාස් ගුණවර්ධනව මිනී මැරුමට අහු කරල පෝරකේට යවන්න බොරු සාක්කි හදපු තිරිසනා ද ?

Main News