ජනපතිගේ ප‍්‍රකාශය එජාපය අනුමත කිරීමෙන් රතු අලි පැටවු, සිවිල් සංවිධාන හද්දා අමාරැවේ.. මාධ්‍ය හමු අවලංගු කරයි.

October 15, 2016 at 10:40 am | lanka C news
ජනපතිගේ ප‍්‍රකාශය එජාපය අනුමත කිරීමෙන් රතු අලි පැටවු, සිවිල් සංවිධාන හද්දා අමාරැවේ.. මාධ්‍ය හමු අවලංගු කරයි.

අල්ලස් කොමිසම FICD DID යන ආයතන දේශපාලන අතකොලූ ලෙස කටයුතු කරමින් ඇත්තේ යයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය එක්සත් ජාතික පක්‍ෂයද අනුමත කිරීමත් සමග එජාපය වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධාන හා ජනතා විමුක්ති පෙරමුණ බලවත් අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වෙයි.

සිවිල් සංවිධාන විසින් මාධ්‍ය හමු කැදවමින්ද ජවිපෙ මාද්‍ය නිවේදන නිකුත් කරමින්ද ජනාධිපතිවරයා එකී ප‍්‍රකාශය කිරීම දැඩිව විවේතනය කල පසුබිමක එජාපය විසින්ද ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය අනුමත කිරීම තුල ඔවුන් මහත් වියවුලකට පත්ව සිටිකැයිද සදන්ය.

ඒ අනුව අද හා හෙට දිනයේ සිවිල් සංවිධාන කිහිපයක් විසින් කැදවීම සූදානම් කර තිබූ මාධ්‍ය හමු කිහිපයක්ද අවලංගු කිරීමට කටයුතු කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා කරන ලද ප‍්‍රකාශය අගමැති රනිල් වික‍්‍රමසිංහගේත් ස්ථාවරයම බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් මෙම තත්වය මතුව තිබේ.

41 views