ජනපතිගේ ප‍්‍රකාශය චීනයට කළු පැල්ලමක් යයි ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රමුඛව වාර්තා කරයි.. චීනය කැළඹෙයි..

September 20, 2019 at 3:26 am | lanka C news
ජනපතිගේ ප‍්‍රකාශය චීනයට කළු පැල්ලමක් යයි ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රමුඛව වාර්තා කරයි.. චීනය කැළඹෙයි..

කොළඹ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කර ඇත.

ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම චෝදනාව චීනයේ ප්‍රධාන සමාගමකට එල්ල වන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන චීනයේ වගකිවයුතු ආයතන කිහිපයකින් විමසුවද මෙතෙක් ඔවුන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බව එම මාධ්‍යවල සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය ලෝකයේ ප‍්‍රධානතම අයෝජකයා වන චීන රජයට ගෝලීය මට්ටමින් දැඩි කැළලක් වනු ඇති බවද දැක්වෙයි.

කෙසේ වෙතත් චීන සමූහාණ්ඩුව මෙය ඉතා බරපතල ලෙස සලකා ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා කොළඹ නෙළුම් කුළුණ විවෘත කරමින් කියා සිටියේ ඊට අත්තිකාරම් ලෙස රුපියල් බිලියන දෙකක් ලබාදුන් බවත් එම මුදල මෙන්ම එය ලබාගත් චීන සමාගම ද අතුරුදහන් වී ඇති බවයි.

42,026 Viewers

10 Comments to “ජනපතිගේ ප‍්‍රකාශය චීනයට කළු පැල්ලමක් යයි ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රමුඛව වාර්තා කරයි.. චීනය කැළඹෙයි..”

  1. මාතුපාල says:

    ජනපතිගේ අමූලික බොරුවෙන් කැලලක් ඇතිවුනේ චීනයට
    පමනක් නොවේ. එයින් ශ්‍රීලංකාවට ඇතිවූ කැලල අති මහත්!

    ලෝක ප්‍රජාව ඉදිරියේ ශ්‍රීලංකාවේ ජනපති පට්ට
    බොරු කාරයෙක්බව හෙලිවීමෙන් ඇතිවූ කැලල කිසිසේත්ම
    ලඝුකොට සැලකිය නොහැක.

  2. Porak says:

    චීන රට පට්ටම සාදාරන අය …පව් අප්පා…මුලු ලොවම දන්නවා…..අනුන්ගෙන් රටවල් වලින් උපායශීලීව සින්නක්කර ඉඩම් ගන්නෙ නැත …කාටවත් කොමිස් දෙන්නේ නැත ….අඩුම පොලියට නය පවා අපට දෙනවා ….පව් අප්පා චින රට යනු පොඩි බබෙක් වගේ …..

  3. chandapala says:

    මේ ඔටුන්න ඔලුවට බර වැඩ්යි ආයුබොවන්

  4. Disce ammata discede says:

    මෝඩ ගොනෙකුට මකරා ගැහුවට අපට කමක් නෑ , ප්‍රශ්නය වෙන්නේ රටටම වදින එක.

  5. නිමල් says:

    ගනන් ගන්න එපා. ඕහොම තමා අපේ නොදරැවාගේ කතා. තාමත් හිතා ගෙන ඉන්නෙ ගමරාල කියලා. අපි නම් එයා කියන ඒවා ගනන් ගන්නේ නැහැ. වයර් මාරැ

  6. Me3 says:

    ලංකාවේ අපටයි ලැජ්ජාව.
    ඒත් ඉතිං මොනවා කරන්නද?
    6.2M මෝඩ වහල්ලු කරපු තකතිරු වැඩේට හැමෝම විඳවනව.

  7. MD says:

    ME APPA JANADIPATI OHAMAMA TAMAI.WENASAK HITANNAWATH EPA.PAPUWA ATA GANAGAMAN PIHIYEN ANINAWA.KOI WIDIYAKIN HARI BALAYA GANNA HADANNE.CHINA JANATAWANI OBAGEN DAHAS WARAYAK SAMAWA ILLAMI.

  8. Gamarala says:

    ” Pina Walang Kadeta Panna Wage ” kiyuwata kamak naha,

  9. නෙවිල් says:

    ලංකාවේ අපටයි ලැජ්ජාව.
    ඒත් ඉතිං මොනවා කරන්නද?
    6.2M මෝඩ වහල්ලු කරපු තකතිරු වැඩේට හැමෝම විඳවනව

  10. මූ ට මුල්තැනක් දුන්නොත් එතන වර්චස්කරනවාමයි නෙලුමි කුලුනු මංගල්යත් කෑවානේ මෙිවායේ වස් රටට වැදෙනවාමයි. මූ කවදහරි යමලෝකෙට ආවොත් යමලොකෙත් ඉවරයි

Main News